ව්‍යාපෘතීන්

හෙළ සුවය ව්‍යාපෘතීන්

හෙළ ගොවිතැන

 එදා ලක්දිව, පැරකුම් යුගයේ, පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කළේ පෝෂණයෙන් අනූන පාරම්පරික සහල් අස්වද්දා, වස විස භාවිතා නොකළ හෙළ ගොවිතැනෙනි. එවන් වූ බුද්ධ බෝගය වගා කරන බෞද්ධ ගොවියා නිර්වාණය පතා පාරමී පුරන්නෙකි. බුදු සසුනට පූජා වන බත සැකසීමට ගොවිතැනට උපකාරී කරන්නා වූ සියලුම තිරිසන් සත්ත්වයෝ ද කුසල් ලබති. මෙසේ සැකසෙන බත ආහාරයට ගෙන නිර්වාණ මාර්ගයේ ගමන් කරන අපි, එම සියලු සත්ත්වයාට අපගේ සියලු කුසල් අනුමෝදන් කරමු. මෙවන් වූ පිං කෙත අස්වද්දන්නට පංචසීලය පදනම වූ, බුදුන් දවස පැවතුනා වූ, හෙළ ගොවිතැන යලිත් ගොවියා සතු කර සියලු සත්ත්වයාට නිවන් මග පාදා දීම අපගේ අධිෂ්ඨානයයි.


හෙළ නිල වෙදකම

Picture

පිරිසිදු සීලයේ පිහිටා නාම රූප අවබෝධය තුලින් සිත දියුණු කල වෙද මහතා රෝගියාගේ නාමයේ අකුසලයත්, නාඩි හරහා ඊට අදාළ රූපයේ ව්‍යාධියත් අවබෝධකොට ගෙන එය සුවපත් කිරීමට අවශ්‍ය, අප පරිසරයෙන්ම සොයාගත් හැකි ද්‍රව්‍ය වට්ටෝරුවකින් සාදාගත් ඖෂධ ශරීරයේ බාහිරින් ඇති නිලයන් කිහිපයකට තබනු ලැබේ. අප ශරීරයේ  ඇතිවන ව්‍යාධීන් නිසා පාරමී පිරීමට යම් බාධාවක් වෙයිද එහිදී පිහිටවීමට, බුදු දහමට අනුකූල වූ මෙම වෙදකම සම්‍යදෘෂ්ටික දෙවිවරුන්ගෙන් අපට ලැබී තිබේ. දැනට අප ප්‍රතිකාර ක්‍රමයට පර්යේෂණාත්මකව වසරක කාලයක පටන් පදවිය ශ්‍රී පුර ප්‍රදේශයේදී  වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සිදුකෙරෙන අතර, නොකඩවා ප්‍රතිකාර කිරීමට පැමිණි රෝගීන්ගේ රෝග ලක්ෂණ හා වෛද්‍ය පරීක්ෂණ ප්‍රතිඵල අනුව රෝගය සුව අතට හැරෙමින් පවතින බව සනාථ වී ඇත.

අධ්‍යාත්මය

Picture

    ලෞකිකයට යට වූ සියලු සත්ත්වයා ලෝභයට, ද්වේශයට හා මෝහයට හසුව සසර පුරාම සැරිසරමින් දුක්විඳින බව අවබෝධකර ගත් බුදුරජානන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක කාලයක් පාරමී පුරා ලබාගත් මහා ප්‍රඥාව තුලින් එම සත්ත්වයන් සසර සැරිසැරීම නවත්වා දුකින් අත්මිදියහැකි ආකාරය අවබෝධකොටගෙන දේශනා කළ සේක. එම දේශනා කොට වදාල ධර්ම මාර්ගයේ ගමන්කරන්නා වූ මනුෂ්‍යයාට බුද්ධ ශාසනය පවතිනතාක් කල් උන්වහන්සේගේ ශක්තිය සම්බන්ධ වී තම තමාගේ සසර ගමන නවතා ගැනීමටවනු හැකි ඇත. ඒ සඳහා පන්චසීලයේ පිහිටා පාරමී පුරමින් භාවනා කලයුතු ආකාරය අවබෝධකොට ගත හැක්කේ එමග ගමන් කළ ජීවමාන උත්තමයන්ගේ උපදේශයෙන්මය.

අධ්‍යාපනය

Picture

ලෞකිකය මතම පදනම් වූ වත්මන් අධ්‍යාපන ක්‍රමය අනුව පන්චේන්ද්‍රියන් පිනවීමම ප්‍රගුණ කරමින් බිහිවූ සමාජයේ අයහපත අපි අද අත්විඳිමු. බුදු සසුනට පුජා වූ අප මාතෘ භුමියේ ඉපිද නිවන් මග ගමන් කිරීමට අධිෂ්ඨාන තැබූ අපගේ අධ්‍යාපනයේ පදනම විය යුත්තේ බුදු දහමයි. ඒ අනුව පසිඳුරන් පිනවීම අවම කරන්නා වූත් සමාජයීය ජීවිතය පවත්වාගැනීමට ප්‍රමාණවත් වන්නා වුත් පංචසීලය මූලික වූ අධ්‍යාපන ක්‍රමය ආරම්භ විය යුත්තේ පළමුව දූ පුතුන් හා දෙමාපියන් වෙසෙන තම නිවහන තුලින් වන අතර දෙවනුව පාසැල තුලිනි.

පර්යේෂණ

Picture

රජරටින් මතු වූ මාරාන්තික වකුගඩු රෝගයට හේතුව වසර ගණනාවක් පුරා සොයාගැනීමට නොහැකිව අපගේ ගොවියා දිනෙන් දින මියයද්දී, භාවනානුයෝගිව සිත් දියුණුකළ ඇත්තන්න්ගේ සහ සම්‍යදෘෂ්ටික දෙවිවරුන්ගේ උපකාරයෙන් ලැබුණු උපදෙස් ඔස්සේ එම රෝගයට හේතුව ලොවට පෙන්වීම සඳහා පර්යේෂණ දියත් කළෙමු. ඒ ඔස්සේ ශ්‍රී ලංකාද්වීපය වස විසෙන් තොර පුජනීය භූමියක් බවට පත් කර පාරමී පිරිය හැකි ධර්මද්වීපයක් කිරීමේ ව්‍යායාමයක අපි යෙදී සිටිමු.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top