ගොවිතැන් කරන වී වර්ග හා එහි වැදගත්කම

හෙළ ගොවිතැන

ගොවිතැන් කරන වී වර්ග හා එහි වැදගත්කම

පෝෂණ ගුණයෙන් ඉතා ඉහල පාරම්පරික දේශීය වී වර්ග වර්තමානයේ පවතින දියවැඩියාව, පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කිරීමේ හැකියවක් සහිත බැව් මෙම දෙවිවරු ප්‍රකාශ කරති. ඈත අතීතයේ මෙම වී වර්ග ඖෂධීය ප්‍රතිකාර ක්‍රම වලට භාවිතා කර ඇත. ශරීරයෙන් විස ඉවත් කිරීමේ හැකියාවක් මෙම වී වලට නිතැතින්ම ඇති බව කියැවේ. සෑම බෝගයකටම වස විස යොදන අද සමාජයේ මනුෂ්‍ය ශරීරය ආහාරයෙන් එන විස එකතු වූ ගබඩාවක් වැනි බව දෙවිවරු පවසති. හෙළ නිල වෙදකමින් ප්‍රතිකාර කරද්දී මෙම සහල් වල නිවුඩ්ඩ ප්‍රයෝජනයට ගැනේ. මෙම ඖෂධීය සහල් වර්ග වලින් කැඳ සදා බීමෙන් පමණක්ම මනුෂ්‍ය ශරීරයේ තැන්පත් වී ඇති විස ඉවත් වන බව පැවසේ.

දැනට අපගේ ගොවීන් වගා කර ඇති සහල් වර්ග

  • කුරුළුතුඩ
  • කළුහීනටි
  • සියපත්ඇල් (පච්චපෙරුමාල්)
  • සුවදැල්
  • මඩතවාලු
  • කහවනු

පාරම්පරික දේශීය සහල් වර්ග වල ඇති වැදගත්කම

කුරුළු තුඩ

මෙම සහල්වල නිවුඩ්ඩ කාටිලේජවල ඇති කැල්සියම් අයින්වීම වලක්වයි. එමෙන්ම මෙය ආහාරයට ගත් කල රුධිර සංසරණය සමග එකතුවී ඇට මිදුළුවලට ගොස් තැන්පත් කරවීම එදා සිංහල වෙදකමේ දී කර ඇත. අද ද අපි රෝගීන්ට බෙහෙත් කරද්දී හන්දිපත් රෝගවලට සාර්ථකව ප්‍රතිකාර කරමින් සිටිමු (මෙහිදී විවිධ සහල් වර්ගවල නිවුඩ්ඩ අපි භාවිතා කරමු). ඇට මිදුළුවල ඇති ප්‍රතිශක්ති ජනක උත්පාදන හැකියාවන් වර්ධනය කරයි. මෙය සාමාන්‍ය ආකාරයට ආහාරයට ගැනීමෙන් මෙහි ඇති තන්තුමය ස්වභාවය සමග නිවුඩ්ඩේ ඇති වර්ණකවල ශක්තිය වැටකොළු, පතෝල, වට්ටක්කා පොත්ත වැනි එළවලුවල වර්ණක සමග එකතු වී අහාර මාර්ගයේ දිරවීම පහසු කරන එන්සයිම වර්ධනය උත්පාදනය කරවයි. යකඩ සහිත අහාරවල යකඩ අවශෝෂණය කර රුධිරයේ ඇති හිමොග්ලොබින් උත්පාදනය කිරීමට අවශ්‍ය මුල්‍යමය ආධාරය ඇට මිදුළුවලට සපයයි. එබැවින් ස්වභාවික කහ වර්ණ හා තන්තුමය ස්වභාවය අධික එළවලු වර්ග හා යකඩ අධික පලා වර්ග සමග ආහාරයට ගැනීම ඉතා යෙහෙකි. කැඳ වර්ගවලදී කුරුළු තුඩ භාවිතය රෝග නිවාරණයට උපකාරී වේ.


