හෙළ සුවයේ වෛද්‍ය උපදෙස්

 

හෙළ සුවය වෛද්‍යවරුන්ගෙන් ඔබට පණිවිඩයක්

හේතු ඵල ධර්මතාවය අනුව, ඵලය වූ රෝගය සුව කිරීම සඳහා ඊට මූලික වූ හේතුව පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු ය.

රෝගයක සැබෑ හේතුව නොදැන රෝග සුව කල නොහැක්කේ ඇයි දැයි බලමු.

උදාහරණයක් ලෙස, දියවැඩියා රෝගය යනු හෝර්මෝන ඇතුළු ශරීරයේ තවත් බොහෝ ක්‍රියාකාරී රසායනිකයන්ගේ සමබරතාවය බිඳී ගිය ව්‍යාධි තත්ත්වයකි. මෙහි දී ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය සියුම්ව බාධා වේ.  එහි දී රුධිරයේ සීනි මට්ටම යනු විද්‍යාගාරයේ දී හඳුනා ගත හැකි එක් ලක්ෂණයක් පමණි. රුධිරයේ සීනි මට්ටම සම්පුර්ණයෙන් ම සාමාන්‍ය මට්ටමට ගෙන ආ පමණින් හෝ ඉන්සියුලින් හෝර්මෝනය ලබා දුන් පමණින් නිරෝගී නොවන්නේ එසේ කිරීමෙන් අසමතුලිත වූ අනෙකුත් රසායනිකයන්ගේ  සහ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය යතා තත්ත්වයට පත් නොවන නිසාය. මේ සියළු ක්‍රියාකාරිත්වයන් නැවත නිවැරදි තත්ත්වයට ගෙන ආ හැක්කේ මෙම සියළු වෙනස්වීම් ඇති කළා වූ ‘සැබෑ හේතුව’ හෙවත් ‘ව්‍යාධි මූලය’ ඉවත් කිරීමෙන් පමණි. අධි රුධිර පීඩනය, අධි කොලෙස්ටරෝල්, හෘද රෝග මෙන්ම ගැස්ට්‍රයිටිස් ඇතුළු අනෙකුත් සියළු බෝනොවන රෝග සම්බන්ධයෙන් ද කතාව එසේම ය.

වසර ගණනක සිට ‘හෙළ සුවය’ රෝගීන් සුවපත් කරන්නේ ‘හෙළ නිල වෙදකම’ මගිනි. මෙම වෙදකමේ දී වර්තමාන රෝගයන්ගේ ව්‍යාධි මූලය පිළිබඳව මනාව පැහැදිලි කෙරේ.

අද සමාජයේ පවතින සියලු රෝග ඇති කරන ප්‍රධාන හේතු පහත ආකාරයට විග්‍රහ වේ.

  1. ආහාරය හරහා ශරීරගත වන ආසනික් ඇතුළු විස වර්ග
  2. ආහාරයේ ඛනිජ ලවණ, විටමින් ඇතුළු ක්ෂුද්‍ර පෝෂක සහ ඖෂධීය ශාක රසායන හිඟ වීම
  3. ආහාරයේ සහ ආහාර මාර්ගයේ හිතකර ක්ෂුද්‍ර ජීවීන් හිඟ වීම
  4. ආහාරයේ තන්තු හිඟ වීම

එම හේතු ඇති වන ආකාරය ද දක්වා ඇත.

