රජරටින් ආරම්භ වූ වකුගඩු රෝගය
හැඳින්වීම
ධාර්මික කෘෂිකාර්මික ශිෂ්ඨාචාරයක් මත ගොඩනැගුනු ලාංකික සිංහල බෞද්ධ සංස්කෘතිය වර්තමානයේ මුහුණපාන දරුණුතම ව්‍යසනය බවට මෙය පත්වෙමින් පවතී. එය ක්‍රමයෙන් මුළු රටම ගිලගනිමින් පවතින කාලිංග මාඝ ව්‍යසනයටත්, කොටි ත්‍රස්තවාදයටත් එහා ගිය මානව හා සත්ත්ව සංහාරයකි.
මෙම රෝගය සුවකල හැකි නිශ්චිත ප්‍රතිකාරයක් බටහිර වෛද්‍ය විද්‍යාවේ හෝ දැනට ලංකාවේ ලියාපදිංචි වෙනත් වෛද්‍ය ක්රමයක හෝ නැත.
සාමාන්‍යයෙන් නිදන්ගත වකුගඩු රෝගවලට හේතු වන්නා වූ දියවැඩියාව, අධිරුධිර පීඩනය, ගුච්ඡිකාවල ආසාදන තත්ත්වයන් මෙම රෝගය සඳහා මුලික හේතු කාරක නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ පර්යේෂණ කණ්ඩායම් 2010 වසරේ අග භාගය වන තෙක් මෙම රෝගයට හේතුව සෙවීම සඳහා කරන ලද පර්යේෂණයන්ගෙන් පිළිගත හැකි නිශ්චිත හේතුවක් ඉදිරිපත් නොවූ බැවින් මෙයට නොදන්නා හේතුවකින් හටගන්නා වකුගඩු රෝගය(CKDu) ලෙස නම් කර තිබුණි.
පර්යේෂණය
පර්යේෂණය සඳහා පදනම:
හේතුව හඳුනානොගත් රෝගයකට, හඳුනානොගත් හේතු කාරක අති විශාල සංඛ්‍යාවක් පැවතිය හැකිය. වකුගඩු රෝගයකට හේතු විශාල සංඛ්‍යාවකි. ඉන් එකක් වකුගඩුවලට බලපාන විෂ යි. ඉතා කුඩා සාන්ද්රවලදී වකුගඩුවලට විෂ විය හැකි යයි සිතිය හැකි රසායන ද්‍රව්‍ය සංඛ්‍යාව අති මහත්ය. මනුෂ්‍ය ශරීරයට සාමාන්‍යයෙන් ඇතුළු වන බව නොදන්නා විෂ වර්ග නොගිනිය හැකි සංඛ්‍යාවකි. ඒ එක් එක් විෂ ශරීරගත විය හැකි ආකාර බොහොමයකි. ශරීරගත වූ විෂ ශරීරයේ තැන්පත් වන ස්ථාන බොහොමයක් වන අතර ඒ එක් එක් අවස්ථාවේදී වකුගඩුවලට බලපාන ක්‍රමවේදයන් විවිධය. බටහිර විද්‍යාවේ පර්යේෂණ ක්‍රමයට අනුව එක් පර්යේෂණයකින් සනාථ කල හැක්කේ එක් කාරණාවක් පමණි. එම පර්යේෂණ ක්‍රමය පිලිබඳ මනා අවබෝධ ඇත්තෙකුට ඉහත සඳහන් අනන්ත වූ කාරණා ඔප්පු කිරීමට බටහිර විද්‍යාවට ගතවන කාලය පිලිබඳ සිතීමට පවා අපහසු වනු ඇත. දියුණුම පර්යේෂණ දැනුම් සම්භාරය ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා වසර ගණනාවක් පර්යේෂණ කොට මෙම රෝගයට හේතුවක් සොයාගත නොහැකි වුයේ මේ නිසාය.