සුවඳැල්

මෙම සහල් වර්ගය බත පිසෙන විට ආවේනික සුවඳක් වහනය කරන්නා වූ “ඇල්” වී වර්ගයකි. අති පුජනීය වූ බුද්ධ භෝගයක් වූ මෙම සහල් බුදුරජාණන් වහන්සේගේ අපරිමිත වූ පාරමී ශක්තියට සම්බන්ධ වෙමින් පහළ වූ පාරමී පූරිත ජනයා වෙත සමන් දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් ලෙස කියැවේ. සමන් දෙවියන් තමන්ගේ පාරමී පුරා ගැනීම පිණිස බුදුන් පිදීමට සුදුසු ආකාරයට තැනුණු “මෙම ඇල් වී වර්ගය කුසල් සහිත මනුෂ්‍යයාගේ ආහාරයට උපයෝගී වේවා” යන අධිෂ්ඨානය පෙරදැරි කරගෙන දායාද කළ සහල් වර්ගයකි. එබැවින් මෙම සහල් වර්ග පාරමීදම් පුරා භාවනානුයෝගීව වැඩ වසන උත්තමයින් වහන්සේලාට පුජා කිරීමට ඉතා සුදුසු ය. සියලු රෝග නිවාරණය සඳහා ඖෂධීය ගුණයකින් යුත් මෙම සහල් වර්ගය කයෙහි හෝමෝන ක්‍රියාවලිය සමතුලිත කිරීමට උපකාරී වේ. කයෙහි ඇති ඇඩ්‍රිනලින් වර්ගවල ශ්‍රාවයන් පාලනය කිරීම සඳහා අවශ්‍යවන, සෙලියුලෝස් වල සංයුතියට බොහෝ දුරට කිට්ටු වන්නා වූ එහෙත් ඇමයිලෙස් වැනි එන්සයිම උත්පාදනය කරවන ශක්තියක් ඇති කාබෝහයිඩ්‍රේට් වර්ග වලින් සමන්විත ය. එනම් ග්ලුකෝස් අධික සංචිතයක් මෙයින් ඇති නොකරවන අතර තල, කුරහන්, මුං ඇට වැනි ධාන්‍ය වර්ග සමග කලවම් කර කැඳ හෝ තලප ආකාරයට සකසා ගැනීමෙන් මෙම සහල් වර්ගයෙන් කායික හා මානසික නිරෝගීතාවයට උපරිම දායකත්වයක් සැපයෙනු ඇත. හෝමෝන ක්‍රියාවලිය මධ්‍යස්ත ආකාරයට පවත්වාගැනීමට උපකාරී වන බැවින් හෘද ස්පන්දන වේගය අධික නොවනු ඇත. කයෙහි ඇති වන්නා වූ අධිරුධිර පිඩනයට හේතුකාරක වලක්වනු ඇත. මෙම අපට උපදෙස් දෙන දෙවිවරුන්ට අනුව මෙම සහල් වල ගුණාංග කියා නිම කල නොහැක. වස විස නොයොදා පසෙහි ස්වභාවික ක්‍රියාවලිය සිදුවන ආකාරයට මෙම සහල් වගා කල විට පසෙහි ඇති අයන වර්ග විශාල වශයෙන් උරා ගැනීමේ හැකියාවක් සුවඳැල් ශාකයට ඇත. ඉතා සියුම් ආකාරයට සකස් වී ඇති තන්තුමය ව්‍යුහය සමග බද්ධ වී ඇති ඛනිජ අයන ශරීරයට උරා ගන්නා ආකාරයට ආහාරය පිළියෙළ කර ගැනීමට උදවු වන්නේ තවත් ධාන්‍ය කිහිපයක් සමග එකතු කර කැඳ පිළියෙළ කර ගැනීමෙනි. එය වෙනත් සහල් වර්ග කිහිපයක් එකතු කිරීමෙන් වුව ද කල හැක. කයෙහි ස්නායු වල උත්තේජනය, පිළිසකර කරවීම, ඇස් කූප වලට සම්බන්ධ වන රුධිර කේශනාලිකා වල ප්‍රත්‍යස්ථතාවය මැනවින් පාලනය කරවීම, සුවිශේෂී ආකාරයට කරවිය හැකි සහල් වර්ගයකි. එබැවින් රුධිරය හොඳින් ඇස් වලට සපයමින් විශේෂිත ආකාරයට සැකසුනු ඇස හා මොලය අතර පණිවිඩ හුවමාරුව පිණිස සම්බන්ධ වන ස්නායු වල ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් වර්ධනය කරවයි.


