හෙළ-ගොවිතැන

 

හෙළ ගොවිතැන

හෙළ සුවය යටතේ දැනට කරන ලද පර්යේෂණ වලට අනුව ආසනික් රසදිය සයනයිඩ් වැනි විෂ ද්‍රව්‍ය කෘෂි රසායන වල අඩංගු බව තහවුරු වී ඇත. ඒ අනුව දීපව්‍යාප්ත වැඩ පිළිවෙලක් යටතේ මෙම කෘෂි රසායන භාවිතයෙන් රට මුදවා ගැනීමේ අරමුණින් දෙවිවරුන්ගේ උපදෙස් පිට වස විස නැති ගොවිතැනක් අත් හදා බලා රටට හදුන්වා දී ඇත.

[metaslider id=”505″]
හෙළ ගොවිතැනේ ආරම්භක පියවර කොළඹ රාජකීය විද්‍යාලයේ වත්මන් විදුහල්පති උපාලි ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් සිදුවිය. අද රට පුරා ප්‍රචලිත වන මෙම ගොවිතැනෙන් ලබන අස්වැන්න වස විසෙන් තොර නීරෝගී සමාජයකට අත්තිවාරම දැමූ අයුරු.

         මුලින්ම අප කණ්ඩායම නොයෙක් රෝහල්වලට ගොස් කෘෂි රසායනවල ඇති ආර්සනික් පිළිබඳවත් එයින් ඇති වන්නා වූ හානිය පිළිබඳවත් කල විද්‍යාත්මක පර්යේෂණය විස්තර කරමින්    වෛද්‍ය වරුන් දැනුවත් කිරීමේ ව්‍යායාමයක යෙදුනෙමු. ඒ සමඟම මෙයින් මිදීමට නම් කෘෂි රසායන භාවිතයෙන් තොර ගොවිතැනක් රටට හදුන්වා දීමේ වැදගත්කම අවබෝධ වන ආකාරයෙන් සාකච්ඡා කළෙමු. එම ගොවිතැන් ක්‍රම අප ලබා ගත්තේ ද අප සමඟ සම්බන්ධ වන අපට උපදෙස් දෙන නාථ දෙවියන් ප්‍රමුඛ දෙවිවරුන් ගෙනි. එය මුලින්ම අප අත්හදා බැලුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමා සමඟ ය. එම දෙවිවරුන්ගේ උපදේශය වූයේ පොළොවෙහි ඇති විෂ සහිත ස්වභාවය නිසා පාංශු ජීවීන් විනාශ වී ඇති පරිසරයක් ගොඩනැගී ඇති බැවින් පලමුව විෂ ස්වභාවය  ඉවත් කර පාංශු ජීවීන් ගොඩනැගෙන ආකාරයට පස සකස් කර ඒ සමඟම ගුණාත්මක භාවයෙන් වැඩි පාරම්පරික දේශීය බීජ වී ගොවිතැනට භවිතා කළ යුතු බවය. එහිදී ලැබුණු උපදෙස් අනුව ඉතා කුඩා ප්‍රමාණ වලින් ශාක වල කොටස් හා බීජ වර්ග එකතු කර කොටා යොදාගත් මිශ්‍රණයක් වතුර බාල්දියක (ලීටර 20 ක) දියකර එයට ඊස්ට් හා තල් සූකිරි ඉතා කුඩා ප්‍රමාණයක්(තේ හැඳි 3 ක්) දමා දින දෙක තුනක් පල් කර එයින් පීරිසි 2 ක් හෝ 3 ක් වතුරේ දියකර ඉසීම සිදුකෙරේ. මෙවැනි ද්‍රාවනයක් සති දෙකකට වරක් සකස් කර කුඹුරට ඉසීම පමණක් සෑහේ. මුලින්ම පස සකස් කරන ආකාරය ද ඉතා සරලය. එක ලියද්දක මුල්ලක වර්ග අඩි 100 ක ප්‍රමාණයක අගල් 6 ක් පමණ උස පිදුරු තට්ටුවක් දමා ඉහත කී ආකාරයට බෙහෙත් ද්‍රාවනයක් සකස් කර එම පිදුරු තට්ටුව බෙහෙත් ද්‍රාවනයෙන් හොඳින්  තෙමා ලියද්දෙහි වතුර බැඳ  පොළොව සකස් කරන ආකරය කියා දෙනු ලැබේ. මෙම ක්‍රමයේදි වල් ගැලවීමක් හෝ වල් මැරීමක් සිදු නොකොට වල් පාලනයක් සිදු කෙරේ. දින 14 කට සැරයක් සාදා ගන්නා ද්‍රාවණයට අදාල ශාක කොටස් වල ලැයිස්තුවක් ගොවි මහත්වරුන්ට ලබා දේ.