ආහාර බෝග වගා කිරීමට යොදන සියලු කෘෂි රසායනවල ඇති විෂ නිසා ආහාරයේ හිතකර ක්ෂුද්‍ර ජීවීන් විනාශ වේ. මෙම විස රසායන නිසා පසේ ක්ෂුද්‍ර ජීවීන් සහ පාංශු ජීවීන් ද විනාශ වීම නිසා පසෙන් ලැබෙන පෝෂණ අඩු වී ශාකයේ විටමින්, ඛනිජ ලවණ ඇතුළු ශාක රසායන නිෂ්පාදනය දුර්වල වේ. කෘමිනාශක හේතුවෙන් කෘමි පරාගනය සිදු නොවීමත්, වැඩි දියුණු බෝග වර්ගත් හේතුවෙන් ආහාරය තුල තන්තු ඇතිවීම ඉතා දුර්වල මට්ටමකට පත් වේ. රසායනික පොහොර, කෘමිනාශක, වල් නාශක සහ දිලීර නාශක  යන සියලු කෘෂි රසායනවල අඩංගු ආසනික් සහ කෘෂි රසායන අවශිෂ්ට අප කෑමට ගන්නා ආහාර හරහා ශරීරයට ඇතුළු වේ. එනම් ඉහත සඳහන් ව්‍යාධි මූලයන් සියල්ල ඇතිවීමට වර්තමාන කෘෂිකර්මය තුලින් නිපදවන ආහාර පැහැදිලිව ම හේතු කාරක වෙයි. මේ සියල්ලන්ට ම හේතුව කෘෂිකර්ම අමාත්‍යංශයේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කල යුතු ද නැද්ද යන්න හදවත තුලින් පැන නගින හෙයින් අපි වෛද්‍යවරු අද මැදිහත් වී සිටිමු.

එපමණක් නොව, අපගේ සිරුර බෝවන රෝග වලින් මෙන් ම පිළිකාවලින් ද ආරක්ෂා වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය මනාව වර්ධනය වීම තුලිනි. ප්‍රතිශක්තිය වර්ධනය වීමට ආහාරයේ ක්ෂුද්‍ර පෝෂක, තන්තු සහ හිතකර ක්ෂුද්‍ර ජීවීන් නොඅඩුව අන්තර්ගත විය යුතුය.

එසේ නම් බෝනොවන රෝග මෙන් ම බෝවන  රෝග ද සුව කර ගැනීමට නම් වස විසෙන් තොරව පාරම්පරික බෝග වගා කර ආහාර නිෂ්පාදනය කිරීම අනිවාර්ය බව අපට අවබෝධ කර ගත හැකිය. නිරෝගී බව ලබා ගැනීමට අවශ්‍ය ආහාරය නිපදවීමේ අරමුණින් හෙළ සුවයෙන් ‘ගොවිතැනට ඖෂධ’ නමින් හෙළ ගොවි තාක්ෂණයක් හඳුන්වා දී පාරම්පරික සහල් වර්ග වස විසෙන් තොරව අක්කර 7,000 දක්වා රට තුල වගා කර තිබේ. එම පාරම්පරික සහල්වල පෝෂණ ගුණය, අද පවතින වැඩි දියුණු ප්‍රභේද සමග සසඳන විට ඉතා ඉහළ මට්ටමක පවතී.

හෙළ නිල වෙදකමෙහි ප්‍රධාන ම අංගය වන්නේ ඖෂධීය ආහාරය යි. වස විසෙන් තොරව වගා කළ පාරම්පරික සහල් සහ ධාන්‍ය කැඳ මේ අතරින් ප්‍රමුඛ වේ. හෙළ සුවයේ ‘කැඳ’ තාක්ෂණය තුලින් විශේෂ කුළුබඩු වට්ටෝරු යොදාගෙන ශරීරයෙන් විස ඉවත් කිරීමේ ඖෂධීය ගුණ සහ පෝෂණ ගුණ වර්ධනය කර ඇත. සුදු ලේබල් කැඳ, නිල් ලේබල් කැඳ, කොළ ලේබල් කැඳ සහ කහ ලේබල් (ඕලු සහල්) කැඳ ලෙස හෙළ සුවය කැඳ ප්‍රධාන වර්ග 4කි. ඒවායේ පෝෂණ ගුණ නැවුම් එළ කිරි සමග සංසන්දනය කර පහත වගුවේ දක්වා ඇත. එයින් අපට මෙම කැඳවල ගුණ පිලිබඳ මනා අවබෝධයක් ගත හැකිය.