මඩතවාලු

වැඩිමහල් වී වර්ගවලට අයිති මෙම වී වර්ගය ඉතිහාසයේ ගොවියන් විසින් මහ කන්නයට සුදුසු පස සකස් කිරීමක් කර, අස්වැන්න ලබා ගන්නා ලදී. මහ කන්නයේදී වර්ෂාපතනය අධික බැවින් වී ගසේ මූල කේශ තුලින් අයන වර්ග උරා ගැනීම සඳහා පස සකස් කරන පාංශු ජීවින් ගහනය යලට වඩා වෙනස්ය. විවිධත්වයෙන් වැඩිය. විශේෂයෙන්ම සමකය ආශ්‍රිත රටක් වූ අප රටෙහි උෂ්ණත්වයේ ස්වභාවය සියුම් ආකාරයට වෙනස් වන ඔක්තෝබර් මාසයේ පස තුල ක්‍රියාකාරී වන දිලීර හා බැක්ටීරියා වර්ග වලින් ශ්‍රාවය වන එන්සයිම හා වෙනත් ශ්‍රාවයන් වල සංයුතිය යලට වඩා වෙනස් ය. පසෙහි මඩ ස්වභාවය හා වයනය විශේෂිත ආකාරයකට සකසන බැක්ටීරියා වර්ග අධික ලෙස වර්ධනය වන බැවින් ශාකයෙහි හෝමෝන ක්‍රියාවලිය අඩු උෂ්ණත්වයකදී ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය අයන වල ගහනය පසෙහි වැඩි කරවයි. එබැවින් ආ‌‍ශ්‍රැති පීඩනයන් වෙනස් වන අතර ශාකයේ ක්‍රියාකාරිත්වය යලට වඩා වැඩි ස්වභාවයක් ගනී. මෙහිදී බීජය තුල සංචිතය වන්නේ කාබෝහයිඩ්‍රේට් වලට වඩා ප්‍රෝටීනමය හා මේදමය ස්වභාවයන් වැඩිවන ආකාරයට ය.
කාබෝහයිඩ්‍රේට් සංචිතයද අනුපාතයෙන් විවිධ ය. එබැවින් ග්ලුකෝස් සංචිතය අනුපාතයෙන් අඩු මට්ටමක පවතී. තන්තුමය ස්වභාවය ඉහල මට්ටමක පවතින්නේ ප්‍රෝටීන හා මේදමය ස්වභාවයන්ට තැන්පත් කරවීම පහසු කරවීමටත් අවශ්‍ය කාලයේදී ප්‍රරෝහණය සඳහා සුදුසු එන්සයිම ඉතා ඉක්මනින් සපයා දීමටත් සුදුසු වන පරිද්දෙනි. එබැවින් ප්‍රෝටීන් වර්ග හා මේදයන් දිරවීමට පහසු එන්සයිම අධික මෙම වී වර්ගය ආහාරයට ගැනීමේදී අහාර ජීර්ණය පහසු කරවයි. පසෙහි බැක්ටීරියා හා දිලීර ගහනය වැඩි බැවින් අයන සංචිතද අධික නිසා විෂ සහිත ද්‍රව්‍ය උරා නොගැනීම පිණිස ශාකය තුල විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැවින් බීජයේ ඇති සංචිතය තුල විෂ වලට ප්‍රතිරෝධී යාන්ත්‍රණයක් ඉබේම ක්‍රියාත්මක වේ. සත්ත්ව කොට්ටාශයක් වන අපගේ ආහාරයට මෙම සහල් ගැනීමෙන් ශරීරයේ ඇති විස නිතැතින්ම ඉවත් කෙරෙන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. විටමින් වර්ග ඉතා අධික මෙම සහල් වල ශරීරයේ මාංශ පේශීන් වර්ධනයට අවශ්‍ය වන අධික විටමින් හා ඛනිජ ලවන සංචිතයක් ඇත. තවද මහ කන්නයේදී අධික වර්ෂාපතනයට ඔරොත්තු දෙන රෝග නිවාරක විශේෂිත වූ බැක්ටීරියා වර්ග ආහාරයේ තැන්පත්ව ඇත. ඒවා අහාර මාර්ගයට එක් වීමෙන් ශරීරයට හිතකර බැක්ටීරියා වර්ග සමග එකතු වී අහාර මාර්ගයේ ඇති ආස්තරය ආරක්ෂා කරමින් ඉතා හොඳින් අවශෝෂණය සිදුකරවන බැව් මෙම දෙවිවරු පවසති. ශාකයට ඇතිවන විෂකාරක ද්‍රව්‍ය ජාන පද්ධතියෙන් පවා ඉවත්කිරීමට හැකි යාන්ත්‍රණයක් මෙම ශාක වල ක්‍රියාත්මක වන බැවින් අස්වැන්න ආහාරයට ගැනීමෙන් අපගේ ශරීරයට ඇතුළුවන පිලිකාකාරක ඇතුළු විෂ ද්‍රව්‍යන් බහිශ්‍රාවය කරවයි. ඉහත ගුණාංග පමණක් නොව පරිභෝජනයට සුදුසු පුර්ණ ආහාරමය ධාන්‍යයකි. ඇඟේ රුධිර සංසරණය පිරිසිදු වන අතරම ශ්වේද ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් සිදු වී ශරීර උෂ්ණත්වය ද පාලනය සිදු කෙරේ. එබැවින් පැරණි හෙළ ගොවියා පරිසරයේ උෂ්ණත්වය වැඩි කාලය වන යල කන්නයෙන් ඇරඹෙන වකවානු වලදී මෙම සහල් පරිභෝජනයට ගත්තේ ය. අපගේ පැරණි වැඩිමහල් වී වර්ග ඉහත කී ගුණාංග වලින් සමන්විත ය. වගා කිරීමේදී පස සකස් කළ ආකාරය ද යලට වඩා වෙනස් ය.


