හෙළ නිල වෙදකම

හෙළ නිල වෙදකම

අධිෂ්ඨානය

       නමින් ප්‍රසන්න අබේවික්‍රම වන මා වෘත්තියෙන් සහකාර ඉංජිනේරුවරයෙකි. වසර 20 කට පමණ ආසන්න කාළයක් තුල දෙස් විදෙස් සමාගම් වල වෘත්තීය කටයුතු වල යෙදෙමින් සිටි අතර වාරයේ දී, මාගේ ඥාති සොයුරියක වන ප්‍රියන්තා සේනානායක මහත්මිය නාථ දෙවියන් නමින් හඳුන්වන දෙවි කෙනෙකු සමඟ තොරතුරු හුවමාරු කරගන්නා බැව් මා හට අනාවරණය කළාය.

එහි දී එම දෙවියන් විසින් වෙදකම සම්බන්ධව උපදෙස් දෙන බව ද, මාගේ ඥාති සොයුරිය එම වෙදකම අත්හදා බලමින් සිටින බව ද වැඩිදුරටත් සඳහන් කළාය.

මේ ගැන මාහට ඇති වූ බලවත් උනන්දුව නිසාම, මම ඇයව මුණගැසී මේ ගැන වැඩිදුරටත් කරුණු විමසා සිටියෙමි. එහිදී ඇය හරහා මා සමඟ කථා කල එම දෙවියන්, මෙම වෙදකම හැඳින්වූයේ “හෙළ නිල වෙදකම” ලෙසත්, ඊට සම්බන්ධ අතීත තොරතුරුත් අනාවරණය කළේය. මේ ගැන ඇති වූ බලවත් කැමැත්ත නිසාම මෙම වෙදකම මිනිසුන් වූ අපට ඉගෙන ගැනීමට හැකි දැයි මම විමසුවෙමි. එහි දී පවසන්නට යෙදුනේ, ඒ සඳහා උනන්දුව,  කැපවීම හා පෙර පුරුද්ද ඇත්නම් එය කල හැකි බවයි.

ඉන් අනතුරුව රැකියාවට යන අතරතුර දී සති අන්තයේ ගාල්ල ප්‍රදේශයේ සිට කොලඹ  – මාලඹේ ප්‍රදේශයේ සිටි මාගේ ඥාති සොයුරියගේ නිවසට පැමිණි අතර එහි දී වෙදකමට සම්බන්ධ කරුණු කාරණා මා හට කියාදෙනු ලැබීය.

“විපස්සක” නමින් හඳුන්වන දෙවි කෙනෙකු මෙම හෙළ නිල වෙදකමේ මූලිකත්වය ගෙන කටයුතු කරගෙන ගිය අතර එම දෙවියන් විසින් වෙදකමට සම්බන්ධ තොරතුරු මා හට කියා දෙනු ලැබීය. සති අන්තයේ දිනවල දී ප්‍රතිකාර ගැනීම සඳහා රෝගීන් පැමිණීමට පටන් ගෙන තිබූ අතර ඒ අයගේ නාඩි බලා, රෝගය විනිශ්චය කරන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කිරීමට මා හට අවස්ථාව සැලසී තිබුණි. අවශ්‍ය උපදෙස් හා මා හට ඇතිවන ගැටලු සඳහා උපදෙස් විපස්සක දෙවියන් විසින් දෙනු ලැබීය.

මේ කටයුතු මේ ආකාරයෙන් කෙරීගෙන යන අතරතුරේ දී නාථ දෙවියන් විසින් අප හට ධර්මය සම්බන්ධ තොරතුරු වටහා දී, ඉන් අනතුරුව භාවනා වැඩසටහන්ද ආරම්භ කළ සේක. උන්වහන්සේ ධර්මයට සම්බන්ධ ඕනෑම දෙයක් ඇසීමට අවස්ථාව දුන් අතර, පොත් පත්, ඉතිහාසය ඇතුළු වර්තමානයේ අප සතුව පවතින දැනුමෙන් ඉතාමත් ඔබ්බට ගිය දැනුම් සම්භාරයක් අප හට විවර කළහ.

“නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ” යන නමස්කාර පාඨයෙන් ආරම්භ කර පංචශීල ප්‍රතිපදාව විග්‍රහ කළ නාථ දෙවියන් අප සියලු දෙනාම පංචශීලය ආරක්ෂා කල යුතු බවත්, සියලු දෙනාම ප්‍රතිපත්තියට පැමිණිය යුතු බවත් වටහ දුන්හ.

මේ ආකාරයෙන් ධර්ම කාරණා අවබෝධ කර දී අපව ධර්ම මාර්ගයට යොමු කරවමින් ඒ අතරතුර දී වෙදකමත් ලබා දෙන මෙම නාථ දෙවියන් හා විපස්සක දෙවියන් යනු සාමාන්‍ය දෙවිවරුන් නොවන බව මෙම කෙටි කාලය තුලදීම අපහට ප්‍රත්‍යක්ෂ විය.

ඉතා පිරිසිදු ලෙස ධර්මය කියා දී අප සියලු දෙනාව  පංචසීල ප්‍රතිපදාවෙහි පිහිටුවා නිර්වාණ මාර්ගය කරා කැඳවාගෙන යන ගමනක් බව කෙමෙන් කෙමෙන් අවබෝධ විය. එපමණක් ද නොව වෙදකම ද කියා දී අන් අයගේ වේදනාව නැති කර  ඒ අය හට ධර්මය අවබෝධ කොට දී  පිරිසිදු නිර්වාණ මාර්ගයට යොමු කිරීමට තරම් මෛත්‍රිය අධික වූහ. භාවනා වැඩසටහන් හරහා අපගේ ප්‍රඥාව අවදි කල මේ උත්තමයාණන් වහන්සේ අන් කවරෙකුවත් නොව මතු බුද්ධත්වයට අධිෂ්ඨාන තබා ඇති මෛත්‍රී බෝධිසත්ත්වයින් වහන්සේ බැව් අපට පසක් විය. නාථ දෙවියන් නමින් වඩින්නේ උන් වහන්සේ බවද වෙදකම හරහා රූපයේ ව්‍යාධිය සුවපත් කොට, අනතුරුව ධර්මය, භාවනා හරහා නාමයේ දියුණුව ඇති වෙන්නට සලස්වා නිර්වාණ මාර්ගය වෙත අවතීර්ණ කරන බැව්ද අවබෝධ විය.

වෙදකම හරහා අප විසින් සම්බන්ධ වන්නේ රෝගියාගේ නාමය සමඟයි. නාඩි බැලීමේදී මෙම හෙල නිල වෙදකමේ කරන්නේ එම ක්‍රියාවයි. එහි දී රෝගයක් ඇති වීමට මූලික හේතුව අවබෝධ කර ගැනීමට හැකි අතර එයට පිළියම් කල යුතු ආකාරය ඖෂධ වට්ට
ෝරුවක් හරහා රෝගියාට දෙනු ලබයි.

මේ ආකරයෙන් අවුරුදු තුනකට වඩා වැඩි කාලයක් තිස්සේ රැකියාව කරන අතර වාරයේ  මම මෙම හෙළ නිල වෙදකම ඉගෙන ගැනීම සඳහා කැප වී ක්‍රියා කලෙමි. සිතේ දියුණුව ඇති කර ගත්තෙමි. ඉන් අනතුරුව රැකියාවෙන් සමුගත් මම මුලු කාලයම මෙම වෙදකම සඳහා කැපවූයෙමි.

මෙම කාලය තුල දී අප විසින් වෙදකම් කර සුවපත් කරනු ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 20,000 කට අධික විය. එසේම මෙසේ ප්‍රථිකාර ගැනීමට පැමිණෙන අතරවාරයේ දී, භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වන අයගේ ප්‍රමාණය ද ක්‍රමයෙන් ඉහල යමින් තිබූ අතර ඒ අය සඳහා විශේෂ භාවනා වැඩ සටහන් පවත්වන්නට ද උපදෙස් දුන්හ.

