ගමන් මග

ගමන් මග

ගෞතම මුනිඳුන් වැඩි මේ         දේශය
සම්බුදු සසුනට පුද කළ             දේශය
ගැමුණු පුතාගේ හද පිදු             දේශය
අපිත් රකිමු මේ පුද බිම             දේශය

 

 

අප මාතෘභූමිය භූමිය ලෝකයේ අනිකුත් රටවල් වලින් විශේෂිත වූයේ ඇයි?
මෙම පූජා භූමිය බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ ස්පර්ශය ලැබූ පාරමී දම් පුරන ඇත්තන්ට උරුමකම් කියන දේශයක් නිසා. මේවා මගේ  අදහස් නොවෙයි.
එහෙනම් කාගේ ඒවාද?    
මා සමග සම්බන්ධ වන නාථ දෙවියන් ප්‍රමුඛ දෙවිවරුන්ගේ ඒවා.
ඒ කියන්නේ ආරූඩයක්ද? එහෙමත් නැතිනම් භූතයෙක්ද?
නැහැ .  මට පෙනෙන්න ඇවිත් කතා කරනවා.
මොන වගේද ?
බොහොම ලස්සනයි
සළු පිලි ඇඳලා . . . ඔටුන්නක් දාල, ඇස් පිල්ලම් ගහන්නේ නැහැ. මගේ ශරීරයට අත තබන්නේවත්, ඇඟට ආරුඩ වෙන්නෙවත් නැහැ. ඉහල තල වල ඉන්න දෙවිවරු මනුෂ්‍යයින්ගේ ඇඟට ආරුඩ වන්නේ නැහැ. ඉහල තල වල ඉන්න දෙවිවරුන්ට මනුෂ්‍යයින්ගේ ශරීර වලට ආරුඩ වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ අය සාස්තර කියන්නෙත් නැහැ. පාරමී දම් පුරන ඇත්තෝ එනම් නිර්වාණ මාර්ගයේ ගමන් කරන ඇත්තෝ සාස්තර කිව්වොත් එය නිර්වාණ මාර්ගයට බාධාවක්. මේ ඇත්තෝ සම්‍යදෘෂ්ඨික දෙවිවරු. ධර්ම මාර්ගයේ ගමන්කරන අයට හා භාවනා කරන අයට බොහොම ගෞරවනීය විදියටයි කතා කරන්නේ. අපි අහල තියෙනවනේ පන්සිල් රකිනවානම් දෙවියොත් නමට වඳිනවා කියලා.
ඇත්තටම ලෝකයේ දෙවිවරු කියා පිරිසක් ඉන්නවාද?    
ඔව්
සෑම ආගමකම දෙවිවරු කියා කොටසක් ඉන්න බව හින්දු, කතෝලික, මුස්ලිම් බැතිමතුන් තමුන්ගේ ආගමික සිද්ස්ථාන වලදී පවත්වන පුද පූජා වලින් පැහැදිලිවෙනවා . ජීවිතයේ ඇතිවන ගැටලුවලට ඔවුන් එම ස්ථානවලින් පිහිට පතනවා.
මෙහිදී අප  අවබෝධය කරගත යුතු කාරනයක් වන්නේ  “සත්වයා යනු මිනිසා පමණක් නොවන  බවය”.
දෙවිවරුන් යනු ලෞකික විඥානයක් සහිත වූ නාම(සිතයි ) රූප(ශරීරයයි) දෙකකින් සමන්විත වූ සත්ව කොට්ඨාශයක්.
ඔවුන් ලෝභ ද්වේශ මෝහ වර්ධනය කරවන ලෞකික විඥානයෙහි පවතිනා කෙලෙස් හඳුනා නොගත්තාවූ කොට්ටශයක්.
එතකොට  බුද්ධාගමේ දෙවිවරු කියන්නේ කවුද ?  
අපගේ ආගමේ ශාස්තෘන් වහන්සේ වන්නේ බුදුරජාණන් වහන්සේයි .
උන්වහන්සේ මනුෂ්‍යයෙක්. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වාදුන්නේ විඥානයෙහි ඇති ලෝභ ද්වේශ මෝහ කෙලෙස් දුරුකරන නිර්වාණ මාර්ගයයි.