සියපත්ඇල් (පච්චපෙරුමාල්)

මෙය යලට කෙරෙන ඇල් වී වර්ගයකි. බුදුරජාණන් වහන්සේගේ පාරමී ශක්තියට පහල වූ මෙම වී වර්ගය මුත්‍ර නිෂ්පාදනයේදී ශරීරයෙන් පහ කිරීමට එකතුවන විටමින් වර්ග පාලනය කරයි. එනම් ශරීරයේ පටකවල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය විටමින් වර්ග අධික ලෙස මුත්‍රවල එකතුවීමක් සිදුවුවද වෘක්කානුවේ ක්‍රියාකාරිත්වය පාලනය කර ප්‍රතිඅවශෝෂණ කිරීමේ ක්‍රියාවලිය වැඩිකරවයි. රතු රුධිර සෛල නිපදවීමේ හැකියාවන් වැඩි කරවීම සඳහා ඇට මිදුළුවල ක්‍රියාත්මක වන යාන්ත්‍රණය වැඩි දියුණු කිරීමට අවශ්‍ය එන්සයිම හා හෝමෝන ජනනය කරවයි. යලදී වැවීමට සුදුසු ඇල් වී වර්ගයක් වන අතර “සියපත්ඇල්” යන නාමය ලැබීමට හේතු වන්නේ නෙලුම් මලක පත්‍ර සියයක ජනිත කරවන ශක්තිය මෙම වී ඇටයක ගබඩා කල හැකි බැවිනි. යල කන්නයේ උෂ්ණත්වයේ ස්වභාවය මත පොත්තෙහි ඝනකම වෙනස් වන මෙම වී වර්ගය අධික උෂ්ණත්වය ඇති වකවානුවල බීජයට උෂ්ණත්වය පාලනය කිරීම සඳහා පොත්තෙහි අයන වර්ග රඳවමින් ආශ්‍රැති පීඩනය වෙනස් කරවමින් උපකාර කරයි. එහිදී කාබෝහයිඩ්‍රේට් සංචිතයන්ගේ ව්‍යුහයන් වෙනස් වේ. ග්ලුකෝස් සංචිතය වෙනත් කාබෝහයිඩ්‍රේට් වර්ග වලට පරිවර්තනය කරවයි. උෂ්ණත්වය අඩු කාලවලදී පරිභෝජනයට සුදුසු මෙම සහල් වර්ගය රසකැවිලි සැදීමේදී වැඩිපුර භාවිතා කල වී වර්ගයකි. තෙලිජ්ජවල හා කිතුල් පැණිවල ඇති සුක්‍රෝස් ප්‍රමාණය වෙනස් කිරීම සඳහා හෙළ ගොවියන් මෙම සහල් පිටි භාවිත කර රසකැවිලි සදා ඇත. එදවස කිතුල් පැණි සමග මෙම සහල් පිටි එක්වූ විට ආහාරයේ ඇති ග්ලුකෝස් සංචිතය වෙනස් වූ අතර තන්තුමය ව්‍යුහයේ ස්වභාවය නිසා ඉන්සියුලින් සෑදීමට බාධාවක් නොවිණි.මේ සහල් නිෂ්පාදනයේදී පොළවෙහි වයනය සැකසීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය මගින් ඇතිකරවන ක්ෂුද්‍රජීවී ගහනයේ විවිධත්වය අඩුවිය යුතුය. එහිදී පසෙහි ඇති උෂ්ණත්වය ඒකාකාරීව පවත්වාගත හැකි ආකාරයට පොලොව සකස් කර ගත යුතු ය. එදවස පැරණි ගොවියා මෙය මනාව අවබෝධ කර ගත්තේ වෙයි. ශරීරයේ බහිශ්‍රාවී ක්‍රියාවලිය ඉතා හොඳින් පාලනය වීමට මෙන්ම ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කිරීමට, තයිරොක්සින් නිෂ්පාදනය අඩු කරවීමටත් මෙම සහල් උපයෝගී කර ගත හැක. මෙම සහල් වලට විවිධ අනුපාත වලින් සහල් වර්ග කලවම් කර කැඳ පිස ගත් විට ඉතා ගුණදායක ය.


