ආධ්‍යාත්මික වැඩසටහන්

 

ආධ්‍යාත්මය

ආධ්‍යාත්මික වැඩසටහන්

හැඳින්වීම

      මාලබේ පිට්ටුගල පදිංචි ප්‍රියන්තා සේනානායක මහත්මිය සමග සම්බන්ධ වන නාථ දෙවියන් (මෛත්‍රී බෝධිසත්ත්වයින් වහන්සේ) ගේ ඉල්ලීමක් වුයේ සම්බුද්ධ ශාසනය පිරිහී ගිය මෙවන් යුගයක නැවතත් පිරිසිදු නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට සියළු සත්ත්වයන්ට උපකාර කළ යුතු බවයි. ඒ සඳහා 2009 අප්‍රේල් 04 වන දින එතුමියගේ නිවසේදී සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් භාවනා වැඩසටහනක් ආරම්භ කරන්නට යෙදුණි.
ධර්මය ලබාදීම සිදුකරනේ ප්‍රියන්තා මහත්මිය සමග සම්බන්ධ වූ නාථ දෙවියන්ය. මෙය මනුෂ්‍ය ලෝකයේ අපට අලුත් අත්දැකීමක් වුවත් සෑම කෙනෙක් සමගම සුහදව ධර්ම කරුණු සාකච්ඡා කරන විට බුද්ධ ධර්මය සරලව අවබෝධ කර ගැනීමේ හැකියාව ගොඩනැගිනි.        නමස්කාර පාඨයේ තේරුම, බුදුරජානන් වහන්සේට වැඳිය යුතු ආකාරය, “මම” කියන්නේ කවුද, තමුන්ව අවබෝධ කර ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද ආදී කරුණු අවබෝධ කර ගැනීම සඳහා භාවනා කළ යුතු ආකාරය පිළිබඳව උන්වහන්සේගෙන් අපට උපදෙස් ලැබිණි.       මූලික වශයෙන් සමථ භාවනාවත්, චිත්ත සමාධිය දියුණුවූ පසු විදර්ශනා භාවනාවත්, ඒ තුලින් නාම රූප අවබෝධය ලබාගැනීමත් සිදුවෙයි.මේ අයුරින් පසුගිය වසර කිහිපය තුලදී නාථ දෙවියන් විසින් පිරිසිදු ශ්‍රී සද්ධර්මය ලබා දීම නිසා චිත්ත සමාධිය දියුණු කරගත් පිරිසක් සහ එයින් ගොඩනැගුණු විදර්ශනා මාර්ගයට යොමු වුනු පිරිසක් ප්‍රියන්තා සේනානායක මහත්මියගේ නිවසේදී සෑම පොහොය දිනකදී මෙන්ම බදාදා දිනයන්හිදී සවස් වරුවේ පවත්වන භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙති. තවද, එම පිරිස සහ අලුතින් එකතු වන පිරිස් කොළඹ, කඩවත, කුරුණෑගල, අනුරාධපුර, මාතර, කඹුරුපිටිය, ලුණුගම්වෙහෙර, වැල්ලවාය, කරන්දෙණිය ආදී ප්‍රදේශ වල පැවැත්වෙන භාවනා වැඩසටහන් වලටද සහභාගී වෙති.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top