දෙවිවරුන්ගෙන් නිර්වාණ මාර්ගයේ ගමන් කරන්නාවූ කොට්ඨාශයක් ඉන්නවා,  විඥානයෙහි ඇති ලෝභ ද්වේශ මෝහ වැනි කෙලෙස් දුරු කරමින් නිර්වානමර්ගයේ ගමන් ගන්න දෙවිවරුන්ට සම්‍යදෘෂ්ඨික දෙවිවරුන් කියලා අපි කියනවා.
නාථ දෙවියන්  කියන්නේ කවුද ?
නාථ කියන්නේ දේව තනතුරක්. මා හමුවට පැමිණෙන දෙවිවරු මට පවසන ආකාරයට එම තනතුරට දැන් පත්ව සිටින්නේ  මතු බුදු වන මෛත්‍රී බෝධිසත්වයන්  වහන්සේයි.
මනුෂ්‍යයන් සමග සම්බන්ද වන්නේ දෙවිවරුන් පමණක්ද ?
නැහැ
මනුෂ්‍යයන් සමග සම්බන්ද වන අනිත් අය කවුද ?
යක්ෂ, භූත, ප්‍රේත, කුම්භාණ්ඩ වැනි භවයන් වලට අයත් අය වෙන්න පුළුවන්. නාග බ්‍රහ්ම වැනි වෙනත් ලෝක වල අය වෙන්නත් පුළුවන්.
එම උදවිය කවුද ? 
නාමයක් රුපයක් සහිත සත්ව කොට්ටාශයක්.
මෙම  අමනුෂ්‍ය කොටස් පෙනෙන්නේ නැතිද ?
පෙනෙනවා
මොනවගේද?
ඉතාම විරූපී, සමහර අයට ඇඳුම් නැහැ හරිම වේදනාවෙන් කෑගහනවා මේ අයට සමහර මිනිසුන්ට සම්බන්ධ  වී කරදරකිරීමට හැකියාවක්ද  තිබෙනවා.
මෙයින් ගැලවෙන්න ක්‍රමයක් නැතිද ?
තිබෙනවා
ඒ කොහොමද?
පංචසීලය රකිමින් නිර්වාන මාර්ගයට සිත තබා භවනා  කර තමා  ඇතුළුව සියලු සත්වයන්ට මෛත්‍රී කර කුසල් ඉස්මතුකිරීමෙන්  පමණක් ම කළහැකි යි.
සම්බුදු සසුන පිරිහෙන මෙවන්  සමාජයක්  වෙනස් කළහැකිද? නාථ දෙවියන් මොකක්ද කියන්නේ ?
මමත් ඇසුවා. උන්වහන්සේ  මෙසේ කීවා.
යුද්ධයක් පැවතුනු මෙම රට යුද්ධයෙන් බෙරා ගත්තේ වුව ද සම්බුදු සසුන ආරක්ෂා කිරීම පිණිස සියලු දෙන නිති පන්චසීලයට යොමු විය යුතු බැව් දෙවිවරු පවසති.
අපි නිර්වාණ මාර්ගයේ ගමන් කළ යුතු වෙමු. පන්සිල් සුරැක සියලු දෙනාගේ පිරිසිදු අධිෂ්ඨාන මේ භූමිය සමග සම්බන්ධ වුවහොත් සම්‍යදෘෂ්ටික දෙවිවරුන්ට නැවතත් මේ භූමිය සමග සම්බන්ධ වී අප මාතෘභූමිය රැක ගැනීම උදෙසා තවදුරටත් වැඩ කළ හැකි බව නාථ දෙවියන්ගේ අදහසයි. නිර්වාණ මාර්ගයේ දොරටුව පන්චසීලය යි.
ආසනික් පිළිබඳ හෙළිදරව් කිරීම සාස්තර කීමක්ද ?
මෙය අප අවබෝධ කර ගතයුතු කාරණාවක් අප සිදු කළ ආසනික් පිළිබඳ හෙළිදරව් කිරීම සාස්තර කීමේ බලාපොරොත්තුවෙන් පැවසූ දෙයක් නම් නොවේ. සාස්තර කීම පාරමී දම් පුරන ඇත්තන්ට අයිති දෙයක් නොව, එහෙත් ශ්‍රී ලාංකික ජාතිය ව්‍යාධි මාරයාට හසුවී ඉතා කෙටි කාලයක දී විනාශ වී යාමෙන් බෙරා ගැනීම පමණක් අරමුණු කර ගෙන ප්‍රකාශ කරන්නේ මෛත්‍රී පාරමිතාව පෙරදැරි කර ගෙන ම ය. ගැමුණු කුමාරයා මනු ලොවට බැස එ දවස ක්‍රියා කළේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් බේරා ගැනීම පිණිස මිස රාජ්‍ය බලයට ලොබ බැඳ නම් නොවේ. 