[metaslider id=”511″]අවට පරිසරයෙන් ලබා ගත් ශාක කොටස් එකට කොටා ලබා ගත් මිශ්‍රණය සකසන අයුරු
[metaslider id=”520″]

            මුලින්ම වෛද්‍යවරුන් සමඟ මෙම ක්‍රමය ගැන අප සාකච්ඡා කරනු ලැබී ය. එහිදී දේශය ගැන හදවතින්ම ආදරය කරන අප රටේ ජනතාව ගැන හදවතේ කැක්කුමක් ඇති වෛද්‍යවරු පිරිසක් ඇතුලු වෙනත් රැකියාවන්හි යෙදුනු පිරිසක් අප සමඟ එකතු විය. ඔවුන් මෙම ක්‍රමය අත්හදා බලමින් ගොවි ජනතාව අතරට ගෙන යාම සඳහා අප සමඟ එකතු වී ඉතා ක්‍රියාශීලී අන්දමින් කටයුතු කර අද අක්කර 3000 කට ආසන්න ප්‍රමාණයක් රටපුරා මෙම ගොවිතැන ව්‍යාප්ත කර ඇත.
[metaslider id=”544″] [metaslider id=”554″]
 වකුගඩු රෝගීන් අධිකව සිටින පදවි ශ්‍රිපුර ප්‍රදේශයේ පමණක් කුඹුරු අක්කර 420 ක් අස්වැද්දීම සඳහා බීජ වී බෙදා දී, මෙම අගෝස්තු මාසයේ අග බාගයේ අස්වැන්න බලාපොරොත්තුව සිටිමු. ඊට අමතරව අනුරාධපුරය, වයඹ පලාතේ කුඹුක්ගැටේ හා කොටවෙහෙර, දකුණු පලතේ තිස්සමහාරාමය, වැල්ලවාය ,බුත්තල, ලුණුගම්වෙහෙර, ගාල්ල, මාතර, කඹුරුපිටිය, දෙනියාය හා අකුරැස්ස ආදී ප්‍රදේශ වලද, බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ හා කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ වලද, කන්තලේ ආදී ප්‍රදේශ වලද, මෙම වගාව ව්‍යාප්ත කර ඇත. මෙම කන්නයේ හෙළ ගොවිතැනෙන් ලැබෙන අස්වැන්න වී කිලෝව රුපියල් 60 කට මිලදී ගනිමින් හෙළ සුවය යටතේම එම අස්වැන්න රටපුරා අවම මිලකට විකුණා ජනතාව පරිභෝජනයට යොමු කර ඔවුන් නිරෝගී කිරීම අපගේ අරමුණයි. මෙහිදී, ගොවියාව පෝෂණය කර, වස විස නොයොදා ගුනාත්මක භාවයෙන් වැඩි දේශීය වී වර්ග වගා කරවා ගොවියාවද ආරක්ෂා කරගනිමින්, නිරෝගී, ණය බරින් නිදහස් ගොවි ජනතාවක් බිහි කරවීම අපගේ අරමුණයි.

[metaslider id=”567″]

පදවි ශ්‍රී පුර ප්‍රදේශයට ආසන්නව ඇති ජයන්ති වැව නම් ගමෙහි මුලින්ම මෙම ගොවිතැන ගොවීන්ට කියා දුන් ආකාරය
මෙහිදී සියලු දෙනා එකට එක් වී භාවනා කර “රටටම මෙම වස විස නැති ගොවිතැන ව්‍යාප්ත කිරීමට අපට හැකි වේවා” යන අයුරින් අධිෂ්ඨාන ගතිමු. නාථ දෙවියන්  ඇතුලු දෙවිවරුන්ගේ අනුශාසනා ලබා ගෙන සියලු දෙනා රටට මෛත්‍රී කර ඉන් පසු මුල්ම පස් පිඩැල්ල පෙරලූ ආකාරය.

අද කෘෂි රසායන භාවිතා කරන ගොවියා ආධ්‍යාත්මය පිරිහුන, දුස්සීලයේ යෙදෙන කායික මෙන්ම මානසිකව පිරිහුණු මට්ටමක අයෙකු නිසා මූලිකවම ඔවුන්ගේ මානසික මට්ටම දියුණු කළ යුතු බැව් අපගේ විස්වාසයයි. එබැවින් ආධ්‍යත්මක සංවර්ධනයක් කරනු වස් මෙම හෙළ ගොවිතැනෙහි යොදන ගොවියා සඳහාද භාවනා වැඩසටහන් පවත්වමින් ඔවුන්ගේ මානසික සංවර්ධනය ඇති කරවීම උදෙසා අපි උත්සාහයක යෙදෙමු.

[metaslider id=”572″]