කහවනු

කහවනු යනු පසුකාලීනව දෙන ලද නමකි. මෙය සහල් විශේෂයක් වුවද ගොඩ මඩ දෙකටම වගා කල වී ප්‍රභේද වලින් විශේෂණය වුවකි. මඩෙහි වගා කල වී වර්ගයක් ව්‍යුහාත්මකව ගොඩෙහි වගා කල වී වර්ගයට වඩා වෙනස්ව වර්තමානයේ මඩෙහි වගාකිරීමට භාවිතා කරන බැව් පෙනේ. මොල්ටෝස් සාන්ද්‍රණය අධික කර ගත හැකි නමුදු ප්‍රෝටීනමය ස්වභාවය ව්‍යුහාත්මකව සංචිත වී ඇති ආකාරය විශේෂිත වුවකි. එබැවින් ආහාර මාර්ගයේදී ග්ලුකෝස් සෑදීමට උදවූ කෙරුව ද රුධිරයට අවශෝෂණය කිරීමේදී බිජයේ ඇති තන්තුමය ස්වභාවය නිසා පාලනයක් සහිතව සිදු කෙරේ. ක්ෂුද්‍රජීවී ගහනයක් නොමැති ආහාර මාර්ගයක වුවද ආහාර දිරවීම පහසු කරවයි. සියුම් තන්තුමය ස්වභාවය හා ප්‍රෝටීන වර්ග යම් ප්‍රමාණයකට සංචිත වී ඇති නමුදු මෙහි විශේෂත්වය වන්නේ අයන වර්ග උරා ගැනීමට ශරීරයට අවශෝෂණය කරගෙන දිගුකාලින ක්‍රියාවලියකින් ඇට මිදුළු මත තැන්පත් වීමයි. මේ සමග විවිධ එළවලු වර්ග එකතු වූ විට එම ක්‍රියාකාරිත්වය වඩාත් පලදායී වෙයි. එබැවින් මෙම ආහාර දිරවීමට ගතවන කාලය වැඩිය. පිළිකා සුවපත් කිරීම සඳහා හොඳ ආහාරයක් වන අතර ඉහල ඖෂධීය ගුණයකින් යුක්තය.


කළු හීනටි

හීනටි වර්ග ඈත අතීතයේ සිටම ඖෂධ සඳහා පරිහරණය කල වී වර්ගය. මෙම ශාකයේ මූල කේශ තුල විශේෂිත ආකාරයේ බැක්ටීරියා සංචිතයක් රඳවා ගනී. එම ක්‍රියාකාරීත්වයෙන් ශාකයට උරා ගන්නා අයන වර්ග වල ධන රිණ භේදය, එනම් ධ්‍රැවීයතාවය වැඩි කරවා විස සහිත අයන ශාකයෙන් ඉවත් කිරීමේ යාන්ත්‍රණයක් ස්වාභාවිකවම ක්‍රියාත්මක කෙරේ. සියලු රෝග වලට ගුණාත්මක භාවයෙන් නිවාරණ ගුණයක් දෙන මෙම වී වර්ගය වසරේ සියලු කල්හි පරිභෝජනයට සුදුසුය.

