වැඩ සටහන්

 

2018-12-16 වැනි ඉරිදා වැඩසටහන

 

අපගේ මාතෘ භූමියට ආදරය කරන ලාංකික ජනතාව වෙතටයි!
ඔබ සැම අතර “හෙළ සුවයේ” භාවනා වැඩ සටහන් වලට පැමිණ බවුන් වඩන අය ද, “හෙළ සුවයෙන්” රෝගී අවස්ථා වල දී ප්‍රතිකාර ගෙන සුව වූ අය ද, ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඇති බව අපි දනිමු. ඊට අමතරව “හෙළ සුවයෙන්” පිදෙන කැඳ , සහල් ඇතුළු ඖෂධීය ආහාර වර්ග ආහාරයට ගෙන එයින් සුවපත් වූ දහස් සංඛ්‍යාත ජනකායක් ද ඇති බව අපි දනිමු. එමෙන්ම “හෙළ සුවය” හා සම්බන්ධ සියළු ලෞකික තම විහරණයන් අත හැර රට වෙනුවෙන් කැප වූ අපගේ වෛද්‍යවරුන්ගේ දේශනා වලට පසු ගිය අවුරුදු ගණනාවක් තිස්සේ සහභාගී වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඇති බව අපි දනිමු.
“හෙළ සුවයේ” අපි බවුන් වඩමින් දිනෙන් දින අධ්‍යාත්මික දින චරියාව ජීවිත ප්‍රවෘජාව ට එකතු කර ගනිමින්, ගොවි ජනතාවත් සමඟ එකතු වෙමින්, වස විස නැති ආහාර රටාවට විශාල ජනාතාවක් යොමු කරමින්, නිහඬ ව දින පතා ඔබට ආමන්ත්‍රණය කලේ මේ රටට ඇති ආදරය නිසයි. මේ ලක් දෙරණේ ජීවත් වන ඔබ සැමට වස විස නැති සහල් සහ කැඳ ඇතුළු ආහාර සාදමින්, අඩු මිලට සපයමින්, නිහඬව ඔබ සැම අතට පත් කලේ ද ජාති, ආගම්, කුල භේද ආදිය ද තැකීමකින් තොර ව, සියලු දෙනා එක් ව සළකාලමිනි. අධ්‍යාත්මය තුලින් ලද පන්නරය හා අපගේ සීලය ද එකතු කර ගනිමින්, ඔබ සැම සමඟ වෙදකම ද, ආහාරය ද, අධ්‍යාත්මය ද බෙදා හදා ගත්තේ මේ දෙරණ අපගේ හදවත් තුල එක ම මිනිස් කැලක් ලෙස ජීවත් කල යුතු යයි හදවතට දැනෙන, හදවතේ ලියවුනු, පිවිතුරු වත සිත පුරවා ගෙන ය. මෙම සියලු කටයුතු අප ඔබ අතරට ගෙන ගියේ නාථ දෙවියන් ඇතුළු සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ගෙන් ලැබුණු තාක්ෂණයන් තුලිනි.
ආදරණීය ශ්‍රී ලාංකික සහෘදයිනි, අද මේ රටට පත් වී ඇති ඉරණම දිහා බලන විට අපගේ හදවත කකියවන සුළු ය. එබැවින් අපට නිහඬ ව සිටිය හැකි දැයි කම්පිත හදවතින් කඳුළු පිරි දෙනෙතින් මුනිවත රකින්නේ දැයි නොතේරෙන බැවිනි. නැවතත් නාථ දෙවියන්ගෙන් ආයාචනා කරනුයේ කුමක් කරනු වස් ඔවදන් අපේක්ෂාවෙනි.
හිතවත් ලාංකීය සහෘදයිනි, කුලල් කා ගන්නේ කුමක් අරභයා දැයි ඔබ ද, අපි ද නොදනිමු. පන්සල් සෑදු පමණින් ධර්මය දරන්නේ ද ? කෝවිල් සෑදු පමණින් හින්දු දෙවිවරු වඩින්නේ ද? පල්ලි හා මුස්ලිම් පල්ලි සෑදු පමණින් එම දෙවිවරු වඩිත් ද ? නාථ දෙවියන් ගේ උත්තරය වූයේ “නැත” යන්නයි. කුලල් කා ගන්නෝ සැම ලඟට පැමිණෙන්නේ ද්වේශයට හිමිකම් කියන අමනුෂ්‍ය කොට්ඨාශ පමණක් යැයි උන්වහන්සේ පැවසූ සේක. එසේ නම් අද මාතෘ භූමිය පාලනය කරන අය කුමක් කරන්නෝ වෙත් ද? ඒ අය ළඟ සිටින්නේ කවුරුන් වෙත් ද ? එම නිසා මනුෂ්‍ය ප්‍රජාව අතර පාලක පන්තිය කුලල් කා ගනිද්දී පාලිත අප කුමක් කරන්නෙම් ද ? නාථ දෙවියන්ගෙන් උපදෙස් ගෙන ආරණ්‍යයක් ආරණ්‍යයක් ගානේ ගොස් සීලය රකින භික්ෂූන් වහන්සේලාගෙන් කොළඹට වඩින ලෙස හෙළ සුවයේ අපි ආයාචනය කළෙමු. දෙසැම්බර් 16 වන දින ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ සිල්වත් භික්ෂූන් වහන්සේලා 131 අපගේ ආරාධනය පිළිගෙන උන්වහන්සේලා සමඟ මේ භූමිය පිරිසිදු කර වීම පිණිස දෙසැම්බර් 16 වන දිනට අපි සැම එකතු වී මෙසේ අදිටන් තබමු.
එම අධිෂ්ඨාන පූජාවට ඔබ සැම සිටින තැන් වල සිට අධිෂ්ඨාන තබන්න. එම උතුම් අධිෂ්ඨානය තබන එම දිනයේ දී වත් අඩු තරමින් මත් පැන්, මස් මාංශ වලින් තොර ව ගත කරන ලෙස පළමු ව ඉල්ලා සිටිමු. මාතෘ භූමිය වෙනුවෙන් දහවල් එකට පමණ මෙසේ අධිෂ්ඨානය අප සමඟ එකතු කරන්න.