ඈත අතීතයෙහි ගැමුණු, පැරකුම් වැනි නිරිඳුන් මෙරට සම්බුද්ධ ශාසනයට පූජා කරමින් රට සශ්‍රික කරවීම සඳහා ගොවිතැනට සියලු සත්ත්වයා සහභාගී කරවාගත්තේ අප්‍රමාණ වූ මෛත්‍රියක් හා කරුණාවක් පෙරදැරි කරගෙනය. පැරකුම් යුගයේ අදටත් වඩා ජනගහනය අධික වූ අප රට සහලින් ස්වයංපෝෂිත කර පිට රටටද සහල් යැවූයේ  කෘෂිරසායන භාවිතා කළ ගොවිතැනකින් නොවේ. එකල්හිද ආධ්‍යාත්මක හා මානසික සංවර්ධනයකින් යුක්ත වූ සීලවන්ත ගුනවන්ත ජනසමාජයක අවශ්‍යතාවය පිරිමැසීම සඳහා දෙවිවරුන් විසින් දෙන ලද තාකෂණයන් උපයෝගී කරගනිමින් ගොවිතැන් කළ බැව් මා හමුවට පැමිණෙන නාථ දෙවියන් ඇතුළු දෙවිවරුන්ගෙන් දැනගතිමි. අප ඉතිහාසයේ වැව් අමුණු දාගැබ් තැනීමට උපයෝගී කරගත් තාක්ෂණයද ඒ ආකාරයෙන්ම නාග ලෝක, දිව්‍ය ලෝක ආදී ලෝක වලින් ලැබුණු බව සත්‍යකි.  මෙම සම්‍යදෘෂ්ටික දෙවිවරුන්ගේ සම්බන්ධය ඇතිවන්නේ දුස්සීලයෙහි නොව පංච සීලයෙහි යෙදෙන, කෙලෙස් අඩු කරවීම සඳහා බවුන් වැඩූ සීලවන්ත ගුණවන්ත ජනසමාජය සමඟය. ලෝභය මුල් කරගත් මුදල් පසු පස හඹායන සමාජ රටාවෙන් අප මිදිය යුතුමය. සම්බුද්ධ ධර්මය වටහා ගැනීමට නම් මනසෙහි කෙලෙස් අඩු කරමින් භාවනා ක්‍රම අනුගමනය කළ යුතුමය. ඒ සමඟම පාරමී දම් පිරිය යුතුමය. මෙම හෙළ ගොවිතැනෙහි පරමාර්ථය වනුයේ ආධ්‍යාත්මික සංවර්ධනයෙන් පරිපූර්ණ වූ තම නාමයෙහි කෙලෙස් මට්ටම් හදුනා ගැනීමෙන් ඒවා ඉවත් කිරීම උදෙසා පාරමී දම් පුරන්නා වූ ගොවියෙකු බිහිකිරීමයි. 
ගොවිතැන යනු කුමක් දැයි ගොවියා වටහා නොගත් සමාජයක ගොවිතැනෙහි ආධ්‍යාත්මික වටිනාකම අවබෝධ කරදීමට අපි උත්සහා ගනිමු. ගොවිතැන යනු, මනුෂ්‍ය වර්ගයාට ප්‍රධානතම යැපුම් මාර්ගයට උදව් කිරීම අරමුණු කරගත් ඒක් වර්ගයක හෝ වර්ග කිහිපයක ශාක පමණක් පෝෂණයට ලක් කරවමින් අලුත් පරිසර පද්ධතියක් බිහිකිරීම නොව පරිසර සමතුලිතතාවයට අවබෝධ කර ගනිමින් තිබෙන පරිසර පද්ධතියේ සමතුලිතතාවය බිඳීම අවම කිරීමට උත්සාහ දනවන වගා ක්‍රම රාටාවකි. මෙහිදී මූලිකම අවබෝධය විය යුත්තේ සත්වයා යනු මිනිසා පමණක් නොවන බවය. ආගම යනු කුමක් දැයි පලමුව වටහා ගත යුතුය. නොයෙකුත් ආගම් වල ශාස්තෘන් වහන්සේලා දෙවිවරුන්ය. එහෙත් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙක්මය. දෙවිවරුන් යනු ලෞකික විඥානයක් සහිත වූ නාම රූප දෙකකින් සමන්විත වූ සත්ව කොට්ඨාශයක්ය. දෙවීවරුන්ගේද නිර්වාණ මාර්ගයේ ගමන් කරන්නාවූ කෙලෙස් දුරු කිරීමට උත්සහා කරන්නාවූ  කොට්ඨාශයක් වෙති. ඔවුන්ට අපි සම්‍යදෘෂ්ඨික දෙවිවරුන් යැයි පවසමු. ලෝභ ද්වේශ මෝහ වර්ධනය කරවන ලෞකික විඥානයෙහි පවතිනා කෙලෙස් හඳුනා නොගත්තාවූ දෙවිවරුන්ද වෙති. මොවුහු සම්‍යදෘෂ්ඨියෙන් ඈත් වූවෝ වෙති. අප වටහා ගත් නොයෙක් ආගම් වල ශාස්තෘන් වහන්සේලා ලෞකික විඥානයන් සහිත වූ දෙවිවරුන් බැව් නාථ දෙවියෝ පවසති.

ඖෂධීය වට්ටෝරු භාවිතා කිරීම නිසා ගොඩවෙල්ලා ගොයමට හානි නොකරයි.වල් පැළ ආහාරයට ගනියි.


සතුන්ගෙන් මෙන්ම වල් පැළ වලින් ගොයමට හානියක් නැත.

කොළ හකුලන දළඹුවා ගොයමට හානිකරන සතෙකි. එම සතුන් සුලු වශයෙන් දැකිය හැකි වූවද ඖෂධීය වට්ටෝරු භාවිතය නිසා ඔවුන්ගෙන් හානියක් සිදු නොවීය.

ගොයම් මැස්සා කිරි වදින වී ඇටයට හානි කරන සතෙකි. නමුත් අපගේ ගොයමට ගොයම් මැස්සාගෙන් හානියක් සිදු නොවීය.