පර්යේෂණයට යොමු වීම
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා මෙම වකුගඩු රෝගය සම්බන්ධව උනන්දු වූ වෛද්‍යවරයෙකි. ඔහු, මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ හඳුන්වාදීම මත, භාවනානුයෝගීව සිත දියුණු කොට ඇති ප්‍රියන්තා සේනානායක මහත්මිය හමුවන්නේ මෙම රෝගයට කුමන හෝ අයුරකින් හේතුවක් සොයාගෙන දිනෙන් දින මිය යන ගොවීන්ගේ ජීවිත බේරා ගැනීමේ චේතනාවෙනි. ඒ හමුවීමත් සමග සේනානායක මහත්මිය ඇතුළු එතුමිය හා සම්බන්ධ සම්‍යදෘෂ්ඨික දෙවිවරුන්ගේ අධිෂ්ඨානයෙන් ගොවි ජනතාව ඇතුළු සමස්ත සමාජයම ධර්ම මාර්ගයට යොමු කරමින් ආසනික් සම්බන්ධ වැඩපිළිවෙල ආරම්භ විය.
බටහිර හෝ වෙනත් විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් ඒ දක්වා සෙවීමට නොහැකි වූ එම හේතුව හා ඊට අදාල අවබෝධය පිරිසිදු බෞද්ධ අධ්‍යාත්මික ක්‍රමවේදයක් හරහා ලබාගෙන, පසුව යුගයේ අවශ්‍යතාව මත බටහිර විද්‍යාවට අනුව ලොවට හෙලිකල ආකාරය පහත දක්වමු. තවද එම ක්‍රමවේදය හරහා උරුම වුනු හෙළ නිල වෙදකමත්, හෙළ ගොවිතැනත් මගින් මෙම රෝග සුව කිරීමත්, රෝග නිවාරණයත් සිදු කරන ආකාරය ඔබගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරමු. අපගේ අධිෂ්ඨානය “ආරෝග්‍යා පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං” යන බුදු වදන අනුව යමින් නිරෝගිමත් දැහැමි සමාජයක් බිහිකිරීමයි. අධ්‍යාත්මිකව දියුණු සමාජය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා පදනම බව අපි තරයේ විශ්වාස කරමු.
ගෞතම බුද්ධ අධිෂ්ඨානය අනුව මෙම ශාසනය පවතින වසර 5000 ක කාලය තුල අපගේ මාතෘ භූමිය සමග බුද්ධ ශක්තිය සම්බන්ධ වන බවටත්, එම ශක්තිය පංච සීලයේ පිහිටා නිර්වාණ මාර්ගයේ ගමන් කරන්නා වූ සියලු මනුෂ්‍යයන්ට සම්බන්ධ වී, පංච ඉන්ද්‍රියයන්ට හසුනොවන, දියුණු මනසට පමණක් හසුවන සත්‍ය වූ විද්‍යාව අවබෝධ කොටගත හැකි බවටත් මෙම සියලු සිද්ධීන් පැහැදිලි සාක්ෂි දරයි.
නාථ දෙවිඳුන් ඇතුළු සම්‍යදෘෂ්ඨික දෙවිවරු මුලින්ම පරිසරයේ ආසනික් ඇති බව සඳහන් කරමින් මෙම සමාජය ගොඩගැනීම සඳහා පහත කරුණු දැනට පවතින විද්‍යාවෙන් මනුෂ්‍යයන්ට තේරුම් යන ලෙසට දක්වන ලෙස උපදෙස් දෙන ලදී.
ලැබුණු අරමුණු
- වකුගඩු රෝගීන්ගේ ශරීරයේ ආසනික්(As) නැමති උග්‍ර විෂ අන්තර්ගත වන බව පෙන්වීම.
- රෝගීන්ගේ වකුගඩු රෝගයට හේතුව එම ආසනික් බව පෙන්වීම.
- රෝගී ශරීරයේ ඇති ආසනික්වල මූලික ප්රභවය කෘෂිරසායන බව පෙන්වීම.
- රෝගයේ භූගෝලීය ව්‍යාප්තිය, පස, කිවුල් ජලය සහ ආසනික් අතර ඇති සම්බන්ධය සෙවීම.
- මෑත කාලයේ සීග්‍රයෙන් වැඩිවන අනෙකුත් බෝ නොවන රෝග සහ ආසනික් අතර සම්බන්ධය සෙවීම.