අධිෂ්ඨානය
“ භව සසරේ භවයෙන් භවය මම පාරමී පිරුවා සත්‍ය නම්, කුසල් රැස් කළා සත්‍ය නම්, එම පාරමී දහරාව සමඟ කුසල් ශක්තිය එකතු වී, සීලය රකින, බවුන් වඩන ස්වාමීන් වහන්සේලාගේ අධිෂ්ඨාන පාරමිතාව සමඟ එකතු වේවා! එම කුසල් ශක්තිය හා පාරමී දහරාව හෙළ සුවයේ පන්සිල් රකින ගුණ පුරන ගිහි සැමගේ අධිෂ්ඨාන පාරමී දහරාව සමඟ එකතු වේවා! ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ හෙළ සුවයේ අපගේ අධිෂ්ඨාන සමඟ එකතු වන මාගේ කුසල් ශක්තියේ ආනුභාවයෙන් මෙම ශ්‍රී ලංකාද්වීපයේ දුස්සීල දේශපාලනඥයින් මෙම නායකත්වයන්ගෙන් ඉවත් වේවා! බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී පාද පත්මය තැබුවා වූ මෙම භූමියෙහි දුස්සීල නායකත්වයන් ඉවත් වී සීලයෙහි පිහිටි නායකත්වයන් බිහි වේවා! ඒ සඳහා නාථ දෙවියන් ඇතුළු සම්‍යක්දෘෂ්ඨික දෙවියන්ගේ අධිෂ්ඨානය, පාරමී දහරාව මේ භූමියට සම්බන්ධ වෙත්වා! අමනුෂ්‍ය තල වල සිටින්නා වූ අය අපගේ කුසල් අනුමෝදන් වී සුගතිගාමී වෙත්වා! සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සිත් වල කුසල් සංඥා මතු වේවා! සියලු ම ශ්‍රී ලාංකිකයෝ පංච සීලයට යොමු වේවා! ඒ අතරින් නායකයන් සීලය සමඟ බිහි වේවා!”

මේ අධිෂ්ඨානය පරම පිවිතුරු ආකාරයට පංච සීලය රැක මේ මාතෘ භූමියට එකතු කරන්න. අධිෂ්ඨානය කරන වෙලාව සවස 2.37

  • “හෙළ සුවය”

 

2018 දෙසැම්බර් 16 වන දින අපගේ ගරුතර ස්වාමීන් වහන්දස්ලා උන් වහන්දස්ලා
සමඟ කරන වැඩසටහන් විස්තරය