[metaslider id=”579″]


   එහෙත් ගෞතම බෝධිසත්වයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ පසු සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ සාර්වඥතා ඥානය සහිත විඥානයක් ඇති උත්තමයෙක් වූ සේක. සාර්වඥතා ඥානය යනු ලෝක සත්ත්වයාගේ නාමය හා රූපය අතර සම්බන්ධතාවය පමණක් නොව සත්ත්වයා හා පරිසරය අතර සම්බන්ධතාවය ද මනාව අවබෝධ කොටගත්තක් වෙයි.. උන්වහන්සේ නාමය යනු කුමක්දැයි විග්‍රහ කොට එය රූප තනන ආකාරයද, පෙර භවයන් හා අනාගත භවයන් සඳහා රූප තනන ආකාරයද අවබෝධ කරගෙන ඒ සඳහා පරිසරය අතර සම්බන්ධතාවය ගොඩනැගෙන ආකාරය ද අවබෝධ කරගත් සේක. උන්වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රි සද්ධර්මය සියලු සත්ත්වයාගේ සම්බන්ධතාවය වටහා ගෙන දේශනා කරන ලද්දකි. මනුෂ්‍ය ලෝක පමණක් නොව මනුෂ්‍ය හා දෙවියන් අතර සම්බන්ධතාවය ද වෙනත් නාග ලෝක බ්‍රහ්ම ලෝක අතර සම්බන්ධතාවය ද  අමනුෂ්‍යයන් යනු කුමන ආකරයක සත්ත්ව කොට්ඨාශයක් ද යන්න අප අවබෝධ කොටගත් පුලුල් මානසික පරාසයක විහිදෙන සාර්වඥතා ඥාණය  පහල වන්නේ බුදු කෙනෙකුටම පමණක්ම යැයි නාථ දෙවියෝ පවසති. එවැනි බුදු කෙනෙක් විසින් දේශනා කරන ලද පිරිසිදු ශ්‍රි සද්ධර්මය අනුගමනය කරමින් සසර පුරා බවුන් වඩමින් පැමිණ කෙලෙස් දුරු කරන මාර්ගයෙහි ගමන් කරන්නා වූ ඇත්තෝ මනුෂ්‍ය ලෝකයේ පමණක් නොව දිව්‍ය ලෝක වල ද වෙසෙති. එම ඇත්තන්ගේ පාරමී දම් පුරා ගැනීම පිනිස කුසල් සහිත මනුෂ්‍ය වර්ගයාට උදව් කරන්නේ ලෝභය වැඩිවීම පිනිස නොව මෛත්‍රීය ප්‍රමුඛ කොටගත් උදාර පරමාර්ථයන් සපුරා ගැනීම පිනිස ය. මනුෂ්‍ය විඥානයට හසු නොවන්නා වූ තාක්ෂණයන් මනුෂ්‍ය වර්ගයාට දෙමින් විනාශ වී යන ජන කොට්ඨාශයන් බේරා ගැනීමට අත දෙන්නේ සමස්ත සමාජයම තර්ජනයට ලක් වූ අවස්ථාවන් වලින් මුදවා ගැනීම පිනිසමය. මෙහිදී හෙළ සුවයෙන් හෙළ ගොවිතැන එලි දක්වන්නේ ද මෙවැනි දෙවිවරුන්ගේ අධිෂ්ඨනයක් හා ඉල්ලීමක් ඉෂ්ඨකිරීමක් පිනිසම යි. ලෞකික විඥානයන් සහිත දෙවියන්ගෙන් මනුෂ්‍යයන්ට ලැබී ඇති තාක්ෂණය යොදාගෙන සියලු සත්ත්වයා ප්‍රාණඝාතයෙන් වඳකර දමා මනුෂ්‍ය වර්ගයා පමණක් ජීවත් විය යුතු යැයි  පටු අවබෝධයකින් යුක්තව කරන ලද තාක්ෂණයන්  භාවිතයෙන් අද සමස්ත ශ්‍රී ලංකාද්වීපය පමණක් නොව මුළු මනුෂ්‍ය ලෝකයම රෝගීන් බවට පත්කරවන විනාශ මුඛය කරා ගෙනගොස් ඇත.
පරිසරය හා මනුෂ්‍යා අතර සම්බන්ධතාවය අවබෝධ කරගත්තෙක් කිසිවිටෙක පරිසරය විනාශ කරන ක්‍රම භාවිත නොකරන්නේ  වෙයි. ලෞකික විඥාණයක් සහිත දෙවි කෙනෙක් විසින් දේශනා කල ධර්මයකට හැඩ ගැසෙන සමාජයකට මෙය අවබෝධ කරගත නොහැක. සියලු සත්ත්වයා මිනිසාගේ පරිභෝජනයට ගතයුතු යැයි සිතන්නෙක් කිසිදු විටක නාමය ගැන අවබෝධයක් ඇතිකර ගත්තෙක් නොවේ. නාමයෙහි තිබෙන කෙලෙස් මට්ටම් අවබෝධ කර ගැනීම සඳහා නිර්වාණ මාර්ගයේ ගමන් කරන්නේ නම් භවයෙන් භවයට සැරිසරන සිත් හා එම සිතෙහි තිබෙන කෙලෙස් මට්ටම් අනුව රූපය සකසන ආකාරය පිලිබඳව අවබෝධ කරගත යුතුමය. මේ සඳහා වර්තමානයේ පවතින රූපය නාමය සමඟ සම්බන්ධ වී ක්‍රියා කරන ආකාරය පිලිබඳව පුළුල් විෂයපථ අවබෝධයක් ඇති කර ගත යුතුය. එය ඇති කර ගත හැක්කේ නිර්වාණ මාර්ගය