ගජිඳු මෙත් ගුණ දැරුනු සිත් සනසන්න හිටියා ඒ             නිරින්දා
ගැමුණු වේසෙන් බිමට බැසගත් රජිඳු ගුණ දම් පිරු         නිරින්දා
සසුන බේරුවේ දැමුණු සිතකින් ගුණය ලක මත බෙදූ        හින්දා
එයයි පුතුනේ අපිට ඉතිරිව තිබුනෙ ලක් බිම අද              නමින්දා

 

ඔබතුමිය කාව්‍ය රචනයට හුරුවුනේ කොහොමද  ?
මට ඒ තරම් හැකියාවක් නැහැ. මෙම කවි දෙවිවරුන් විසින් මා හට දුන් කවි.
ආසනික් පිළිබඳ හෙළිදරව්ව ඔබතුමිය ඇතුළු කණ්ඩායමට එල්ලවු අභියෝග ගැන ලිවීමට සිතුවේ ඇයි ?
   මෙම ආසනික් පිළිබඳ හෙළිදරව් කිරීමෙන් පසු ව අප මුහුණ පෑ බාදක පිළිබඳවත් එම අභියෝග ජය ගත් ආකාරයත් උපේක්ෂා පෙරදැරි කරගත් සිතින් ලිවීමට සිතුවේ මෙය කියවන ඔබගේ අනාගතයට එළිවැටක් කිරීමේ පරමාර්ථයෙනි. එයින් ඔබටත් ජීවිත මගෙහි අභියෝග පැමිණි කල ජය ගැනීම සඳහා වැඩ කළ යුතු ආකාරය ගැන ටිකකින් හෝ අවබෝධයක් ලබා ගත හැකිය.
පුද්ගලිකව සහ මාධ්‍ය තුලින් එල්ල වු දැඩි විවේචන වලට මුහුණ දුන්නේ කෙසේද? 
    මෙම වැඩ පිළිවෙළෙහිදී අපට ආ බාධක ජය ගත්තේ උපේක්ෂා සිතින් හා අධිෂ්ඨාන බලයෙන් ම ය. භාවනා කරමින් සත්‍ය වචනය ඉදරියට ගෙන යාම සඳහා පංචසීලයෙහි අකුරට ම දිවි පෙවෙත ගෙවමින් එගොඩ කැලණිය, රුවන්වැලි සෑය, ශ්‍රී මහා බෝධිය වැනි ස්ථානවල අධිෂ්ඨාන තබමින් ඉදිරියට ආ නිසා ම ය.
ඔබ කණ්ඩායම  කළ ප්‍රකාශය සත්‍ය බව දැන දැනත් බොරුකාරයන් යයි මතයක් ගොඩනැගීමට හැදුවේ කවුද? කෘෂිරසායන ව්‍යාපාර ප්‍රජාව ද ?
ව්‍යාපාර ප්‍රජාව පමණක් නොව නිදහස් අධ්‍යාපනය තුලින් අධ්‍යාපනය  ලබා රසායන විද්‍යාව  පිලිබඳ අවබෝධය ඇති අපගේ අනාගත දරුවන්ට උසස් අධ්‍යාපනය  ලබාදෙන්නාවූ මහාචාර්යවරුනුත්  සිටියා.
ඒ පිලිබඳ මෙහි සදහන් පුවත්පත් කියවන විට වැටහෙයි.
ඒ අයට එසේ වුනේ ඇයි?  
පසුගිය තෙවසරක පමණ කාලයකට පෙර ආසනික් ගැන මුලින් හෙළි කළ විට මහාචාර්ය ජනිතා ලියනගේ, මහාචාර්ය ඉලේපෙරුම වැනි අය අප කළ ප්‍රකාශය සත්‍ය බව දන දැනත් අප බොරුකාරයන් යයි මතයක් ගොඩනැගීමට හැදුවේ ලෞකික පරමාර්ථයන් මුල් කර ගෙන බව අපි දනිමු. මුදල් පසුපස හඹා යන සමාජයක එයට ම වහල් වුවන්ගේ මනෝ ලෝක බිඳ වැටෙන විට සත්‍යයට පහර ගසා එය වළලා දැමීමට උත්සාහ කරන්නේ පෙර සසරේ දී ප්‍රගුණ කල අකුසල් ශක්තිය නිසා ම බැව් අපි වටහාගෙන සිටියෙමු.