 

මෙම සියලු වී වර්ග ශරීරයෙන් විස ඉවත් කරවන අතර පොළොවෙහි ස්වභාවික ක්‍රියාවලිය වර්ධනය කරවීමට තුඩු දේ. ස්වාභාවිකවම වැවිය යුතු බුද්ධ භෝගයන්ය.
(මෙම සියලු දැනුම නාථ දෙවියන් ප්‍රමුඛ දෙවිවරුන්ගෙන් ලද්දකි.)

හෙළ ගොවිතැන සහ කෘෂිරසායන යොදන ගොවිතැන

පහත සඳහන් පර්යේෂණ වලට අනුව ද මෙම සාම්ප්‍රදායික සහල් වර්ග ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝග ආදියෙන් ඇති වන්නා වූ සංකූලතා අඩුවන බව තහවුරු වී ඇත.

[pdfviewer]https://helasuwaya.org/wp-content/uploads/2018/06/antioxidant_properties_of_some_sri_lankan_traditional_red_rice.pdf[/pdfviewer]

[pdfviewer]https://helasuwaya.org/wp-content/uploads/2018/06/protein_glycation_analisis_on_traditional_rice.pdf[/pdfviewer]

තෙරුවන් සරණයි !
මහත්මයාණෙනි/මහත්මියනි,
වස විස නැති සහල් ආහාරයට ගෙන සුවපත් වෙමු
අඩ සියවසකට ආසන්න කාලයක් අධික වස විස සහිත ආහාර අනුභව කල ශ්‍රී ලාංකික අපි, ජාතියක් ලෙස ම රෝගීන් බවට පත්ව සිටිමු. දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා, හෘදයාබාධ, අංශභාගය, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ඇදුම හා ගැස්ට්‍රයිටිස් ආදී බෝනොවන රෝග නොමැති අයකු සොයාගැනීමට නොහැකි තරම් ය. අද අපගේ පාසල් ළමුන්ගෙන් 10-15% අතර සංඛ්‍යාවකට දියවැඩියාව තිබෙන බව ඔබ නොදන්නවා විය හැකි ය. රටට බත සපයන ගොවියා මාරාන්තික වකුගඩු රෝගයකට ගොදුරු වී මේ වනවිට තවත් ලක්ෂ ගණනින් රෝගාතුරව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටී. ඉතිහාසයේ අප මුතුන් මිත්තන් අවුරුදු 100 කට වඩා ආයු වැළඳුවේ පාරම්පරික ආහාර රටාවල් අනුගමනය කිරීමෙනි. ඔවුහු කෘෂි රසායන භාවිතා නොකළහ. එහෙත් පරාක්‍රමබාහු රජතුමා කෝටි 06ක් ජනතාවට බත සපයා විදෙස්වලට ද සහල් යැවූ බව ඉතිහාසයේ සඳහන් වී ඇති බව අපි දනිමු.
අතීතයේ සාම්ප්‍රදායික ආහාර රටාවකට හුරු වී සිටි අප ලාංකීය ජාතිය අද මේ සා ව්‍යසනයකට පත්ව ඇත්තේ කෘෂි රසායනවල ඇති බැර ලෝහ (ආසනික් ඇතුළු) මෙන් ම කෘෂි රසායනවල අවශිෂ්ඨ, ආහාර හා පානීය ජලය හරහා ශරීර ගත වීම නිසා බව තහවුරු වී ඇත. අපගේ ප්‍රධාන ආහාරය වන “බත” තුල ම මෙම විස අඩංගු වීම අප ජාතියේ ම අභාග්‍යයකි. මෙම විෂ අපගේ ආහාර වේලට එක් වන්නේ කෘෂිරසායන වලින් බව සැකයකින් තොරව විශ්වාස කල හැකි තත්වයක් අද තිබේ. තව ද කෘෂි රසායන යොදන ගොවිතැනින් නිපදවෙන වැඩිදියුණු/දෙමුහුන් හා ජාන වෙනස් කළ ආහාර අප සාම්ප්‍රදායික ආහාරවලට වඩා පෝෂණ හා ඖෂධ ගුණයෙන් හීන වන අතර එම ආහාරවල රෝග නිවාරණ ගුණය අඩු ය.
අද බෝ නොවන රෝග වසංගතයක් වී පවතින අප රට, කුරිරු යුද්ධයෙන් බැට කා බේරාගත් අප ජාතිය රෝගවලට ගොදුරු වෙමින් යුද්ධයටත් වඩා විශාල ව්‍යසනයකට පත් වී ඇත. මෙයින් රට ගලවා ගැනීමට නම් කෘෂි රසායනවලින් තොර සාම්ප්‍රදායික ආහාර රටාවට වහා ම නැවතත් අප අනුගත විය යුතු ය. හෙළ සුවයේ අපි මේ කාර්යභාරය ඉටු කිරීම උදෙසා මහත් වෙහෙසක් ගනිමින් සිටිමු..ගොවියාගේත්, රටේත් මුදල් පිට රට පටවමින් ජාතිය රෝගී කල කෘෂි රසායන වලින් මිදී සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි “හෙළ ගොවිතැන” අපි ගොවියාට හඳුන්වා දුන්නෙමු. පුරාණයේ රට ස්වයං පෝෂිත කල හෙළ ගොවි තාක්ෂණය නැවතත් ගොවියා අතට පත්කරමින් පසු ගිය මහ කන්නයේ දී, පංච සීලය රැකගෙන වස විසෙන් තොරව රට වෙනුවෙන් කෙත අස්වද්දන්නට ගොවියාට ශක්තිය ලබා දුනිමු. ලියැදි හතරකින් ආරම්භ කළ හෙළ ගොවිතැන “හෙළ සුවය” මග පෙන්වීම සහ අධීක්ෂණය යටතේ මේ වන විට අක්කර 10,000 ක් පමණ වන තෙක් රට පුරා මෙසේ වගා කෙරෙමින් ව්‍යාප්ත වුණු අතර මේ දිනවල ඉන් ලැබෙන අස්වැන්න මිල දී ගැනීම සිදුවෙයි. එයින් ලැබෙන සහල් “හෙළ සහල්” නමින් ශ්‍රී ලාංකිකයන් අතරේ බෙදා දෙමින් ගොවියාත්, ජාතියත් සුවපත් කිරීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර ඇත. මෙහි දී ගොවියා දිරිමත් කිරීම උදෙසා වී කිලෝවක් රු 70/- කට අපි මිල දී ගනිමු. හාල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වී කිලෝ එක හමාරකට වැඩි ප්‍රමාණයක් යන අතර ප්‍රවාහන වියදම් හා අනෙකුත් වියදම් එකතු කල විට හාල් කිලෝවක් රු 165 කට ඔබ අතට පත් කිරීමට අපගේ උත්සාහයෙන් හැකි වී ඇත. මෙම සහල් ආහාරයට ගැනීමෙන් ඔබගේ කායික නිරෝගීභාවය රැක ගැනීමට හැකි වන අතර අපගේ දුප්පත් ගොවියා රැක ගැනීමට හැකි වේ.