පිලිබඳව පුළුල් ධාරාවක් ඔස්සේ තම නාමය පිළිබඳව විශ්ලේෂණයක් කරගෙන ඒ සඳහා අනුගමනය කලා වූ ක්‍රම දේශනා කරන ලද ඇත්තෙක්ගේ ඔවදන් පිලිපැදීමෙන්  පමණක්මය. එනම් පංච සීල ප්‍රතිපදාවෙන් අරඹා සීල සමාධි ප්‍රඥා යන්න අවබෝධයට ලක් කරගැනීම පිනිස භාවනා කිරීමෙනි. භාවනාව යනු සමාධි මට්ටම පමණක් නොව එතැනින් ඔබ්බට ගොස් තම නාමය පිලිබඳ විග්‍රහ කරගැනීමකි. නාමය මගින් රූපය හසුරුවන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීමට වෙනත් මාර්ගයක් නොමැති බව නාථ දෙවියෝ පවසති. දාන පාරමිතාවෙන් හට ගන්නා වූ පාරමි දම් ගැන අවබෝධයක් ඇති කර ගැනීමට මෛත්‍රිය ප්‍රමුඛ විය යුත්තේ නොවේද? මෛත්‍රී වදන යනු කුමක් දැයි අවබෝධය ඇත්තෙක් කිසිදිනක ප්‍රාණඝාතයට උදව් නොකරන්නේ මැයි. දාන පාරමිතාව හා මෛත්‍රී පරමිතාව එකිනෙක අනුබද්ධ වී ඇති ආකාරය වටහා ගත යුතුමය. අතීතයේ ගොවියා ගොවිතැන් කලේ මේ පිළිබඳ පුළුල් අවබෝධයක් ඇතිව බැව් දෙවිවරුන්ගේ මතයයි. සියලු සත්ත්වයාගේ  මූලික අවශ්‍යතාවයක්  වන ආහාරය සැපයීමට කටයුතු කරන්නෙක්ගේ මනස  තුල මෛත්‍රිය ප්‍රමුඛ වන්නේ නම් එයින්ම මෛත්‍රි පාරමිතාව පුරාගැනීම කල හැක. මෛත්‍රීය ප්‍රමුඛ කොටගෙන නිෂ්පාදනය කරන ආහාරය සත්ත්වයාට සපයන්නෙකුට දාන පාරමිතාව සම්පූර්ණ කරගත හැක්කේ නොවේද? අධික ලෝභය මුල් කර ගනිමින් මුදල් පසු පස හඹා නොගොස් සාධාරණ ගොවිතැනකින්  පරිසරයට සාධාරණය ඉටුකොට කුරුල්ලන් වැනි සතුන්ටද පණුවන් වැනි සතුන්ටද යම් ආහාරයක් දන් දීම සඳහා පුරුදු කරන සිතකට මෛත්‍රී පරමිතාව පමණක් නොව උපේක්ෂා පාරමිතාවද පිරෙනු ඇත. ප්‍රාණඝාතයෙන් තොරව මෛත්‍රි කරමින්  කුඹුරු කරන්නෙක්ට සීල පාරමිතාවද පිරෙනු ඇත. මේ ආකාරයට කෙතක ආහාර නිෂ්පාදනය කර සමස්ථ සමාජයටම මැදහත් සිතින් යුතුව බත සපයන ගොවියෙකු මුළු මහත් සමාජයටම මෛත්‍රිය පැතිරවෙන ආහාර වේලක් ලබා දෙනු ඇත. මෙයින් සමාජයේ මානසික දියුණුවට මෛත්‍රී ශක්තිය සම්බන්ධ නොවන්නේද? එනම් කෙතක් යනු පාරමී පුරන්නෙකුට අඛණ්ඩ දිය දහරාවක් මතුකරවන උල්පතක් බඳුය. එවන් ගොවියා තුලින් බුදුවරු බිහිවන්නේමැයි. එබැවින් අප මුතුන් මිත්තන්තැනූ වැවක තාක්ෂණය දෙවියන් විසින්  හෝ නාග ලෝක වල වාසය කරන්නවුන් විසින් තම පාරමී පුරා ගැනීම පිණිසම දී ඇති බව පවසීම අරුමයක් නොවේ. මෛත්‍රිය ප්‍රමුඛ කොටගත්  ගොවියා වැවෙන් වතුර ගෙන කෙතෙන් අස්වනු නිපදවා සීලයෙහි පිහිටියා වූ බවුන් වඩවන ස්වාමීන්වහන්සේලාට දානය පිලිගන්වා නිර්වාන මාර්ගයට මගපාදා ගන්නා මොහොතක් පාසා වැවක තාක්ෂනය හඳුන්වා දුන් දෙවියන් හෝ නාගයින්හට කුසල් අත්වන්නෙමය. පාරමී දම් පිරෙන්නේමය.
එවන් සමාජයක්  තිබූ මේ ශ්‍රි ලංකාද්වීපයට මෙවන් ඉරණමක් අත්වූයේ ඉතා උතුම් වූ සාර්වඥතාඥානය පහල කරගෙන දේශනා කරන ලද්දාවූ ශ්‍රී සද්ධර්මයට පයින් ගැසූ නිසා නොවේද? ඉතිහාසය අවබෝධ කොටගන්නේ  නම් තිබෙන්නා වූ වැවක නටබුන් තුලින් දවතට කතා කර රිද්මය හඳුනා ගත හැක්කේ නොවේද? හෙළ ගොවිතැනෙන් බිහිකරන ගොවියා වන් පාරමී දම් පුරන ගොවියකු  කරවීම අපගේ උදාර අරමුණමැයි.
 හෙළ ගොවිතැනෙන් අනාගතය සඳහා සැලැස්ම දැනට ගොවියා සිටින තත්වය (පදවියේ කරනලද සමීක්ෂණයකට
අනුව )