‘කැඳ’ යනු පෝෂණ ගුණයෙන් හීන ආහාරයක් බව සමාජය තුල පවතින මතය ‘හෙළ සුවය ඖෂධීය කැඳ’ සම්බන්ධයෙන් නම් මිත්‍යාවක් බව හොඳින්ම පැහැදිලි ය.

අක්මාව ඇතුළු ශරීරය තුල පවතින මේ තාක් කාලයක් ආහාර සමග ශරීර ගත වූ විස වර්ග ශරීරයෙන් ඉවත් කර, සිරුරට අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ මෙන් ම තන්තු සහ ක්ෂුද්‍ර ජීවීන් ද නැවත ලැබෙන විට ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය සහ ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් වී නිරෝගිතාවය ඇති වන අයුරු අපි අත්දැක ඇත්තෙමු. සතියක සිට මාස කිහිපයක් දක්වා කාලයක් තුල 90% වැඩි රෝගීන් ප්‍රමාණයකගේ දියවැඩියාව ඇතුළු බෝනොවන රෝග සුව වී බටහිර ඖෂධ නැවැත්විය හැකි තත්ත්වයට පත් වේ. මෙහි දී වස විස නැති පාරම්පරික සහල් පරිභෝජනයට හුරු වන රෝගීන්ගේ රෝග සුව වීමේ ප්‍රවනතාවය වඩා ඉහළ බව ද අපි අත්දකිමු. අපගේ දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සහභාගී වී සති 6ක පමණ කාලයක් කැඳ පානය කළ ‘Bypass’ හදවත් ශල්‍යකර්මයට සුදානම් වී සිටි හෘද රෝගීන් 4 දෙනෙකු, ඉන්පසුව තමන්ගේ ශල්‍යකර්මය අවශ්‍ය නොවන බව රෝහලෙන් පරීක්ෂණ පවත්වා තීරණය කල බව අපට දන්වා සිටියහ. ආහාරයේ තාක්ෂණය නිවැරදි කල ඉතා කෙටි කලකින් අප නොසිතනා තරම් නිරෝගී බවක් ඇති වන බව ඉතා පැහැදිලිය.

මෙම කැඳ වර්ග දිගට භාවිතා කරන විට වෛරස් අසාදන ඇතුළු බෝවන රෝග වැළඳීම අඩු වන අතර එවැනි ආසාදනයක් ඇති වුව ද දිනක්, දෙකක් වැනි කාලයක දී රෝග සුව වී යන ආකාරය අපගේ දරුවන් තුලින් ම අපි අත්දැක ඇත්තෙමු. ඔවුන් වෙනුවෙන් වසර 8කට වැඩි කාලයක සිට පැරසිටමෝල් පෙත්තක් තරම්වත් ඉංග්‍රීසි බෙහෙතක් ලබා දීමේ අවශ්‍යතාවයක් ඇති වී නොමැත. එමෙන් ම මාතර පිටබැද්දර අධ්‍යාපන කලාපයේ පෙර පාසල් දෙකක අවුරුදු කිහිපයක් තිස්සේ දිනපතා මෙම හෙළ සුවය කැඳ වර්ග දරුවන්ට ලබා දීමෙන් එම ගුරුවරුන් ලැබූ අත්දැකීම් බොහෝය. කැඳ දීම සිදුකල පසුගිය වසර 5ක කාලයේදී, මාස හයක් පමණ කැඳ දෙන විට දරුවන් අතර බහුලව පවතින උදරාබාධ, වමනය, හිස කැක්කුම්, ගැස්ට්‍රයිටිස්, උණ රෝග, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්ව සම්පුර්ණයෙන් ම පහව ගොස් ළමුන්ගේ පැමිණීම 100% වූ බව එම ගුරුවරු පවසති. ළමුන්ගේ ධාරණ ශක්තිය, ඉදිරිපත් වීමේ හැකියාව සහ චර්යාවන් ද පැහැදිලිව වර්ධනය වන බව වසර ගණනාවක දරුවන් සමග අත්දැකීම් ඇති ඔවුන්ගේ අදහස යි. පාලනය කල නොහැකි, අධි ක්‍රියාකාරී දරුවන්ගේ හැසිරීම මාස කිහිපයක් තුල දී සාමාන්‍ය වූ බව ඔවුහු පවසති. පාසලේ දී පමණක් නොව නිවසේ හැසිරීම ද හොඳ දියුණුවක් ලැබූ බවට දෙමාපියන්ගෙන් බොහෝ ප්‍රතිචාර ලැබුණු බව ගුරුවරු ඉතා සතුටින් අප හට පැවසූහ.

