කොරෝනා වෛරසයට දුම් හට්ටිය

 

 

කොරෝනා වෛරසයට දුම් හට්ටිය

 

හෙළ සුවයෙන් සුව වූ සහ දැනට ප්‍රතිකාර ගනිමින් සිටින රෝගීන් වෙත,

කොරෝනා වෛරසය රටට පැමිණ ඇති බව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් වූ බව ඔබ අප සැම දන්නා කරුණකි. මේ තාක් ලක්ෂ ගණනක් රෝගීන් හෙළ සුවයෙන් ප්‍රතිකාර ගෙන සුව වී ඇති බැවින් එම සුව වූ රෝගින්ට ද දැනට ප්‍රතිකාර ගනිමින් සිටින රෝගීන්ට ද මෙම පණිවුඩය දෙන්නෙමු.

කිසිවෙක් එම වෛරසයට බිය නොවන්න. ඔබ සැම හෙළ සුවයට පැමිණ ප්‍රතිකාර ගත්තේ වෙනත් ප්‍රතිකාර ක්‍රම වලින් සුව නොවන නිසා ය. එහෙත් හෙළ සුවයෙන් ප්‍රතිකාර කිරීමෙන් හා හෙළ සුවයේ කැඳ පානය කිරීමෙන් මේ වන විට සුව වූ හා එම රෝග මර්ධනය වූ ලක්ෂ සංඛ්‍යාත රෝගී ජනතාවගෙන් කෙනෙක් ඔබ වනු ඇත. එම සුව වීම නිසා ඔබගේ විශ්වාසය හෙළ සුවයේ වෛද්‍යවරුන් කෙරෙහි ගොඩ නැගී ඇති බැව් අපි දනිමු.

ඔබට යම් විදියකින් සෙම්ප්‍රතිශ්‍යාවක ලක්ෂණ හෝ උගුර ආසාදනයක ලක්ෂණ හෝ උණ රෝගී ලක්ෂණ හෝ ඇති වුවහොත් හෙළ සුවය “දුම් හට්ටිය” පරිහරණය කරන්න. මුල් පැය භාගයෙන් පැය භාගයට තුන් වරක් දුම් අල්ලා ඉන්පසු පැය එකහමාරකට වරක් අල්ලන්න. ඔබට සුවය ලැබෙනු ඇත. විශ්වාසයෙන් යුතුව දුම් හට්ටියේ පැකට්ටුවේ දමා ඇති විස්තර පත්‍රිකාවේ ලියා ඇති පරිදි කැඳ ද පරිහරණය කරන්න. එම පත්‍රිකාවේ සඳහන් පරිදි බඳින බෙහෙතෙහි වට්ටෝරුවද කොටා බෙහෙත් තුන්පලක බැඳගන්න. එම බෙහෙත වැඩිපුර කොටා අධිශීතකරණයේ තබාගෙන දිනපතා බැඳිය හැකිය. දිනකට පැය 15ක් එම බෙහෙත බැඳ තියාගන්න. ඔබ ඉංග්‍රීසි බෙහෙත් පරිහරණය කල ද කම් නැත. මෙම දුම් හට්ටිය පරිහරණය කිරීමෙන් සුවය ලැබෙනු ඇත

– හෙළ සුවයේ වෛද්‍යවරු

 

ලංකාව තුල, හෙළ සුවය “දුම් හට්ටිය” පැකට්ටුවේ ඇති ඖෂධ ප්‍රතිකාරය භාවිතා කරන ආකාරය

(පිට රට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හෝ විදේශිකයින් සඳහා උපදෙස් සඳහා මෙහි පිවිසෙන්න)