  1. දළ වශයෙන් ගොවියෙකු දැනටත් රු.93,000/- ක පමණ මුදලක ණය බරක් දරයි .
  2. සමහර ගොවියන්  කුඹුරු උකස් කර ඇත.
  3. ගොවියා සී සෑමේ සිට අස්වැන්න නෙලීම දක්වාම සියලුම යන්ත්‍රෝඋපකරණ කුලියට ලබා ගනී. යන්ත්‍රෝපකරණ යනු අස්වැන්න නෙලීමට හා පිරිසිදු කිරීමට භාවිතා කරන යන්ත්‍ර සහ සී සෑම වැනි කටයුතු  වලට භාවිතා කරන ට්‍රැක්ටර
    වැනි යන්ත්‍රයන්ය.
  4. මෙවැනි ණය බරකින් සිටින ගොවියා ආස්වැන්න නෙළු වහාම  ඇස්වැන්න විකුණා ණය ගෙවිම සඳහා මුදල් සෙවිය යුතුය. ඒ සඳහා ඔහු ඉතා අඩු මුදලකට වුවද වී විකුණා ණය
    ගෙවීමට උත්සහ දරයි.
  5. දැනට පදවිය ප්‍රදේශයේ සිටින ගොවියන් වැඩි දෙනෙක් රෝගීන් බැවින් කායික හා මානසික වශයෙන් ඉතා දුර්වල මට්ටමක පවතී. ඔවුහු කුඹුරු වැඩ කුලිය දී කරවා ගන්නා තත්ත්වකට පත්ව ඇත. එසේ කිරීම ලාභදායි නොවූ කළ ඔවුහු වගා කිරීම අත්හරිති.
  6. ඔවුන්ගේ ණය බර තව තවත් වැඩිවීමක් මිස අඩුවීමක් නොපෙනේ. එමෙන්ම ශ්‍රීපුර පදවිය ප්‍රදේශයේ පාසල් 7 කින් පමණක් ගත් දත්ත වලට අනුව දරුවන් 193 දෙනෙක් වකුගඩු රෝගයෙන් පියා හෝ මව නැතහොත් දෙදෙනාම අභාවයට පත් වී අසරණ වී සිටිති.
සමහර දරුවන්ගේ දෙමවුපියන්ගෙන් එක් අයෙක් ඉතා දරුණු වකුගඩු රෝගීන්ය. මෙවැනි අයට
රැකවරණයක් ලබාදීම සඳහා කායික මානසික තත්වය නගා සිටුවීමට වැඩ පිළිවෙලක් ඇරඹීමද අපේ අරමුණයි. රෝගීන්ටද දැනට ප්‍රතිකාර කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන එම ගොවීහුද මෙම කන්නයේ කුඹුරු කර අස්වැන්න බලාපොරොත්තුව සිටිති.අපගේ අරමුණු පර්යේෂණ මට්ටමින් ඉටු කෙරෙමින් පවතී. එනම්, මෙම වෙදකම වැඩි දියුණු කර දැනට සිටින රෝගීන් නිරෝගී මට්ටමකට ගෙන පදවිය ව්‍යාපාරය යටතේ කෙරෙන සියලු කුඹුරු අස්වද්දවා අනාගතයේදී පදවි ශ්‍රීපුර ප්‍රදේශයෙන් සහමුලින්ම කෘෂි රසායන ඉවත් කිරීමයි. මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින අතරතුරදී විදෙස් ගතවී සිටින ශ්‍රී ලාංකිකයන් කොටසකගේ ඉල්ලීම මත මේ ආකාරයට හෙළ සුවය යටතේ වෙබ් අඩවියක් සෑදීමට අදහස් කළෙමු. ලංකාව පුරාම ඉහත කී ආකාරයට විවිධ ප්‍රදේශ වල වගා කර අස්වැන්න ලබමින්  සිටින අතර විශේෂයෙන් පදවි ශ්‍රීපුර ප්‍රදේශයට අවධානය යොමු වූයේ මේ ප්‍රදේශයේ වකුගඩු රෝගීන් බහුල නිසාත් එම රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහල යාම නිසාත්ය. මෙහිදී හෙළ සුවයෙන් මෙම කාර්ය භාරය ඉටු කරන්නේ පූර්ණ වශයෙන් නාථ දෙවියන්ගේ මග පෙන්වීමත් සමඟය.අපගේ අවධානය විශේෂයෙන් පදවි වැව ව්‍යාපාරය ට යොමු කර මුළු පදවි ශ්‍රීපුර ප්‍රදේශයේම කෘෂි රසායන ඉවත් කිරීමට අධිෂ්ඨානය කරමින් එය මුළු ශ්‍රී  ලංකාද්වීපයටම ව්‍යාප්ත කරවීමට යොමු  කරවන ලෙස ඉල්ලා සිටියේ නාථ දෙවියන් ප්‍රමුඛ  දෙවිවරුන්ය. මම සමඟ හෙළ සුවයෙන්