මෙම සහල්වලින් විවිධ නිෂ්පාදන කර හෙළ සුවය රටට අලෙවි කරන්නේ ඔබ සැමගේ ශරීරයේ ඇති විෂ ඉවත් කිරීමට තරම් හැකියාවක් මෙම සහල්වලට ඇති බව හඳුනාගත් නිසාය. කොළඹ ITI ආයතනය මගින් පර්යේෂණ කර මෙම සහල්වල ගුණ අගුණ තහවුරු කර ඇත.

මෙම සහල් භාවිතා කර “හෙළ සුවය” මගින් කැඳ වර්ග හතරක් නිෂ්පාදනය කොට ඇත. එම කැඳවල ගුණ ද කොළඹ ITI ආයතනය මගින් පර්යේෂණය කර හඳුනාගෙන ඇත.

නීරෝගී ජාතියක් බිහිකරමු…!!!!

ඔබට “හෙළ සහල්” පිලිබඳ වැඩිදුර විස්තර www.helasuwaya.org යන වෙබ් අඩවියෙන් බලා ගත හැකිය. සහල් මිලදී ගත හැකි ස්ථාන සහ තොරතුරු ලබාගත හැකි මාර්ගයන් පිළිබඳව විස්තර අපගේ දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගත හැකි ය.
මෙයට,
“හෙළ සුවය”
112/ඩී, කහන්තොට පාර, මාලබේ, ශ්‍රී ලංකා.
දුරකථනය : +94 112412943
විද්‍යුත් තැපෑල: helasuwaya@gmail.com
වෙබ් අඩවිය: www.helasuwaya.org
(ඇමුණුම 01)

වගුව 01 . පාරම්පරික සහල් හා වැඩිදියුණු සහල් වර්ග වල ගුණ සැසඳුම

 


01.පච්චපෙරුමාල්: ස්වභාවික ප්‍රතිශක්තිය වැඩි කරවයි. වකුගඩු රෝගවලට ඉතා යහපති. මුත්‍රා පෙරීම පහසු කරවයි.

