රටට දුන් දායාද – හෙළ සුවය

හෙළ ජාතික අභිමානය තුලින් වත්මනට අනුගත වෙමු! අදිටන් බලයෙන් කොරෝනා ජයගමු!!

හෙළ සුවයේ ළමා අංශයේ ඉදිරිපත් කිරීමක්
විශේෂයෙන්ම කිරිබත්ගොඩ විහාර මහා දේවි විද්‍යාලයේ
දරුවන් වෙත

හෙළ සුවයේ හෙළ නිල වෙදකම ප්‍රායෝගික ඇසින්

හෙළ සුවයේ දුම් හට්ටිය ශ්‍රී ලාංකික ඔබ සමගයි..!

හෙළ සුවයෙන් පිදෙන “උණට බඳින වට්ටෝරුව”

ඩෙංගු සහ මී උණ වැනි රුධිර පට්ටිකා (ප්ලේට්ලට්) අඩුවන රෝගවලදී සංකූලතා ඇති නොවී ඉක්මනින් සුවය ලබා ගැනීමටත්, කොරෝනා සමග ඉහත රෝග සෑදුනහොත් බොහෝ අයට අසාධ්‍ය තත්ත්ව ඇතිවිය හැකි බැවින් හෙළ සුවයේ දුම් හට්ටිය සහ කැඳ සමග බඳින වට්ටෝරුව පාවිච්චි කර ඉක්මන් සුවය අත්කර ගැනීමටත් හැකියි හැකියි. ඔබත් සුවපත් වී අන් අයත් සුවපත් කරන්න. සියලු දෙනා දැනුවත් කරන්න. හෙළසුවය දුම් හට්ටිය භාවිත කරන අයුරු පහත වීඩියෝවෙන් බලා ගන්න.

“හෙළ සුවයෙන්” රටට දුන් දායාද

  • වසර විස්සක් තිස්සේ විවිධ පර්යේෂණ රාශියක් සිදු කෙරුණත් නිශ්චිත වශයෙන් හේතුව සොයා ගැනීමට නොහැකිව තිබූ රජරට වකුගඩු රෝගයට හේතුව, රතු දුඹුරු පසේ වැඩිපුර රඳන ආසනික්, ජලයේ කිවුල සමග බැඳෙමින් සාදන කැල්සියම් ආසනේට් සංයෝග පානීය ජලය හරහා ශරීරයට ඇතුළු වී වකුගඩු වල සිදුවන දීර්ග කාලීන ආසාදනය බව සොයා ගැනිණි.
  • ශ්‍රී ලංකාව තුල සීග්‍රයෙන් ඉහල යන බෝ නොවන රෝග රාශියකටම හේතුව මෙම ආසනික්ය යන අවබෝධය ලබා ගත්තේ සම්‍යදෘෂ්ටික දෙවිවරුන් දුන් දැනුමින් හා නොයෙක් රටවල සිදුකෙරී තිබුණු පර්යේෂණ පිලිබඳ අධ්‍යයනයෙනි.
  • ලෝක සෞඛ්‍ය සංවිධානයේ වකුගඩු රෝග පර්යේෂණය සඳහා අප පර්යේෂණයේ ප්‍රතිඵල පාදක වූ අතර ඔවුන්ගේ ප්‍රතිඵල නිසා අප පර්යේෂණයේ ප්‍රතිඵල තවදුරටත් තහවුරු විය.
  • වකුගඩු රෝගයට හේතු වන ආසනික් පසට එකතු වන ප්‍රභවය කෘෂිරසායන (රසායනික පොහොර හා පලිබෝධනාශක) බව සොයාගැනීමට හැකියාව ලැබිණි.
  • ගොවියාව කෘෂිරසායන භාවිතය සඳහා දිරිමත් කරවීමට කෘෂිරසායන සමාගම් විසින් කුඹුරෙහි ගැසීම සඳහා දෙන ලද නාම පුවරු භාවිතය තහනම් කෙරිනි.
  • කෘෂිරසායන නිසා සිදුවන විනාශය අවම කිරීම සඳහා නීතිමය අඩිතාලමක් ස්ථාපිත විය. “වකුගඩු රෝගය හා කෘෂි රසායන ද්‍රව්‍ය පිළිබඳ වූ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පත්කළ විද්වත් කමිටුව”ට වෛද්‍ය කුමුදු දහනායක සහ වෛද්‍ය චන්න ජයසුමන යනහෙළ සුවය සාමාජික දෙපලගේ දායකත්වය  ලැබීම මූලික කොටගෙන කෘෂිරසායන අවම කරමින් රටම නිරෝගී කල හැකි යෝජනා මාලාවක් ගොනු වූ අතර එම යෝජනා වලට කැබිනට් අනුමැතියද  ලැබී තිබේ. එම කමිටු සාමාජිකයන් හා යෝජනාවලිය පහත දැක්වේ.