මෙම කාර්ය භාරය ඉටු කිරීම සඳහා ඇප කැප වී සිටින සියලුම දෙනා මුලින්ම පංචසීලය රකින
භාවනාව දියුණු කරමින් සිටින අය වෙති. සියලු දෙනාගේ පාරමී දම් සපුරා ගැනීමද මෙයින්
සිදුවේ. රෝගියා හා ගොවියා දෙදෙනාම පංචශීලයට යොමු කර භාවනා කරවමින් ලෙඩුන්ට බෙහෙත් කිරීම හා ගොවිතැන සිදු කිරීමට අපට නාථ දෙවියන්ගෙන් උපදෙස් ලැබී තිබේ. මෙම
කාර්ය භාරය මා ඉටු කරන්නේ දෙවිවරුන්ගේ ඉල්ලීම පරිදි ලංකාද්වීපය තුල සිංහල ජාතියත්, සම්බුද්ධ සාසනයත් ආරක්ෂා කිරීම උදෙසාම පමණකි. ඉන් ඔබ්බට කිසිදු පරමාර්ථයක් නොමැත.මෙම හෙළ සුවය පිහිටවූයේ විදේශගත වී සිටින ලාංකික සැමගේ ඉල්ලීම නිසා පමණකි. විදේශ ගත වී සිටියත් ශ්‍රී ලාංකිකයන් හට 60,000 පමණ ජීවිත පරිත්‍යාග කොට වත්මන් නායකත්වය සමග රට ජාතිය බේරූ රණ විරුවන් අමතක කල හැකිද? අද ඔබගේ රටෙහි ජාතියට අත්වෙමින් තිබෙන ඉරණම යුද්ධය නිමාවීමෙන් පමණක් විසඳී ඇත්ද? එහෙත්  එයින් සිද්ධ වූවා වූ අකුසලය අප ජාතිය පසු පස හඹා නො එන්නේද? ජීවිත පුදා මේ බුද්ධ දේශය ආරක්ෂා කර ගැනීම ඔබගේත් මගෙත්  වගකීම නොවන්නේද? එය රජයකට පමණක් සීමා කර අත්වැල් බැඳගෙන බලා සිටීමෙන් ඔබ සෑහීමකට පත්වන්නේද? ගැමුණු පරාක්‍රම වැනි  නිරිඳුන් මේ රට සම්බුද්ධ ශාසනයට පූජා කොට ඇති බැව් නාථ දෙවියෝ පවසති. එවන් රටක් බේරා ගැනීමට දෙවිවරුන්ට පමණක් කළ නොහැක. මෙම රටෙහි පවතින අකුසලය කුසල් බවට හැරවූයේ නැතහොත් සම්‍යදෘෂ්ඨික දෙවිවරුන්ට මෙම භූමියට සම්බන්ධවීමට නොහැකි බව උන් වහන්සේ පවසති. එබැවින් අපි සෑම දෙනාම පන්සිල් රැක සම්බුද්ධ ධර්මය අවබෝධ කොට ගෙන නිර්වාණ මාර්ගයට පිවිසෙමින් මේ සම්බුද්ධ ශාසනයත් රට ජාතියත් ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසෙමු. ඒ සඳහා කළ යුතු දේ බොහෝය. රටත්, ජාතියත්, ශාසනයත්
යනු තුනක් නොව මේ ශ්‍රී ලංකාද්වීපයම එකකි. බුදුරජානන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා අප්‍රමාණ වූ වීර්යයක් වැඩුවේ අප උදෙසාමය. බුද්ධං සරනං  ගච්ඡාමී යන පදය ගිරවුන් මෙන් කටපාඩමෙන් කීමෙන් පමණක් ඔබට සෑහීමකට පත්විය හැකිද?බුද්ධ ශාසනය යනු කුමක්දැයි අප මනාව වටහා ගත යුතුමය. බුදු කෙනෙක් කල්ප ගනන් පාරමී දම් පුරන්නේ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන්ම පමණක් නොව සියලු සත්ත්වයා වෙනුවෙනි. උන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක ආදී සියලු ලෝක වල සත්ත්වයා නිර්වාණ මාර්ගයට ගැනීමේ අරමුණින් හෝ පාරමී දම් පිරුණු සත්ත්වයා හට නිර්වාණය අවබෝධ කරවීමේ අරමුණිනි. එපමනක් නොව ආලවක වැනි යක්ෂයන් හට නිවන් අවබෝධ කරගත හැකි වූයේ උන්වහන්සේ සසර පුරා පිරුවා වූ මෛත්‍රී පාරමිතාවේත්, උපේක්ෂා පාරමිතාවේත්, වීර්ය පාරමිතාවේත් ආනිසංසයෙන් නොවේද? අමනුෂ්‍යයන් හට පවා