 

 

 


 

 

 

අප සමාජයේ මෙවැනි පුද්ගලයන් වැඩිවෙමින් පවතී ඒ ඇයි ?
සසර පුරා අමනුෂ්‍ය ලෝක තිරිසන් ලෝක වැනි ලෝකවල නිතර නිතර උත්පත්තිය ලබන සත්ත්වයා මනුෂ්‍ය භවයක උත්පත්තිය ලබන්නේ ඉතා දුර්ලභ අවස්ථාවන්හි දී ය. භාවනා කරන සිතකට පෙර භවයන් පිළිබඳ අවබෝධය ලබාගැනීමේ දී මෙය මනාව අවබෝධ වේ. එ බැවින් ලෝභය, ද්වේශය මුල් කරගත් සියලු සත්ත්වයන් කෙරෙහි බුදු කෙනෙක් මෛත්‍රී වඩන්නේ සසර පුරා තිරිසන් භවවල දී හෝ අමනුෂ්‍ය භවවල දී පුරුදු කළ මෙම ද්වේශ සහගත ක්‍රියාවන් මැඩීමටය.
ඔබව  බොරුකාරයන් කිරීමට උත්සාහ ගනිද්දී නාථ දෙවියන්ගේ උපදේශය වූයේ කුමක්ද ?
ඔවුනගේ අකුසල් කර්මය මැඩ පැවැත්විය හැක්කේ අපගේ කුසල් ශක්තිය ඉස්මතු කිරීමෙන් නිසා ම ය.
නොයෙකුත් මාධ්‍යවලින් හා ප්‍රසිද්ධ දේශනවලින් අපව බොරුකාරයන් කිරීමට උත්සාහ ගනිද්දී නාථ දෙවියන්ගේ උපදේශය වූයේ අප සියලු දෙනා එක් වී මෛත්‍රී භාවනාව පුරුදු කරමින් ඔවුනට මෛත්‍රී කරන ලෙසය.
අප භාවනා පිරිසේ සියලු දෙන එකට එකතු වී මෛත්‍රී කිරීම පුරුදු කරමින් ඔවුනට පිළිතුරු සැපයුවේ සත්‍යය එළිදරව් කිරීමේ පරමාර්ථයෙන් ම ය.
සෑම විටක ම සම්බුද්ධ ශාසනය රකින දෙවිවරුන්ට අපගේ පරමාර්ථය ඉටුකර ගැනීමට උදවු කරන්නැයි මෛත්‍රිය ප්‍රමුඛ කරගත් සිතින් භාවනා කරමින් අධිෂ්ඨානය ප්‍රමුඛ කර ගෙන ඉල්ලීමක් කරන්නැයි නාථ දෙවියෝ පැවසූහ.
මහාචාර්ය ජනිතා ලියනගේ වැනි අය ප්‍රමුඛ කරගත් කැලණිය විශ්වවිද්‍යාලයේ යම් යම් කථිකාචාර්යවරුන් අප ආසනික් පිළිබඳ කණ්ඩායමේ සාමාජිකයන්හට දරුණු ආකාරයේ බාධක ඇති කරත් දී නාථ දෙවියන් මගෙන් ඉල්ලා සිටියේ මෛත්‍රී කර ඔවුනට අනුකම්පා කරන ලෙස ය.
ඔබ සඳහන් කළ ඔබ සමග භාවනා කරන පිරිස කවුද ?
මෙම වැඩ පිලිවෙලට එකතු වු වෛද්‍යවරුන්, ගුරුවරුන්, ගොවින්, ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන්, ඇතුළුව සමාජයේ විවිධ  තරාතිරම් වල පුද්ගලයින්ගෙන් සැදුනු පිරිසක්.

මොකක්ද භාවනා ක්‍රමය ? කවුද කමටහන් දෙන්නේ ? 

අපට මෙම ගමන් මගේහිදී එල්ලවූ අභූත චෝදනා ඉදිරියේදීත් අප ක්‍රියා කළ ආකාරය මම පැහැදිලි කරන්නම්.

