ගොවිතැන් කරන ආකාරය

හෙළ ගොවිතැන

ගොවිතැන් කරන ආකාරය

“ගොවිතැනට ඖෂධ”

      වී ගොවිතැන සඳහාත් එළවලු පලතුරු ආදී ගොඩ බෝග සඳහාත් ගෙවතු වගා සඳහාත් ඉතා සාර්ථකව “ගොවිතැනට ඖෂධ 1 සහ 2 ” යෙදිය හැකිය.
සම්‍යකදෘෂ්ටික දෙවිවරුන්ගෙන්
ලැබුණු වට්ටෝරුවකට අනුව,
ප්‍රාණඝාතයෙන් තොරව

ගොවිතැන් කිරීම සඳහා,
ස්වාභාවිකව සැකසුනු මෙම ඖෂධය
කිසිදු සත්ත්ව ශරීරයකට හෝ
මනුෂ්‍ය ශරීරයකට විස නොවේ !


ගොවිතැනට ඖෂධ ක්‍රියාත්මකවන ආකාරය…

පාරම්පරික බීජ පැල කිරීම
  • පළමුව බීජ ටික පැය 36ක් වතුරේ පෙඟෙන්නට දමන්න.
  • එම බීජ ටික වතුරෙන් ඉවතට ගෙන වතුර හොඳින් බේරා ගන්න.
  • අංක 2 බෝතලයෙන් මූඩි 3ක් හෝ 4ක් වතුර ලීටර් 20 බාල්දි දෙකකට දිය කර, එයට ගොම මේස හැඳි 2ක් දමා හොඳින් කලවම් කරන්න.
  • ඉන් පසු වතුර බේරා ගත් බීජ ටික එම ද්‍රාවණයෙන් හොඳින් සෝදා ගන්න.
  • දැන් සෝදා ගත් බීජ ටික යහන කර දින 3ක් තබන්න.

ගොඩ ගොවිතැන සඳහා භාවිතා කරන ආකාරය

• අඩි 6 x 4 පාත්තියක්, බිම කොටා සකස් කර ගන්න
• ගිනිසීරියා අඩි 3ක් දිග අතු 5ක කොළ, කැප්පෙටියා කොළ අහුරු 2ක් සහ අළු පොල්කටු 5ක් සකස් කරගත් පාත්තියට යොදා උදැල්ලෙන් කලවම් කරන්න.
• බෙහෙත් ද්‍රාවණයෙන් මේස හැඳි 2ක් වතුර ලීටර් 20කට කලවම්කර පාත්තියට ඉසින්න පොලොව හොඳින් තෙමෙන සේ බාල්දි කිහිපයක් වුවද ඉසිමින් පස් හොඳින් කලවම් කරන්න.
• දින 3ක් තබන්න. දින තුනකට පසුව පස පෙරලන්න.
• බීජ ඉන්ඳන්න.
• පසුව දින 7න් 7ට බෙහෙත් ද්‍රාවණයෙන් මේස හැඳි 2ක් වතුර ලීටර් 20කට කලවම් කර පොළොවත් ගසත් හොඳින් තෙමෙන සේ පාත්තියට ඉසින්න.
• මල් හටගන්නාතෙක් අංක 1 ද්‍රාවණය භාවිතා කරන්න. මල් හටගැනීමෙන් පසුව අංක 2 ද්‍රාවණය භාවිතා කරන්න. එයද මේස හැඳි 2ක් වතුර ලීටර් 20කට කලවම්කර දින 7න් 7ට පොළොවත් ගසත් හොඳින් තෙමෙන සේ පාත්තියට ඉසින්න.

වී ගොවිතැන සඳහා භාවිතා කරන ආකාරය

• ලියැද්ද හොඳින් හාන්න
• ලියැද්දේ කොනක අඩි 10 x 10, එනම් වර්ග අඩි 100 ක් පමණ පිදුරු ප්‍රමාණයක් අඟල් 6 ක් උසට තට්ටුවක් සේ සකස් කරගන්න.
• මෙම පිදුරු තට්ටුව උඩට අඩි 20 ක් පමණ දිග ගිනිසීරියා දඬුවල ඇති කොළ ටික දමා විසුරවන්න
• කුප්පමේනියා කොළ ද මිටවල් 4 ක් පමණ විසුරවන්න. කැප්පෙටියා කොළ ද අහුරු 4ක් තිබේ නම් දමන්න.
• ඉන්පසු ගොවිතැනට ඖෂධ 01 ද්‍රාවණයෙන් මේස හැඳි 2 ක් ලීටර් 20 ක දියකර එවැනි බාල්දි 05 ක් පමණ පිදුරු කොටුවට දමා පිදුරු කොටුව හොඳින් තෙමන්න
• දැන් ලියැද්දෙහි වතුර බැඳ දින 3 ත් 5 ත් අතර කාලයක් තබන්න.
• ඉන්පසුව වතුර හෙමින් බසින සේ වක්කඩ කඩා හරින්න.
• වතුර හොඳින් බැස ගිය පසු පිදුරු ටික ලියැද්ද පුරා විසුරුවා දමන්න
• දැන් නැවතත් හොඳින් හාන්න
• ඉන්පසු පෝරු ගා වී ටික ඉසින්න
•“ගොවිතැනට ඖෂධ”ද්‍රාවණයෙන් මේස හැඳි 2ක් වතුර ලීටර් 20ක කලවම් කර ද්‍රාවණය සාදාගෙන, දින 10 පැළ ගොයම හොඳින් තෙමෙන සේ කුඹුරට ඉසින්න; ඉන්පසු දින 14 න් 14 ට ඉසින්න.>>> ගොවිතැනට ඖෂධ 1” ගොයමට දින 45 ක් වනතෙක් පාවිච්චි කල හැක. ඉන්පසු “ගොවිතැනට ඖෂධ 2” පාවිච්චි කරන්න.
>>> සෑමවිටම පොළවත් බෝගයත් හොඳින් තෙමෙන සේ ද්‍රාවණය ඉසිය යුතුය.

ඉහත දැක්වෙන ආකාරයට බිම් සකසා “ගොවිතැනට ඖෂධ” යොදනවිට වෙනත් කිසිම පොහොරක් (රසායනික පොහොර හෝ කොම්පෝස්ට් ආදිය), වල්නාශක, කෘමිනාශක හෝ දිලීරනාශක වැනි දෑ යෙදීම අවශ්‍ය නොවේ !!

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top