  • කර මට්ටමට මි.ලී. 200 වතුර කෝප්ප 16ක් (එකතුව මි.ලී.3200ක්) අල්ලන මැටි මුට්ටියක් ගන්න.
  • එම මුට්ටියට පැකට්ටුවේ ඇති බෙහෙත් සියල්ල දමන්න. කුඩු පැකට්ටු 2ද කඩා කුඩු ටික ද මුට්ටියට දමන්න.
  • මුට්ටියේ කර ලඟට ඇල් වතුර දමන්න.
  • හොඳින් උතුරවන්න. (සැ.යු. ඉතිරවීමේදී උතුරා පිටතට යාමට ඉඩ නොදෙන්න. උතුරන තුරු මුට්ටිය විවෘතව තබන්න.)
  • බුබුළු දමා උතුරන විට මුට්ටිය ලිපෙන් බාගන්න.
  • ලිපෙන් බාගත් මුට්ටිය පහත රුපයේ ආකාරයට කකුල් දෙක අසලින් තබා කපු රෙද්දකින් මුට්ටියත් රෝගියාත් සම්පුර්ණයෙන්ම වැසෙන ආකාරයට දමන්න.
  • විනාඩි 3 – 5 ක් පමණ දුම මුළු ඇඟටම හුමාලය වදින්නට හරින්න. (සැ.යු. සාමාන්‍ය ආකාරයෙන්ම හුස්ම ගන්න. ආයාසයෙන් හුස්ම ගැනීමට අවශ්‍ය නැත.)
  • දුම ඇල්ලීමෙන් පසු ඝනකම් කපු රෙදි කැබැල්ලක් හෝ කුඩා තුවායක් ගෙන බෙහෙත් වතුරෙන් පොඟවා, මිරිකා සම්පූර්ණ කොඳු නාරටියත් අත් සහ පාදවල හන්දි සියල්ලමත් හොඳින් තවන්න.

දුම් ඇල්ලිය යුතු වාර ගණන පහත සඳහන් කර ඇත.

ඉහත සඳහන් ආකාරයට,

  • මුලින් පැය භාගයක අතරමැදි විවේකයක් ඇතිව තුන් සැරයක් දුම් අල්ලා තවන්න.
  • ඉන් පසුව පැයක අතරමැදි විවේකයක් ඇතිව තුන් සැරයක් දුම් අල්ලා තවන්න.
  • රෝගියාගේ තත්වය හොඳ අතට හැරී ඇත්නම් පැය 1 ½ අතරමැදි විවේකයක් ඇතිව තුන් සැරයක් දුම් අල්ලා තවන්න.
  • රෝගියා සුව අතට හැරුණු විට දිනකට 4 වතාවක් දුම් අල්ලා තැවීම සෑහේ.
  • උණ හොඳ වුව ද අවම දින 5ක් හෝ උණ හොඳ වී දින 3ක් වත් දුම් අල්ලන්න. කොරෝනා ආසාදනයක් බවට සැකයක්/තහවුරුවක් ඇත්නම් දින 14ක් දක්වා දුම් ඇල්ලීම කළ යුතුයි (එවැනි අවසථාවක පහත දුරකථන අංකය අමතා වැඩිදුර විස්තර ලබා ගන්න).

(සැ.යු. දුම් අල්ලන සෑම වාරයකදී ම දුම් හට්ටිය තුල ඇති බෙහෙත් වතුර ප්‍රමාණය දුම් හට්ටියේ කර ලඟට නැත්නම්, මුට්ටියේ කර ලඟට ඇල් වතුර දමන්න. සෑම විටම ඇල් වතුරෙන් පුරවා උතුරවන්න.)

මෙසේ සාදාගන්නා දුම් හට්ටිය දින 07 ක් භාවිතා කල හැක. දින 07 කට පසු නැවත අලුතින් දුම් හට්ටියක් සකසා ගන්න.

දුම් හට්ටිය ප්‍රතිකාරය සමග හෙළ සුවයේ කැඳ වර්ග සහ අත්තික්කා පානය ගැනීම අනිවාර්යයි.

අමතරව, ලුණු කැඳ සහ පොල් කිරි කැඳ සාදා හැකිතාක් පානය කරන්න.

එකම දුම් හට්ටිය පවුලේ සෑම කෙනෙකුට ම හෝ බොහෝ පිරිසකට පරිහරණය කළ හැක. සෑම විටම ඇල් වතුර දමා හට්ටියේ කර ලඟට පුරවා උතුරවා දුම් අල්ලන්න.

 

පොල් කිරි කැඳ සාදන ආකාරය

පාරම්පරික සහල් වර්ග 04 ක් මිටවල් ½ බැගින් මිශ්‍ර කර ගන්න.