අප කණ්ඩායම් වශයෙන් එකතු වී භාවනා කරමින් ඔවුන් අකුසලයෙන් මිදේවා යනුවෙන් අධිෂ්ඨාන තබමින් මෛත්‍රී කළෙමු. එහෙත් සමාජය ඉදිරියේ දී ඔවුන්ගේ වචනවල තිබෙන අසත්‍යතාව බිඳහෙලීම සඳහා නිර්භයව කතා කර සත්‍ය ඉදිරියට ගෙන යන්නයි නාථ දෙවියෝ  අපට උපදෙස් දුන් සේක. එ මෙන් ම පිරිසිදු සීලය අනුගමනය කරමින් භාවනාමය සිත දියුණු කරමින් ඉදිරියට යන තාක් උන්වහන්සේලා අප පසු පස සිටින බවත් මේ කෘෂි රසායන වසංගතය මේ රටින් තුරන් කිරීම උදෙසා එක හෙළාම වැඩ කරන බවත් කිසිවකුටත් මෙය නොවැලක්විය හැකි බවත් මා හට පැවසූ සේක.
අප සමග වැඩ කළ අපගේ සමහර සාමාජිකයින් සමාජ ප්‍රහාර ඉදිරියේ කලකිරීමට පත්වූ නිසාදෝ අප අත් හැර ගිය ද නාථ දෙවියන්ගේ උපදේශකත්වයෙන් අප සමග වැඩ කිරීමට එකතු වූ විශාල පිරිසක් දැන් සිටිති. ඔවුන්ගේ අභීත ක්‍රියාකාරීත්වය හා වෛද්‍ය චන්න ජයසුමන හා වෛද්‍ය කුමුදු දහනායක යන අයගේ අචල විශ්වාසයත් රට ජාතිය කෙරෙහි ඇති අචල භක්තියත් නිසා අද වනතුරුත් මුල සිට ම ඔවුහු මෙම කාර්යභාරයේ නියැලී සිටිති.
ඉහත පුවත්පත්වලින් උපුටාගත් කොටස් කිහිපයක් පමණක් මෙම පිටුවේ පළකළද, අවුරුදු තුනක කාලයක් තිස්සේ අප කණ්ඩායමට එල්ල වූ අභියෝග හා විවේචන අප්‍රමාණය. මෙම රටෙහි විශාල පිරිසක් දිනපතා මරණයට ගොදුරුවෙමින් පවතිද්දී තවත් සුළු පිරිසක් කෘෂිරසායන සමාගම් සමග එකතු වී එම මල මිනී උඩින් මුදල් සොයන්නට වෙහෙසෙන්නේ රටේ අභාග්‍යයටදැයි, එම මුදල් සොයන කණ්ඩායම්වල අභාග්‍යයටදැයි නොවැටහෙන අවස්ථා එමට තිබිණි. එහි දී නොයෙක් තර්ක විතර්ක සිත තුළ මතු වුව ද නාථ දෙවියන්ගේ උපදෙස් පරිදි භාවනා කර, ඒවාට පිළිතුරු සෙවීමේ දී අවබෝධ වුයේ අකුසල් සහිත සමාජයක කුසලය ප්‍රමුඛ කරගත් අරමුණු ඉෂ්ට කිරීමට යාමේ දී බාධාවන් ඇති වන ප්‍රමාණය අධික බවත් එහි දී තමන්ගේ මනස එම අකුසල් රැල්ලට හසු නොවීම සඳහා මෛත්‍රී කරමින් වීර්ය, සත්‍ය හා සීල පාරමී දම් පිරිය යුතු බවත්ය. එහි දී අප සියලු දෙන එකට එක් වී කුසල ක්‍රියාවේ යෙදෙමින් භාවනා කරමින් සාමුහික ව වීර්ය පාරමිතාව වැඩිය යුතු බව අවබෝධ විනි.
දැනට වසර තුනකට පමණ පෙර නාථ දෙවියන් විසින් අපට දෙන ලද අධිෂ්ඨානය පහත දැක්වේ. ආසනික් පිළිබද පර්යේෂණය ආරම්භ කිරීමට ප්‍රථම සීනිගම දේවාලයට ගොස් එහි බෝධිය ළඟ දී අපි සියලු දෙනා උන්වහන්සේගේ අවවාද පරිදි පහත සඳහන් අධිෂ්ඨානය ගත්තෙමු.