පෙ.ව. 9.00 සිට පෙ.ව. 10.30 තෙක් – විවිධ ප්‍රදේශ වලින් ස්වාමීන් වහන්සේලා වැඩම කිරීම.
පෙ.ව. 10.30 සිට දහවල් 12.00 තෙක් – බුද්ධ පූජාව පිළිගන්වා ස්වාමීන් වහන්සේලාට දානය පිළිගැන්වීම.
දහවල් 12.00 සිට ප.ව.12.45 තෙක් – ස්වාමීන් වහන්සේලාට විවේකය
ප.ව.12.45 සිට ප.ව. 1.00 තෙක් – හෙළ සුවය නිර්මාතෘ ප්‍රියන්තා සේනානායක මහත්මිය විසින් ආරණ්‍ය ගත ස්වාමීන් වහන්සේලා මෙසේ වැඩම කිරීම පිළිබඳ අරමුණ පැහැදිලි කිරීම.
ප.ව.01.00 සිට ප.ව. 02.00 තෙක් – පිරිත් සජ්ජායනය
ප.ව.02.00 සිට ප.ව. 02.37 තෙක් – ස්වාමීන් වහන්සේලා භාවනා කිරීම, ඉන් පසු රට වෙනුවෙන් අධිෂ්ඨානය තැබීම.
ප.ව.03.15 සිට ප.ව. 03.30 තෙක් – ගිහි අය රට වෙනුවෙන් අධිෂ්ඨානය තැබීම

පැහැදීලි කිරීම :
එදා මෙදා තුර රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් මේ රට පාලනය කළ රජවරුන්ගේ පටන් අද වන තුරු මේ රට වෙනුවෙන් දිවි පිදූ සෑම දෙනාටම පුණ්‍යානුමෝදනා.
මේ තාක් ඉතිහාසයේ පටන් යම් කෙනෙක් මේ රටේ සිටින ජනතාව බෙදා වෙන් කිරීම උදෙසා නායකත්වයන් දුන්නේ ද, ඔවුන් නිහඬ කරවීමත්, ඉතිහාසයේ පටන් දෙමළ සිංහල ජාතිය අතර භේද කරවීම සඳහා නොයෙක් කුමන්ත්‍රණ කළා වූ සියලු වීදේශ අධිපත්‍යයන්ගෙන් දම් රට නිදහස් කරවීම සඳහාත් සිල්වත් භික්ෂූන් වහන්සේලාගේ සහ ගිහි පිරිසගේ අධිෂ්ඨානය එකට තැබීම, සියලු වෛර දුරු කිරීම මෙහි අදහසකි. ජාතිවාදී යුද්ධ වලින් මරණයට පත් වූ දුගති වල සිටින අය සුගතිගාමී වීමට අදිටන් තබා පුණ්‍යානුමෝදනා කිරීම උදෙසා අපගේ මෛත්‍රිය පාදක කර ගත්තා වූ අධිෂ්ඨානය තැබීම මෙහි තවත් අදහසකි.
***

 

To the beloved Sri Lankans,

We trust there will be many followers of Hela Suwaya among you, who has experienced meditation practices, indigenous medical practices & organic food program. Many of you may have had listen to the fleet of medical doctors who have devoted their life to Hela Suwaya.

We at Hela Suwaya live a life of ‘Right livelihood’ (samma ajiva), meditate, promote production of organic food with great affection to the country. We manage a social enterprise of producing organic rice & porage making them available at an affordable price. At the heart our goal is to promote peace & harmoney between every religion, creed & cast. We combined our spiritual discipline with spirit & guidance of God Natha, follower Gods of load Buddha & the Load Shiva.

We at Hela Suwaya are shocked & saddened by the current political crisis of the country. This is our collective act to influence its correction.

Just by building temples, kovils & churches, there wouldn’t be a spiritual protection. When we human beings fight with each other, & promote greed hatred & dilusion, there won’t be any blessings from Gods, according to God’s Natha & Shiva. Now today we witness the fighting spreads to the level of political leaders. As an effort to bring down a positive influence we have visited remote Ashrams (Aranya) across the country to make an appeal for those monks who live in seclusion to come out, get together & make a collective wish ( Adhishtana).

On the 16th of Dec. 131 forest monks (Aranya Bhikkus) will leave their reclusive premises, embark upon journey to make the spiritual wish (declaration) at Hela Suwaya premises of Malabe.

We kindly invite you to take part in this spiritual event, even whilst stay at where you are. We also kindly remind that you may limit to vegetarian food & refrain from alcohol during this day of spiritual declaration.

Spiritual wish (Adhisthana)

In the truthfulness of virtuous journey (Paramitha), and good deeds (Kusal), may the power of virtue & good deeds blend together with the spiritual power of these 131 monks. May those virtus & merits blend together with the virtues & merits of Hela Suwaya. May my virtues & merits get together with these noble forces to influence the birth of new leaders who are full of virtues & spiritual disciplines. In this land where loard Buddha had set his virtuous foot, may new leaders being born with right virtue, principles & conduct. May the spirit of God’s Natha & Shiva being connected to these powerful forces. May every Sri Lankan be a one of virtue & good deeds.
Time of commencement of Wish- At 2.37pm on 16th of December

– “Hela Suwaya”

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top