02. කහමාල: දියවැඩියා රෝගීන්ට ගුණදායක සහලකි. හන්දි රෝග, පිළිකා රෝග, අක්මාවේ රෝග ඇති අයට ඉතා ගුණදායක ය. මෙම සහලෙහි තන්තුමය ස්වභාවය වැඩි නිසා ආහාර ජීර්ණය හා අවශෝෂණය පහසු කරවන අතර ආහාර මාර්ගයේ ආබාධ ඇති අයට ඉතා ගුණදායක සහලකි.

03.බටපොලැල්: අක්මාවේ එන්සයිම ක්‍රියාකාරීත්වයට ඉතා යහපති. ශරීරයේ විෂ අයින් කරවයි. ශරීරයේ රුධිරය වඩවයි. දියවැඩියාව හා පිළිකා නාශක ගුණය වර්ධනය කරවයි.

04.කුරුලුතුඩ: හන්දි රෝගවලට ඉතා යහපති. ඇට මිදුලුවල ක්‍රියාකාරිත්වය වැඩි කරවයි.

05. කළුහීනටි : ශරීරයේ ඕනෑම විසක් අයින් කිරීම සඳහා විශේෂිත වූ විෂ නාශක ගුණ ඇති සහල් වර්ගයකි. පිළිකා නාශක ගුණයකින් යුක්තයි. ඉන්සියුලින් හෝර්මෝනය සෑදීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය උත්තේජනය කරවයි. එ බැවින් දියවැඩියා රෝගයට විශේෂිත ගුණදායක සහල් වර්ගයකි. හෘද රෝගවලට ඉතා යහපති.

06.සුවඳැල්: ඇස් රෝගවලට හා ස්නායු වර්ධනයට ඉතා යහපති.

07.මඩතවාලු: ශරීරයේ විෂ අයින් කරවයි. දියවැඩියා රෝග සමනය කරයි. පිළිකාකාරක ශරීරයෙන් ඉවත් කරයි. ජාන විකෘතිතා ඇති වීම වලක්වයි. ස්වභාවික ප්‍රතිශක්තිය වැඩිකරවා ශරීරයේ ප්‍රජනක හැකියාව වර්ධනය කරයි. අන්ගේ උෂ්ණත්වය අනවශ්‍ය ආකාරයට වැඩිවීම වලක්වයි.



08.ඕලුහාල් : මුතුන්මිත්තන් පරිහරණය කළ බුද්ධ භෝගයකි. දියවැඩියා රෝගයට ඉතා ගුණදායකය. අක්මාවේ රෝග සුව කිරීමට ඉතා යහපති. අක්මාව හා ආහාර මාර්ගයට සම්බන්ධ හෝර්මෝන ක්‍රියාවලීන් නිවැරදි ආකාරයට පාලනය කර ඒ හරහා ආහාර මාර්ගයට සම්බන්ධ එන්සයිම ශ්‍රාවයන් උත්තේජනය කරවයි. අර්ශස් අමාරු අඩු කරවයි. ප්‍රජනක රෝග අඩු කරවයි. ප්‍රජනක ශක්තිය ස්වාභාවික ප්‍රමාණයට ඇති කරවයි. ශරීරයේ ස්වාභාවික ප්‍රතිශක්තිය ඇති කරවන අතර වකුගඩුවල නිරෝගීභාවය ඇති කරවයි. නිතැතින් ම වකුගඩු හා පිත්තාශය වැනි තැන්වල ගල් සෑදීම පාලනය කරවයි. ගල් දිය කිරීමේ ගුණය ද ඉතා ඉහළින් ඇත. ඇස් පෙනීම වැඩි කරවන අතර සෙම ස්වභාවයන් නැති කරවයි. රුධිර කැටි ගැසීම, හෘදයාබාධ වැනි රෝගවලට සුවිශේෂී ගුණයක් ගෙන දේ.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top