ආසනික් පිලිබඳ රටට හෙළිවීම




පූජ්‍ය අතුරලියේ රතන හිමිපාණන්වහන්සේ අප සමග එකතු වූයේ සත්‍යය එළිදරව් කිරීමේ පරමාර්ථයෙනි



සත්‍යය එළිදරව් කිරීමේ දී අප සමග

එකතුවූවන්

[pdfviewer]https://helasuwaya.org/wp-content/uploads/2018/06/17.pdf[/pdfviewer]

[pdfviewer]https://helasuwaya.org/wp-content/uploads/2018/06/26.pdf[/pdfviewer]

[pdfviewer]https://helasuwaya.org/wp-content/uploads/2018/06/23.pdf[/pdfviewer]

 

            එම අධිෂ්ඨානයේ ප්‍රතිපල ගැන සිතන විට වර්තමානයේ දී අපගේ ප්‍රකාශවල හා පර්යේෂණ වල සත්‍යතාවය සමාජයට එලිදරව් වී හමාරය. මෙහි දී එම “කෘෂිරසායනවල ආසනික් ඇත” යන එළිදරව් කිරීමෙන් පමණක් අපට සෑහීමට පත් විය නොහැකි බැව් නාථ දෙවියෝ පැවසූ සේක. උන්වහන්සේගේ අවවාදය අනුව කෘෂිරසායන භාවිතයෙන් තොර ව ගොවිතැන් කිරීමේ වැඩපිළිවෙළක්ද, රෝගීන් බේරා ගැනීම සඳහා වෙදකමක් ද, සියලුදෙනා අධ්‍යාත්මයට යොමු කර ගැනීම සඳහා ධර්ම මාර්ගය ද අපි සමාජයට ඉදිරිපත් කරමින් සිටිමු.
ශ්‍රී ලංකාවේ කෘෂිරසායන ගෙන්වීමේ දී එහි ඇති වස විස පිළිබඳ පාලනයට බලය හා වගකීම ඇති නිලධාරියා වන කෘෂිරසායන රෙජිස්ට්‍රාර් වරයා ආසනික් යන්න මනුෂ්‍ය ශරීරයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යක් බැව් නිර්භය ව ප්‍රසිද්ධ ගුවන්විදුලි මාධ්‍යයක ප්‍රකාශයට පත් කරද්දී මුළු රට ම නිහඬ ව සිටි කාලයක් තිබුණි. එ මෙන් ම රාවය පුවත්පතෙහි නාථ දෙවියන්ට අසභ්‍ය වචනවලින් ගර්හා කරමින් අසභ්‍ය කවි ලියා එම කවි කැලණිය විශ්වවිද්‍යාලයේ තාප්පවල අලවා ප්‍රදර්ශනය වෙමින් පවතිද්දී 70% පමණ බෞද්ධයන් සිටින මේ රට ගැන සිතෙහි අප්‍රමාණ කලකිරීමක් හා පිළිකුලක් ඇති වූ අවස්ථා ද නොතිබුනා නොවේ. එහෙත් ඒ අවස්ථාවලදී නාථ දෙවියන් මා හට පැවසුවේ කෙලෙස් සහිත මෙම සත්ත්වයා හට අනුකම්පා කර මෛත්‍රී කරන ලෙසටය. උන්වහන්සේ එම අවස්ථාවල දී අපහට සිනහ මුඛයෙන් යුතුව පැවසුවේ මෙම අභියෝගය ජයගැනීමට නම් අපගේ අකුසල් ශක්තිය මැඩපවත්වා අපගේ කුසල් ද ඉස්මතු කරවමින් එය රටට සම්බන්ධ කර රටේ කුසල් ශක්තිය ඉස්මතු කරවන ලෙසටය. මෙ හිදී අප කළේ විශාල පිරිසක් භාවනාවට යොමුකරමින් සියලු දෙනා සමඟ එකතු වී රටට මෛත්‍රී කිරීමය. මෙහි දී රටෙහි විවිධ ප්‍රදේශවලට අප කණ්ඩායමේ අය ගොස් අපගේ පර්යේෂණ වල ප්‍රතිඵල ද පෙන්වමින් කෘෂිරසායනවල ඇති වස විස නිසා මුළු මහත් සමාජය ම ව්‍යාධි මාරයාට ගොදුරු වී ඇති ආකාරයත් එයින් බේරීම සඳහා වස විස