අප මුතුන් මිත්තන් අනුභව කල ආහාර වර්ග

හෙළ ගොවිතැන

අප මුතුන් මිත්තන් අනුභව කල ආහාර වර්ග

       හෙළ ඉතිහාසය පෝෂණය වූයේ ආධ්‍යාත්මික ගුණයන්ගෙන් පිරිපුන් මනුෂ්‍ය සන්තානයන්ගෙනි. එබැවින් ලෞකික ප්‍රඥාවට වඩා ලෝකෝත්තර ප්‍රඥාවට මුල් තැන ලැබිණි. පංචශීලය රැකි හෙළයා ආධ්‍යාත්මික දියුණුව තුලින් ලබාගත් දැනීම ඉතිහාසය පුරාවටම පැතිරී ගිය බව අදටද විද්‍යාමාන වන්නේ වැව-දාගැබ තුලිනි. දියුණු යැයි කියන කෘෂිකාර්මික තාක්ෂණය පසුපස හඹා නොගිය හෙළ මුතුන් මිත්තෝ ආධ්‍යාත්මය තුලින් ගොඩ නගාගත් තාක්ෂණය ම තම ආහාර රටාවට ද එක් කරගත්හ.
මඩ ගොවිතැනට අමතරව තම අවේනික තාක්ෂණය තුලින්ම හේන් ගොවිතැන මූලිකව වගා රටාවට සම්බන්ධ කරගත් ගොවියා පෝෂණයෙන් ඉතා ඉහල වස විස නැති ආහාර බෝග රටාවකට අනුගත වී තිබුණි.
ආහාරයට ගත් බෝග වර්ග

  1. බුද්ධ බෝග
  2. දස ගුණ බෝග
  3. පස් ගෝ රස
  4. විවිධ අල වර්ග

බුද්ධ බෝග
ඇටය ආරක්ෂා කිරීම සඳහා පොත්ත ගොඩ නැගුනාක් සේ ලක් දරු මනස ආරක්ෂා වූයේ බෞද්ධ ධර්මයෙහි ආනුභාව ශක්තියෙනි. බුද්ධ බෝග බිහි වූයේ පන්සිල් රැකි සමාජය තුල ගුණාත්මක අගය වටහා ගත් මනසට ප්‍රමුඛත්වය දුන් සමාජ සම්මත ගෞරවනීය බොදු හෙළයන් වෙනුවෙනි.
බුද්ධ භෝග යනු බුදුරජානන් වහන්සේගේ පාරමී ශක්තිය මූලික කොටගෙන එම ධර්මයෙහි ජීවත්වන්නවුන්ගේ ප්‍රඥාවට හසු වූ ගුණාංග මත පදනම ගොඩ නගාගත් කෘෂි තාක්ෂනයන් අරමුණු කොට ගත කෘෂි කාර්මිය වගා ඵලයන්ය. මෙහි දී විශේෂයෙන් ම සාම්ප්‍රදායික වී වර්ග මූලික කොටගත් පදනම ගොඩ නැගුණි.

දස ගුණ බෝග
මෙහි දී හෙළ බොදුනුවෝ ආහාර විවිධත්වයෙහි ඇති වැදගත්කම මනාව අවබෝධකොට ගෙන සිටියහ. එබැවින් ප්‍රධාන ගුණාංග දහයක විවිධත්වයකින් යුත් බෝග වර්ග දහයක මිශ්‍රණයක් ආහාර රටාවට එකතු කොට ගෙන තිබිණි. මස් මාංශ අනුභවය පිළිකුල් කොටගත් බොදුනුවෝ මෙම බුද්ධ බෝග හා දස ගුණ බෝග ප්‍රමුඛ කොට ගත් ආහාර රටාව පුරුදු පුහුණු කලේ ඉතා දිගු ආයු කාලයක් වැළඳීමට හා නීරෝගී මානසික කායික ශක්තිය වර්ධනයට තම දියුණු නැණස තුලින් ගත් අවබෝධයෙනි. දස ගුණ බෝගවලට අයත් වන්නේ, තෘණ කුලයේ ගොඩ වැවෙන්නා වූ හාල් වර්ග, ප්‍රාථමික ගණයේ ඇට වර්ග සහ බුද්ධ බෝගවලට අයත් මඩ ගොවිතැනෙහි සමහරක් ඇල් වී වර්ගයන් ය.

තෘණ කුලයේ ගොඩ වැවෙන්නා වූ හාල් වර්ග
බඩ ඉරිඟු, තණ හාල්, මෙනේරි හාල්, කුරක්කන්, කුදර, අමු


 බඩ ඉරිඟු



 තණ හාල්



 මෙනේරි හාල්



 කුරක්කන්


Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top