එම අරමුණු ඉටුකිරීමට අපි පහත ක්‍රියා මාර්ග අනුගමනය කළෙමු.
මේ සඳහා සහභාගී වූ විද්‍යාඥයින්:
මහාචාර්ය නලින් ද සිල්වා (එවකට පීඨාධිපති, විද්‍යා පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය ප්‍රියානි පරණගම (එවකට රසායන විද්‍යා අංශාධිපතිනිය, කැලණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය මාලා අමරසිංහ (එවකට උද්භිද විද්‍යා අංශාධිපතිනිය, කැලණිය විශ්වවිද්‍යාලය), ආචාර්ය කිත්සිරි සේනානායක (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය), වෛද්‍ය කේ.එස්. දහනායක (වැඩ බලන විශේෂඥ අධිකරණ වෛද්‍ය, ශික්ෂණ රෝහල, කරාපිටිය), වෛද්‍ය චන්න ජයසුමන(කථිකාචාර්ය, වෛද්‍ය පීඨය, රජරට විශ්වවිද්‍යාලය), වෛද්‍ය චින්තක විජේවර්ධන(ස්ථාන භාර වෛද්‍ය නිලධාරී, පදවි-ශ්‍රී පුර රෝහල, පදවි-ශ්‍රී පුර), වෛද්‍ය පණ්ඩුක මහමිතව, වෛද්‍ය ලක්ෂිත රාජකරුණා, වෛද්‍ය ධනංජය සමරසිංහ(මූලික රෝහල, කරවනැල්ල), සාරංග ෆොන්සේකා(කැලණිය විශ්වවිද්‍යාලය)
මෙහිදී එවකට කැලණිය විශ්ව විද්‍යාලයේ පීඨාධිපතිව සිටි මහාචාර්ය නලින් ද සිල්වා මහතා අපගේ පර්යේෂණය කෙරෙහි දැක්වූ විශේෂ අවධානය හා සහයෝගය පිළිබඳව අපි, අපගේ කෘතඥතා පූර්වක අවධානය යොමු කරමු.
පදවි ශ්‍රී පුර රෝහලේ වකුගඩු රෝග සායනයේ ලියාපදිංචි රෝගීන් පුර්ණ සායනික පරික්ෂාවකට භාජනය කරන ලද අතර ඔවුන්ගේ ලේ, මුත්‍ර හා හිසකෙස් ආසනික් සඳහා ප්‍රමාණාත්මකව විශ්ලේෂණය කරන ලදී. තවද මිය ගිය රෝගීන්ගේ සම්පුර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අතර ඔවුන්ගේ අවයව කොටස් ද ආසනික් සඳහා ප්‍රමාණාත්මක විශ්ලේෂණයකට භාජනය කරන ලදී. මෙහිදී කැලණි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ විද්‍යාගාරය සතු පරමාණු අවශෝෂක වර්ණාවලික්ෂය(Atomic Absorption Spectrophotometer) විශ්ලේෂණ කටයුතු සඳහා යොදා ගැනින.
තවද, එම රෝගීන් ජීවත් වන පරිසරයේ ලිං ජලය, පස්, වැව් හා ඇල පද්ධතිය ආශ්රිත ශාක ප්‍රජාව සහ ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන සහල්, ආසනික් ඇතුළු බැර ලෝහ සඳහා පරීක්ෂා කරන ලදී.
එම තොරතුරු ඔබගේ දැනගැනීම පිණිස පහත දක්වමු.
සායනික පරික්ෂාවේදී හුමු වූ රෝග ලක්ෂණ:
- අත්ලේ හා පතුලේ ආවේනික සම ඝන වීම් සහ කළු පැහැ මෙලනින් වර්ණකය තැන්පත් වීම්.
|
|
|
පානීය ජලයේ ඇති ආසනික්
ශ්‍රී ලංකාවේ සහල්වල ඇති ආසනික්
අප පර්යේෂණ ප්‍රතිපල අනුව රජරට වකුගඩු රෝගය බහුල ප්‍රදේශයේ සහල්වල අඩංගු ආසනික් මට්ටම් පහත දැක්වේ.