නැති ගොවිතැනක අවශ්‍යතාවයත් පෙන්වා දුනි. මෙහි දී විශේෂයෙන් ම බටහිර හා ආයුර්වේද වෛද්‍යවරුන් අප සමග එක් වී, ඔවුන් අපගේ හෙළ ගොවිතැන අත්හදා බලමින් ගොවීන්ව එකතු කරමින් මෙම ක්‍රමය ගැන කියා දෙමින් හෙළ ගොවිතැන ව්‍යාප්ත කිරීම සදහා විශාල උත්සාහයක නිරත වුහ. ඔවුන් ද අප සමග එකතු වී භාවනා කරමින් අධ්‍යාත්මයේ සුවඳ හඳුනා ගනිමින් ගොවින් ඇතුළු සමාජයේ විවිධ ස්ථරවල පිරිස අපගේ අධ්‍යාත්මික වැඩසටහන්වලට හවුල්කර ගත්හ.
මා මේ ආකාරයට, මෙම ගමන් මඟේ දී අප බාධක ජයගත් ආකාරය ඔබ හමුවට තබනුයේ පිරිසිදු ධර්ම මාර්ගය හඳුනා ගෙන එම මාර්ගයේ ගමන් කළහොත් සත්‍ය ධර්මය පිළිබඳව අවබෝධය ලබා ගෙන එම අවබෝධය තුළින් එලොවත් මෙලොවත් සඵල කර ගන්නේ කෙසේදැයි සුළු වශයෙන් හෝ ඔබට වටහා දීමටය.           අපට ගල් මුල් ප්‍රහාර එල්ල වූවාක් මෙන් ම අප කණ්ඩායමේ කරනලද පර්යේෂණය පිළිබඳ ව සත්‍යතාවය ලොවට පෙන්වා දීම සඳහා උත්සාහ ගත්තෝ වෙති. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කෘෂි රසායන හා රසායනික පොහොර මැලේසියාවට ගොස් අප කිවූ දෙයහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම පිනිස විද්‍යාගාරයක පර්යේශණයට  ලක්කර සමාජයට ඉදිරිපත් කළ සේක. මෙහි සත්‍යතාවය පෙන්වාදී ම වෙනුවෙන්, මාධ්‍ය මෙන් ම වෙනත් මාධ්‍යන් ඔස්සේද, විශාල උත්සාහයක යෙදුන සේක. එ මෙන් ම වෛද්‍ය වසන්ත බන්ඩාර(මහලේකම්,දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය), වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය (ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතී), වෛද්‍ය ආනන්ද සමරසේකර  (ලංකාවේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය)  ආදී විද්වතුන් මෙහි සත්‍යතාවය මහජනයාට පැහදිලි කිරීම උදෙසාත්, කෘෂිරසායන රටට ගෙන්වීම වැලැක්වීම පිනිස නොයෙක් පියවර ගැනීම සඳහා අවංක උත්සාහයක යෙදුන අය වෙති. ඒ අයට නිරන්තරයෙන් ම අපගේ පුණ්‍යානුමෝදනාව හිමි වේ. එ මෙන් ම මෙම පර්යේෂණය කරන කාලයේ දී පීඨාධිපතිව සිටි මහාචාර්ය නලීන්ද සිල්වා මහතා අප සිහිපත් කළ යුතුම ය. පර්යේශණය කිරීමේදී අපට විශාල සහයක් දැක්වූ එතුමා මාධ්‍ය තුලින්ද සාකච්ඡාවටබඳුන් කරවමින් එහි සත්‍යතාව ලොවට හෙළි කිරීමට උත්සාහ ගත්තේ වෙයි. අප ආ ගමන් මග සුමට එකක් නොවූව ද අද එහි ප්‍රතිඵල යහපත් අතට හැරෙමින් පවතී. කෙතරම් දුෂ්කර මාර්ගයක් ඔස්සේ පැමිණියද අප ආ ගමන් මගෙහි විශේෂත්වය වුයේ අධ්‍යාත්මික ශක්තිය සමග මනස එකතු