එයට පහත ද්‍රව්‍ය එකතු කරන්න.

සුදුළූණු බික් 04 ක් (පොත්ත සමඟ) තලා දමන්න

රතුළූණු ගෙඩි 04 ක් ලියා දමන්න.

කරපිංචා කොළ 20 ක්

උළුහාල් අට 10

සූදුරු ඇඟිලි දෙකකට අහුවෙන ප්‍රමාණය මෙන් දෙගුණයක්

පොල්පලා ගස් දෙකක් (මුල් සමඟ)

අබ ඇඟිලි දෙකකට අහුවෙන ප්‍රමාණය මෙන් එක් ගුණයක්

 

ඉහත සියල්ල ම එකට දමා වතුර පීරිසි කෝප්ප 15ක් පමණ දමා තැම්බෙන්නට හරින්න. උතුරන විට පොල්කිරි පීරිසි කෝප්ප ½ ක් දමා නටවා අවශ්‍ය පමණ ලුණු දමා ආහාරයට ගන්න. තම්බුනු පසු පොල්පලා ගස් ඉවත් කරන්න.

පොල් කිරි කැඳ වලට අමතරව පාරම්පරික සහල් වර්ග 04 ක් කලවම් කර සාදාගන්නා ලුණු කැඳ ද භාවිතා කළ හැක.

 

උණට බඳින වට්ටෝරුව

  • සව් තේ හැඳි ½
  • ගස්ලබු ගැට 01
  • ගස්ලබු දළු 04
  • සේපාලිකා කොළ අහුරු 02
  • වට්ටක්කා ඇට 20
  • සහිඳ ලුණු තේ හැඳි 01
  • රත්මල් කොළ අහුරු 02
  • වළඟසාල් තේ හැඳි 02
  • මදටිය ඇට 20
  • කුප්පමේනියා කොළ අහුරු 02
  • ඔලිඳ ඇට 20
  • මාදුරු තේ හැඳි ½
  • සූදුරු තේ හැඳි ½
  • කලුතල තේ හැඳි 01
  • වතුසුද්ද මල් 20
  • තෙබු කොළ 02
  • සුදු හඳුන් කුඩු තේ හැඳි 01
  • රත් හඳුන් කුඩු තේ හැඳි 01
  • කෝවක්කා කොළ 10
  • දැල්බටු කොළ (පඩ වැල් කොළ) 20

ඉහත සඳහන් ද්‍රව්‍ය වංගෙඩියේ සිහින් වෙන්න කොටාගන්න.

ඉන්පසු පහත ආකාරයට කකුල්වල තුන් පලක ගැට ගැසිය යුතුයි.

  • කොටාගත් මිශ්‍රණයෙන් ටිකක් ගෙන කකුල් දෙකේ මහපටැඟිලි සම්පූර්ණයෙන්ම ආවරණය වන ආකාරයට තබා රෙදි පටියකින් හෝ බැන්ඩේජ් පටියකින් ඔතා ගැට ගසන්න.
  • වම් කකුලේ වළලුකර වටා ද එම බෙහෙත් මිශ්‍රණයෙන් ටිකක් ගෙන අඟල් 2 ක් පමණ පළලට වළලුකර වටේටම තබා (වළලුකරේ දෙපස ඇට දෙක ආවරණය වන පරිදි) රෙදි පටියකින් හෝ බැන්ඩේජ් පටියකින් ඔතා ගැට ගසන්න.
  • පැය 15ක් පමණ තබා ගලවන්න.
  • ඉතිරි ඖෂධ ටික අධිශීතකරණයේ තබන්න. පසු දිනයේදීත් ඉහත ආකාරයට ගැට ගසන්න.
  • දින 10 ක් මෙසේ දුම් හට්ටියෙන් දුම් අල්ලන ගමන් කකුල්වල ගැට ගසන්න.

– හෙළසුවය

දුරකතන අංකය : 0112 412 943

 

 

හෙළසුවය පාරිභෝගිකයින් ගේ සහ ඖෂධ ලබා ගෙන සුව වූ අයගේ අදහස්

 

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top