වකුගඩු රෝගීන්ගේ හිසකෙස්වල ඇති ආසනික්
මුත්‍රවල ඇති ආසනික්
ස්කෑන් පරීක්ෂණය
සාමාන්‍ය නිරෝගී ශ්‍රී ලාංකික වැඩිහිටි පුද්ගලයෙකුගේ වකුගඩුවේ ප්‍රමාණය සෙ.මි. 10-11.5 අතර වේ.
වකුගඩු රෝගීන්ගේ වකුගඩුවේ සාමාන්‍ය ප්‍රමාණය පහත දැක්වේ.
වකුගඩු රෝගයෙන් මියගිය රෝගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වලින් ලබාගත් තොරතුරු.
වකුගඩු පටක තුල ආසනික් තැන්පත් වීම
නිරෝගී වකුගඩුවක අන්වීක්ෂීය පෙනුම. පෙරන අවයව ගහනය වැඩියි.
|
රෝගී වකුගඩුවක අන්වීක්ෂීය පෙනුම. පෙරන අවයව ගහනය ඉතා අඩුයි.
|
වගා බිමේ ඇති ආසනික්
පස් නියැදි පරීක්ෂාව
කෘෂිරසායනවල ඇති ආසනික්
කැලණිය විශ්වවිද්‍යාලයේ රසායනාගාරයේ සහ ජල සම්පත් මණ්ඩලය මගින් සිදුකෙරුණු පලිබෝධනාශක පිලිබඳ පර්යේෂණ ප්‍රතිඵල.
ආසනික් සහ අනෙකුත් බෝ නොවන රෝග
|
|
කිවුල් ජලය නොමැති ප්‍රදේශවල ලාංකිකයන්ගේ සිරුරට ආසනික් ඇතුළු වන ප්‍රධානතම මාර්ගය වන්නේ කෘෂිරසායන යොදා සෑදු ආහාර පානයි. මෙසේ ආහාරයෙන් ඇතුළු වන ආසනික් බඩ වැලේ දී උරාගෙන අක්මාව හරහා මුළු සිරුර පුරා ගමන් කරයි.ජීවී සෛලයක මූලික ක්‍රියාකාරී ඒකකය වන DNA අණුව වෙනස් කල හැකි විශේෂ හැකියාවක් ආසනික් සතුව ඇත. DNA ව්‍යුහය වෙනස් කිරීම නිසා ඇතිවන විකෘති සෛල, පිළිකා ඇතිකිරීමටත්, සංජානනීය ආබාධ හා වඳ බව ඇතිකිරීමටත් හේතු වෙයි. අග්න්‍යාශයේ ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනයට බලපෑම නිසා ඉන්සියුලින් නිෂ්පාදනය අඩාල වී දියවැඩියාව හටගනී. අක්මාවේ නිපදවෙන හෙපරින් නමැති රසායනිකයට බලපෑම මගින් හෙපරින් නිපදවීම අඩු වීම නිසා ලේ කැටිගැසීමේ දෝෂ හටගෙන හෘදයාබාධ, අංශබාග වැනි රෝග සෑදීමේ අවධානම වැඩි වෙයි. මේ ආකාරයටම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතිවන බාධා නිසා සම හා ස්ලේශ්මල පටලවල ආරක්ෂාකාරී ක්‍රියාව දුර්වල වන අතර විෂ බීජ සමග සටන් කිඊමේ හැකියාව බිඳ වැටී පහසුවෙන්ම ලෙඩ රෝගවලට ගොදුරු වේ.
DNA ක්‍රියාකාරීත්වය වැඩි, වර්ධන වේගය වැඩි පටකවලට ආසනික් දැඩි බලපෑමක් ඇතිකරයි. එයින් අදහස් වන්නේ කළල හා ළමා අවදියේ දී ආසනික් ශරීර ගත වන අපගේ බාල පරපුර ඉහත රෝගයන්ට අඩු වයසින්ම ගොදුරුවීම අනිවාර්යයෙන්ම සිදුවන බව හෙවත් අනාදිමත් ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක අවසානය ආරම්භ වී ඇති බවයි.