ධරමය අවබෝධ කර ගත හැක්කේ වී නම් උපෙක්ෂා සිත පහසුවෙන්ම පුරුදු කල හැකි මනුෂ්‍යයින් වන අප හට ධර්මය අවබෝධ කර ගැනීමට කෙතරම් පහසු වනු ඇත්දැයි මොහොතකට නැවතී සිතමු. සම්බුද්ධ ශාසනය යනු කුමක්දැයි අවබෝධ කර ගැනීමට නම් පලමුවෙන්ම බුදුරජානන් වහන්සේ යනු කව්රුන්දැයි අවබෝධ කොට ගත යුතුය. අප මනු ලොවට පහල වී යන්තම් බහ තොරන වයසේ සිට අද වනතෙක් කී වාරයක් නමස්කාර පාඨය කියා ඇත්ද? එහෙත් එහි අර්ථය වටහා ගත්තේද? කී වාරයක් පංචසීලය සමාදන් වී ඇත්ද? එහෙත් පන්සිල් රකින්නෙහිද? පලවෙනි පදයවත් අවබෝධ කොට ගෙන ඇත්තේද? හොතක් සිතන්න. එසේ නම් නිර්වාණය අපට කෙතරම් දුර දැයි විමසිලිමත් වෙමු. පළමුවැනි පදයෙන් කියවෙන්නේ ප්‍රාණඝාතයෙන් වලකිමු යන්නයි. ප්‍රණඝාතයෙන් වැලකීමට නම් ප්‍රාණියා යනු කවරෙක්දැයි වටහා ගැනීමට නාමය හා රූපය පිළිබඳව අවබෝධයක් ඇති කර ගත යුතු නොවේද?මැරෙනවා යනු කුමක්ද? රූපය අතහැර යාමයි.ඉන් පසු මේ රූපයට වන්නේ කුමක්ද?අතහැර ගිය නාමයට කුමක් වන්නේද?එම නාමය පූර්ව භවයේදී රූපය සකස් කලේ කොයි ආකාරයටද?මෙම නාමය සමඟ සම්බන්ධවී ක්‍රියා කරන්නේ කොයි ආකාරයටද?නාමය රූපය අතහැරිය කල එනම් මරණයේදී රූපය අක්‍රීය වේ. රූපය ක්‍රියාකාරී වන්නේ නාමය සමඟ සම්බන්ධ වූ අවස්ථාවේදී පමණි. එයට ජීවත් වනවා නැත්හොත් ජීවී භාවය යන්නෙන් අප හඳුන්වමු. මෙම සියල්ල ප්‍රඥාවට හසු කරගැනීමට නම් භාවනා කල යුතුමය. බුදු රජානන්වහන්සේගේ ශ්‍රි සද්ධර්මය අවබෝධ කර ගැනීමට නම් මෙම පංචශීලයේ පටන් සෑම පදයක්ම ප්‍රඥාවට ගෝචර විය යුතුමය. නාමය හා රූපය පිළිබද විෂ්ලේෂණයෙන් භාවනාමය අවබෝධය ඇති වූ විට ප්‍රාණියා යන්න වැටහේ. එවිට ප්‍රාණඝාතය යනු කුමක් දැයි වටහා ගත හැක. එසේ වටහා ගතහොත් ප්‍රාණියෙකුගේ රූපකාය අනුභව කිරීමෙන් ඇතිවන ආදීනවයද වටහා ගත හැක. එවිට මස් මාංශ අනුභවය යන්නෙහි ආදීනවයද තේරුම් ගත හැක. පංචසීලයේ පලවෙනි පදය අවබෝධ කර ගත් කෙනෙක් මෛත්‍රිය වඩනු ඇත. බෝධිසත්ත්ව පාරමිතා පුරන ඇත්තෙක් මෛත්‍රී පාරමිතාව පිරීම අනිවාර්යෙන්ම කරන්නෙකි. මෛත්‍රී පාරමිතාව ප්‍රාණඝතය, ප්‍රාණඝතයෙන් වෙන් කෙරෙන ආවාරයක් මෙන් නැතහොත් මහා ප්‍රාකාරයක් මෙන් මේ දෙක අතර වෙනස මනසට වැටහෙන්නේ නාමය හා රූපය අතර විශ්ලේෂණාත්මක අවබෝධ ඇති වීමෙනි. මේ ආකාරයට පංචශිලය පිළිබඳ අවබෝධය ඇති කර ගැනීමට නාම රූප අවබෝධය ඇති කර ගත යුතුමය.ලෞකිකය පසු පස හඹා යන සමාජයක නිර්වානයේ අමෘත සුවය වටහා දීම පිණිස අපි පුංචි උත්සහයක යෙදෙමු. ආධ්‍යාත්මික වැඩ සටහන් පිළිබඳව පුළුල් අවබෝධයක් ඔබට ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ ආධ්‍යාත්මය පිටුව විමසන්න.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top