[pdfviewer]https://helasuwaya.org/wp-content/uploads/2018/06/widwath_kamitu_waarthaawa.pdf[/pdfviewer]

  • ගොවි ජනතාව නොමග යැවීමකට හා රැවටීමකට ලක්වන බැවින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා සිදුවන සියළුම කෘෂිරසායන ප්‍රචාරක කටයුතු තහනමකට ලක් කිරීම.
  • Propanyl, Glyphosate, Carbaryl, Chlorpyrifos යන වකුගඩු විෂ සහිත රසායන වකුගඩු රෝගය පැතිරී ඇති ප්‍රදේශවල භාවිතය හා විකිණීම තහනම් කෙරිණි.
  • අද ලංකාවේ රජරට පවතින මේ විශේෂිත වූ වකුගඩු රෝගය හා සමාන වකුගඩු රෝගයක්
    පැතිර යන බැව් පවසා මධ්‍යම ඇමරිකානු කලාපයේ පර්යේෂකයන් ද අප සමග සාකච්ඡා කර අපගේ
    පර්යේෂණාත්මක ප්‍රතිඵල උපයෝගී කර ගනිමින් ඔවුන්ගේ රටේ පවතින වකුගඩු රෝගයට ද හේතුව
    ආසනික් බැව් සනාථ කොටගෙන හමාර ය. අප ශ්‍රී ලංකා රජයට කෘතඥතාව පලකරන ඔවුන්  උක් වැවීම සඳහා කෘෂිකාර්මික තාක්ෂණය ද අපගෙන් ලබා
    ගැනීමට කැමති බවත්, අප සමග අවබෝධතා ගිවිසුමක්
    ඇතිකර ගැනීමට කැමති බවත් දන්වා ඇත.
  • මෙම වකුගඩු රෝගයට මුලික වශයෙන් හේතු වන්නේ ආසනික් සහිත කෘෂිරසායන ද්‍රව්‍ය බැවින් ඒවා භාවිතා නොකරන ගොවිතැනක අවශ්‍යතාවය මතුවිය. “හෙළගොවිතැන” මගින් එම අවශ්‍යතාවය සපිරුණු බැවින් වෛද්‍යවරුන්ගේද දායකත්වය ඇතිව රටේ ස්ථාන ගණනාවක ගොවින් දැනුවත් කිරීමෙන් පසු මෙම ගොවිතැන ආරම්භ කෙරිණි. වකුගඩු රෝගය සුලභවම පැතිරී ඇති පදවි ගොවිජනපද ව්‍යාපාරයේ හෙළ ගොවිතැන අක්කර කාලකින් ඇරඹ 2013 යල කන්නය වන විට අක්කර 460 දක්වා ව්‍යාප්තව ඇති අතර මුළු රට පුරාම එය අක්කර 3,000 දක්වා ව්‍යාප්ත කර ඇත.
  • වකුගඩු රෝගීන්ට නිසි ප්‍රතිකාරයක් හඳුන්වා දීමේ අරමුණින් තිත්ත කැකිරි සහ දැල් බටු මුලික කරගත් ඖෂධයක් “හෙළ නිල වෙදකම”ට අනුව අත්හදා බැලිනි. එය මේ වන විටත් පර්යේෂණාත්මක මට්ටමේ ඇති අතර ප්‍රතිකාර ලැබූ ඇතැම් රෝගීන්ගේ කායික මානසික සුවපත්භාවය හේතුවෙන් ඔවුන් නැවත වී ගොවිතැනට ප්‍රවිෂ්ට විය. හෙළ ගොවිතැනේ සාර්ථකත්වයත් හෙළ නිල වෙදකමේ සාර්ථකත්වයත් හේතුවෙන් පදවි ගොවිජනපද ව්‍යාපාරයම වකුගඩු රෝග ව්‍යවසනයෙන් මුදවාගැනීමට සකස්කළ “පදවියට හෙළ සුවය” යෝජනාවලිය මේ සම්බධයෙන් පත්කළ කැබිනට් අමාත්‍ය අනුකමිටුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. එම යෝජනාවලියට පදනම් වුයේ අපගේ පර්යේෂණ වලින් ලැබුණු ප්‍රතිඵලමය.
  • බටහිර තාක්ෂණයට සොයාගත නොහැකි වූ රෝග නිධාන, ප්‍රතිකාර ක්‍රම හා ගොවි තාක්ෂණය ආදිය අපට ලැබුනේ නිර්වාණ මාර්ගයේ සිත දියුණු කරන මනුෂ්‍ය හා දිව්‍ය කොට්ඨාශයන් සම්බන්ධ වීම නිසාය. අද දියුණු යයි සම්මත බටහිර විද්‍යාව හා තාක්ෂනයට වඩා ඉතා ඉහල වූ තාක්ෂණයක්, භාවනා කර, නිවන් මග සිත දියුණු කිරීමෙන් ලබාගත හැකි බව ප්‍රත්‍යක්ෂ වෙයි.
  • අප රටේ පුජනීය රැකියාව වූ වී ගොවිතැන, බුදුන් දවස නිර්වාණ මාර්ගයට පාරමී පුරාගැනීමට යොදාගත් ආකාරය අවබෝධ කර දෙමින් දියත් වන්නා වූ භාවනා වැඩසටහන් තුලින්, රජරට ඇතුළු ලංකාවේ විවිධ ප්‍රදේශ වල හෙළ ගොවිතැනට සම්බන්ධ වූ ගොවීන් ඉහල අධ්‍යාත්මික දියුණුවක් ලබා සිටිති.
  • අද “හෙළ සුවයෙන්” රටට දායාද වී ඇති අධ්‍යාත්මය දියුණුකිරීමේ වැඩසටහන් පාසැල් මට්ටමින් ද අරඹා ඇත.
  • ශ්‍රී ලංකා ඉතිහාසයේ පැරකුම් යුගය ආදී රජ සමයන්හි ගොවිතැන් කොට සහලින් ස්වයංපෝෂිත සමයයන් තිබූ බැව් සඳහන් වුව ද එම කාලයන්හි වගා කල ක්‍රමවේදයන් ඇතුලත් වූ කෘෂි තාක්ෂණයක් ගැන කිසිම තැනක සඳහනක් නොමැති බැව් අපගේ දැනීමයි.  එබැවින් “හෙළ කෘෂි ඉතිහාසය” නමින් දෙවිවරුන්ගෙන් ලබා ගත් තොරතුරු අනුව පොතක් ලියා පළකර ඇත.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top