කරමින් නිර්වාණ මාර්ගයේ ගමන් කරමින් කිසිවෙකු සමග ද්වේශ සිතක් ඇත නොකොටගෙන මෛත්‍රී සිතින්ම එකම අධිෂ්ඨානයෙන් සියලු බාධක වලට මුහුණ දීමය. යම් යම් අවස්ථා වලදී මාධ්‍ය හරහා හෝ වෙනත් ක්‍රියාමාර්ග වලින් සත්‍යය ජයගැන්වීම වෙනුවෙන් තදින් කතා කිරීමට සිදුවුවද අප නැවතත් ඔවුනට මෛත්‍රී කරමින් භාවනා කළෙමු. කිසිම ආකාරයකින් අපට බාධා කල කිසිවෙකුටත් රැකියා අහිමි කිරීම්වලින් හෝ වෙනත් ආකාරවලින් පලිගැනීම්වලට නොයන ලෙස තදින් ම නාථ  දෙවියන් අපට උපදෙස් දුන්හ. අප නඩු මාර්ගවලින් පවා සත්‍ය වෙනුවෙන් පෙනී සිටියද අද වන තුරු කිසිවෙකුටත් හිරිහැර කිරීම පරමාර්ථය නොවිණි.
මෙහිදී නාථ දෙවියන් මා හට පවසන ලද පණිවිඩය, අපට දැඩිලෙස බාධා හා ප්‍රහාර එල්ල කල මහාචාර්ය ජනිතා ලියනගේ, පලිබෝධනාශක  රෙජිස්ට්‍රාර්තුමා වන ආචාර්ය අනුර විජේසේකර වැනි උදවියට, මේ අවස්ථාවේදී දීමට කැමැත්තෙමි. මේ ඔබගේත් මගෙත් රාජ්‍යයයි. ඔබගේ දරුවන් ද මගේ දරුවන් ද අනාගතයෙහි දී ජීවත් වන්නේ ද මේ භූමියෙහි ම ය. වස විස යනු මගේ ශරීරයට පමණක් නොව ඔබගේ ශරීරයට ද පොදුවේ ව්‍යාධි ජනකයන් වේ. වස විස කයට ඇතුළු වූ කළ අපහසුවෙන් හෝ සුවකිරීම සඳහා ඖෂධ සොයාගැනීමට හැකිවුවද බල ලෝභයෙන් හෝ ධන ලෝභයෙන් මත්වී හසුරවන මනසක් සුවකිරීම සඳහා ඖෂධ නොමැත. යම් දිනක ඔබ රැස් කර ගත්තාවූ අකුසල් ශක්තිය ඉස්මතු වූ විට පදවියේ සිටින වකුගඩු රෝගීන් මෙන් ඔබට ද විඳවීමට සිදුවනු ඇත. ඔබ අප හට විරුද්ධ වූ නිසාම අපට වීර්ය වැඩීමට සිදුවුයේ ආසනික් පිළිබඳව පර්යේෂණ කිරීමටත් වකුගඩු රෝගීන් සුවපත් කිරීමට කාලය ගත කිරීමටත් වඩා ඔබව ආරක්ෂා කරමින් ඔබට ප්‍රහාර ගැසීමටය. අපව අසත්‍යයයෙන් යටපත්කිරීමට උත්සාහ කරන ඔබව විනාශ නොකර මෛත්‍රී ශක්තියෙන් ආරක්ෂා කරමින් අපගේ සත්‍ය වචනය ඉදිරියට ගෙනයාමට උත්සහ කිරීම ඉතා අසීරු කාර්යක් වුව ද අපි එය එසේම කළෙමු. අද ද අපි අධිෂ්ඨාන කරන්නේ අප පිරුවාවූ පාරමී ශක්තියෙන් හෝ ඔබගේ නාමයෙහි අකුසල් යටපත්වී කුසල් සිත ඉස්මතු වී ධාර්මික මනසක් ගොඩනැගේවා යන්න යි. පන්සිල් පද කියන ඔය මුඛයෙන් බොරු නොකියවේවා යන්න යි. ඔබට ද නිර්වාණ මාර්ගය පසක් වේවා යි අදිටන් තබන මේ මොහොතේ අපගේ වීර්ය පාරමිතාව වැඩවීමට උදවු වීමෙන්, කළා වූ අකුසල් කුමක්දැයි අවබෝධඥානයට හසු වේවා යි යන්න අපගේ අදිටනයි.
අප අතින් අකුසල් නොම සිදු වේවා!
මේ රට ජාතිය ආරක්ෂා කරන සම්‍යදෘෂ්ටික දෙවිවරුන් ඔබට ද පිහිට වේවා!!

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top