මෙම ප්‍රධාන කැඳ වර්ග 4ට අමතරව රෝස ලේබලය කැඳ සහ දම් ලේබලය කැඳ (පොරි කැඳ) ලෙස තවත් හෙළ සුවය ඖෂධීය කැඳ වර්ග 2ක් හඳුන්වා දී ඇත. ඒවා සුදුසු අවස්ථාවන්හි දී භාවිතයට උපදෙස් ලැබේ. උදාහරණයක් ලෙස මේ දිනවල ලෝකයේම ගැටළුවක් වී ඇති කොරෝනා වෛරස් අසාදනය සඳහා පොරි කැඳ භාවිතා කරන ආකාරය පිලිබඳ උපදෙස් ලබා දී තිබේ.

මේ වන විටත් කොරියාවට යවන ලද හෙළ සුවය දුම් හට්ටිය, අත්තික්කා පානය සහ කැඳ වර්ග ඇතුලත් වෛරස් රෝග සඳහා වූ ප්‍රතිකාර පැකේජ 25ක් විවිධ වෛරස් රෝගීන්ට භාවිතා කර ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත් බවත්, කොරියානු රාජ්‍ය මැදිහත් වීම සහිතව කොරෝනා රෝගීන් සඳහා භාවිතා කිරීමට තවත් පැකේජ 200-300ක් ලබා දෙන ලෙසත් හෙළ සුවයෙන් ඉල්ලා සිටී. ඒ සඳහා අවශ්‍ය සියලු සහාය ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු.

හෙළ සුවය කැඳ වර්ග නිවැරදි ආකාරයට පරිහරණය කිරීමෙන් නිරෝගිතාවය ලබා ගත හැකි බව ඉතා විශ්වාසයෙන් සියළු ශ්‍රී ලාංකිකයින් හට, හෙළ සුවයේ වෛද්‍යවරු වන අප දැනුම් දෙන්නේ හෙළ උරුමය පිළිබඳ මහත් අභිමානයෙනි.

ආධ්‍යාත්මික සුවය විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි බව මේ මොහොතේ ඔබට හොඳින් දැනෙනවා ඇති. සිත, කය යන දෙකක් තියෙන බැවින් ඒ ගැන අපි ඉදිරියේ දී සාකච්ඡා කරමු.

සිත නිරෝගී කර ගන්න පංච සීලයට යොමු වන්න; දිනපතා පිරිත් කියන්න.

සජ්ඣායනා කිරීමට උපදෙස් ලැබුණු පිරිත් සූත්‍ර,

  1. කරණීය මෙත්ත සුත්‍රය
  2. රතන සුත්‍රය
  3. ධජග්ග පිරිත
  4. ජය පිරිත
  5. අටවිසි පිරිත

මෙයට,

වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ (MBBS, MSc in Human Nutrtion), වෛද්‍ය කේ.එස්.දහනායක (MBBS, MD), වෛද්‍ය මලින් බටගොඩ (MBBS, DFM), වෛද්‍ය නිරෝෂණ රාජපක්ෂ (BAMS), වෛද්‍ය ජයනි අබේසිංහ (BAMS), වෛද්‍ය උත්පලා පෙරේරා (BAMS), වෛද්‍ය ජගත් විරිත්තමුල්ල (BAMS), වෛද්‍ය චමින්ද ද සිල්වා (BAMS), වෛද්‍ය කුසුම් අතපත්තු (BAMS).

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top