ආහාර හරහා

 

ආහාර හරහා රටට දුන් දායාද

මෙම වෙබ් අඩවිය මුලින්ම ආරම්භ කළ කාලයේ දී එනම් 2013 වසරේ නාථ දෙවියන් කියා සිටියේ රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගීන් සිටින්නාක් මෙන් රටේ අනෙකුත් ප්‍රදේශවල තවත් අවුරුදු තුනක කාලයක් ගතවනවිට පිළිකා, දියවැඩියාව, හෘද රෝග, අක්මාවේ රෝග ආදී රෝග ඉතා සීග්‍රයෙන් පැතිරී යන බවයි. මෙයින් මිදීමට ඇති එකම මග ලෙස පෙන්වා දුන්නේ වස විස නොයොදා සිදු කරන ආහාර නිෂ්පාදන ක්‍රමයක් රට පුරා ක්‍රියාත්මක කිරීම යි. අප මුතුන් මිත්තන් එදා පරිහරණය කළ ආහාර නිසා නිරෝගී දීර්ඝායුෂ විඳි මිනිසුන් අපේ රටේ ජීවත් වූ බව අපි දනිමු. එම හෙළ ආහාර රටාව නැවතත් ගොඩ නගා අපගේ දරු පරම්පරාව පවා අද සීග්‍රයෙන් ගොදුරු වෙමින් සිටින මෙම රෝගයන්ගෙන් ජාතිය මුදවා ගැනීම උදෙසා කටයුතු කළ යුතු ආකාරය අප අවබෝධ කර ගත යුතුමය. හෙළ සුවය හරහා දායාද කර දී ඇති වස විස නොයොදා වගා කරන හෙළ ගොවිතැන් තාක්ෂණයත්, ඒ හරහා නිපදවෙන වස විසෙන් තොර පාරම්පරික ආහාරයත්, ආහාර සැකසීමේ හෙළ තාක්ෂණයත් තුලින් නිරෝගී ජාතියක් බිහි කිරීමේ ඉලක්කය කරා යන ගමන හෙළ සුවයෙන් පිදෙන  ඖෂධීය කැඳ, සහල්, සහල් පිටි, කිතුල් හකුරු අග්ගලා වැනි වූ ආහාර හරහා අරඹා සිටිමු. මෙම ආහාර අනුභව කොට නිරෝගි බව ලබන රෝගීන්ගේ අත්දැකීම් මෙන්ම මෙම ආහාර රටාව පිළිබඳව ද අප සියලු දෙනාම දැනුවත් විය යුතු බැවින් ඒ උදෙසා සිදු කෙරුණු මාධ්‍ය සාකච්ඡා සහ වෛද්‍ය දැනුවත් කිරීම් මෙම වෙබ් අඩවියෙහි පල කර ඇත. මේ වෙත අවධානය යොමු කර ඔබටත්, ඔබේ පවුලටත්, රටටත් සිදුවීමට යන විනාශය පරාජය කොට නිදුක්, නිරෝගී බව ලබා ගැනීමට ඔබ සැමට ශක්තිය ලැබේවා!

නිවැරදි ආහාරයෙන් සුවපත් වෙමු!
(ආචාර්ය ප්‍රියන්තා සේනානායක මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක මහතා සමග මාධ්‍ය සාකච්ඡා)

ඉසිර ගුවන්විදුලිය – 2016-09-03
ඉසිර ගුවන්විදුලිය – 2016-10-08

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top