අවසානයේ විශාල පිරිසක් ධර්ම මාර්ගයට යොමු වී ඇති බව පැහැදිලි විය.

මේ ආකාරයෙන් රූපයේ වේදනාව නැති කර නාමය ද සුවපත් කරවන ආකාරයේ වෙදකමක් අපහට කියාදුන් මෙම උත්තමයන් වහන්සේට මාගේ ශීර්ෂ ප්‍රණාමය පුදකර සිටින්නේ අප සියලු දෙනාගේ ගුරුවරයාණන් වහන්සේ නිසාම ය.

අතෝරක් නැති සසරේ අසරණ වී සිටින ඔබ අප සියලු දෙනාම මෛත්‍රී බුද්ධ සාසනය වෙත කැඳවාගෙන යාමට තරම් මෛත්‍රිය උතුරා යන තරම් හදවතක් ඇති අපගේ මෙම ගුරුවරයාණන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා….!!!

මෙතෙක් වෙදකම හරහා අප සමඟ සම්බන්ධ වූ ඇත්තන් මෙන් ම,
මෙතෙක් සම්බන්ධ නොවූ ඇත්තන් ද
අප සමඟ එකට එක්ව මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ පසුපස ගොස් පිරිසිදු ධර්මය අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබී
මෛත්‍රී බුද්ධ ශාසනයේදි නිර්වාණය අවබෝධ කිරීමට ශක්තිය ලැබේවා….!!!
ඒ සඳහා මේ තාක් සසරේ මා පිරුවා වූ පාරමී දහරාව උපකාරක ශක්තියක්ම වේවා…!!!

                                                                            මෙයට,
ප්‍රසන්න අබේවික්‍රම


ප්‍රියන්තා සේනානායක මහත්මිය හෙළ නිල වෙදකමට අනුව වකුගඩු රෝගීන් පරීක්ෂා කර ප්‍රතිකාර කිරීම  සම්බන්ධව  වෛද්‍ය චන්න ජයසුමන, වෛද්‍ය කුමුදු දහනායක  සහ හෙළ නිල වෙදකම හැදෑරීමට ප්‍රථමයෙන් සම්බන්ධ වූ ප්‍රසන්න අබේවික්‍රමයන් මහත්වරුන් දැනුවත් කරන අයුරු.



වෛද්‍ය චන්න ජයසුමන මහතා  ප්‍රියන්තා සේනානායක මහත්මිය සමග හෙළ නිල වෙදකමට අනුව වකුගඩු රෝගීයෙකු  නාඩි බලා රෝගයේ  තත්වය පරීක්ෂා කරමින්



[metaslider id=”471″]

ප්‍රියන්තා සේනානායක මහත්මිය රෝගීන්ට නිල මත  බෙහෙත් තබන ආකාරය. ඒ සඳහා හෙළනිල වෙදකම හැදෑරූ රෝගීන්ට ප්‍රතිකාර කරන නිශාන්ත ජීවන්දර මහත්මා උදව් වන අයුරු

[metaslider id=”478″]

වෛද්‍ය චන්න ජයසුමන මහතා මෙම රෝගීන්ගේ ශරීරගතව ඇති විෂ ඉවත් කිරීම සඳහා බෙහෙත් ගැල්වු  සුවිශේෂ ගලක් උපයෝගී කරගනිමින් ප්‍රතිකාර කරන අයුරු


පදවි, ශ්‍රී පුර දී ….හෙළ නිල වෙදකමට අනුව ප්‍රතිකාර ලබා මාස කීපයකට පසුව වකුගඩු වල තත්වය බටහිර වෙදකමට අනුව ස්කෑන්  පරීක්ෂණයකින් පරීක්ෂා කරන අයුරු


Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top